
ෂේන් කීත් වෝන් නම් වූ වර්තමාන ක්‍රිකට් ලොව පුරාවෘත්තය තම ක්‍රිකට් සැරිය නිම කළ ශෝකජනක පුවතින් ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ගේ හද ගැස්ම මොහොතකට නැවතුණේ පසුගිය පස්වන සිකුරාදා ය. 1969 සැප්තැම්බර් 13 දා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද වෝනි , The King නමින් සුරතල් නමින් හැඳින්වුණු ඔහු 2022 මාර්තු 04 වැනි තායිලන්තයේ දී තම ක්‍රිකට් සැරිය නිම කරන මොහොතෙහි පනස්දෙවන වියෙහි පසුවීය.
එවැනි කෙටි ජීවිත කාලයක් තුළ ෂේන් වැනි විශිෂ්ටයකු ගේ සමුගැනීම ඇදහිය නොහැකි වූවද එය සිදු වී හමාර ය. තම නම ඉදිරියේ නොබිඳිය හැකි ලෝක වාර්තා රැසක් ම ලියා තැබූ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන්ට පසුව ය.1992-2010 කාලය තුළ මුරලි විසින් ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගන්නා කල ෂේන් වෝන් විසින් 1992-2007 කාලයේ දී ටෙස්ට් කඩුලු 708 ක් ලබා ගෙන වාර්තාවක් පිහිටුවා හමාර ය.
මෙම කඩුලු ප්‍රමාණය ඔහු ලබාගන්නේ ටෙස්ට් තරග 145 දී ඉනිම 273 ක දී පන්දු 40705 ක් යවමින් ලකුණු 17995 ක් දීමෙන් පසුව ය.ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 71 කට කඩුලු 8 ක් ලබා ගැනීමයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි මෙන්ම සිමිත ඕවර පන්දු යැවීමෙහි ද දස්කම් පා සිටි ෂේන් ගේ කඩුලු සංඛ්‍යාව 293 කි. ඉනිම 191 දී පන්දු 10642 ක් යවමින් ලකුණු 7543ක් පමණක් ලබා දෙමින් ෂේන් තම හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 33 කට කඩුලු 5 ක් දවා ගැනීම සටහන් කරයි. පිටියේ දී ෂේන් සතු කරගත් මෙම වාර්තාවන්ට අමතර ව ඔහු ගේ ක්‍රීඩා කෞශල්‍යය අගයමින් ලබා ඇති විශිෂ්ට සම්මාන ද්වයක් පිළිබඳ සටහන් කළ යුතු ම වේ. 1993 දී ෂේන් පළමුවරට අළුබඳුන තරගාවලියට සහභාගී වෙමින් මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයෙහි දී තම පළමු පන්දුවෙන් එංගලන්ත පිලෙහි මයික් ගැටිං දවාගත් පසු එම පන්දුව සියවසේ පන්දුව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කිරීම පළමු වැන්නයි.
2000 වසරේ දී විස්ඩන් සඟරාව විසින් සිය දෙනෙකුගෙන් යුත් විශේෂඥ තේරීම් මණ්ඩලයක් ලවා විසිවන සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනා තෝරා ගැනීමේ දී ෂේන් එම පස්දෙනා අතරට ඇතුළත් වීම දෙවැන්නයි.
ඔහුගේ නමට ඉදිරියෙන් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්,ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්,ශ්‍රීමත් ජැක් හොබ්ස් සිටිනා'තර ෂේන් ගේ නමට පසුව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සිටීම විශේෂත්වයකි.ෂේන් වෝන් අපේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි පුරාවෘත්තයක් සේ සැලකීමට අන් කවර සුදුසුකමක් අවශ්‍ය වේ ද කියා සිතා ගැනීමට අපහසු ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්වන ෂානරය ලෙස එකතු වූ T 20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට එක් නොවූව ද 2008 වසරේ දී ඇරැඹුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ෂේන් තම සුපුරුදු දස්කම් පාමින් තරගාවලියේ ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තුවක් නොවූ කණ්ඩායම (Under Dogs) ලෙස සැලකුණු රාජස්ථන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් කුසලානය දිනා ගැනීම ෂේන් ගේ T20 ක්‍රිකට් සැමරුම් අතර වේ.
කාලයක් කණඩායමේ සිටි ඔහු පසුව පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ක්‍රිකට් ඔහුගේ සිරුරේ අවයවයක් තරමට බද්ධ ව සිටි බැවිනි. ක්‍රීඩා විස්තර විචාරක භූමිකාවෙහි දී ද ක්‍රීඩා පිටියෙන් බහැරව දකින්නට ලැබුණු එක් කනක කරාබුවක් පැලැඳ සිටි තඹ වන් කෙස්සක් සතු වූ ආකර්ෂණීය පෞරුෂයක් සතු වූ ෂේන් යළි අපට දකින්නට නොලැබේ.
ක්‍රීඩා පිටියේ දී ප්‍රතිවාදී පිලෙහි ක්‍රීඩකයන් කෝප ගැන්වීමට සරදම් වදන් කීමට අමතරව හා නිතර ගැටුම් ඇතිකරගන්නා දඩබ්බර චරිතයක් ලෙස ෂේන් ප්‍රසිද්ධව සිටි බව නොරහසකි. එහෙත් ඔහු පිටියෙන් පිටත දී අතිශය විනෝදකාමී, සමාජශීලී හා ජනප්‍රිය ක්‍රිකට් තරු බොහෝ දෙනෙකු තුළ වූ දුම් පානය, බීර පානය වැනි පුරුදුවලට ද ඇබ්බැහිව සිටි චරිතයකි. එනිසාම ඔහුට කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූ අවස්ථා ද විණ.
2003 ලෝක කුසලාන තරගාවලිය ඔහුට අහිමි වූයේ තහනම් උත්තේජක භාවිත කළාය යන චෝදනාව නිසා ය.ෂේන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බොහෝ අවස්ථාවල තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූවා මෙන් ම නායක අර්ජුන රණතුංග හා නිතර ගැටුම් ඇති කරගත් බව ද දනිමු.1996 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ලෝකයේ විශිෂ්ටතම පා දඟපන්දු යවන්නා ලෙස විරුදාවලී ලැබ සිටි වෝන්ට එකදු ශ්‍රී ලාංකික පිතිකරුවකුගේ කඩුල්ලක් හෝ ලබා ගන්නට නොහැකි වීම දෛවයේ සරදමක් වී ද කියාත් සිතේ.
එපමණකුදු නොව ඔහුගේ පන්දු වාර 10 තුළ දී අර්ජුන
අරවින්ද ප්‍රමුඛ පිතිකරුවන් ලකුණු 56 ක් ම උදුරා ගත්තේ ෂේන්ට එකදු කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි. ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති අවසාන මහා තරග රාත්‍රියේ වෝන්ගේ පන්දුවලට අර්ජුන එල්ල කළ හතරේ හා හයේ පහර ඔහුට සදා අමතක නොවන්නට ඇත.
ෂේන් තුළ වූ ජනකාන්තභාවය නිසාම ඔහු ප්ද්ගලයකු ලෙස සහෝදර ක්‍රීඩකයන් සියලු දෙනා අතරේ ද දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් අතරේ ද නොමඳ ආදරයට පාත්‍ර වූ සුවිෂේෂී චරිතයක් වීය.ඔහු මිය ගියා ය යන පුවත සැළ වූ විගස ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා තුළ, Face Book ට්විටර්,ඉන්ස්ටග්‍රැම් ඔස්සේ සෝ ප්‍රකාශ දසදහසින් ගලා ගිය'යුරු දුටිමි.
ෂේන්ගේ වියොවට හෝරා දොළහකට පෙර වයස 74 දී මියගිය ඔහුගේ ක්‍රිකට් සගයා වූ රොඩ්නි මාෂ් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ශෝකය පළ කළ ෂේන්ට එදින ම ඔහු වෙනුවෙන් ශෝකය පළ කරන්නට සිදු වූ ඔහුට ආදරය කළ පිරිස් සොවින් පළ කළ සෝ පණිවුඩ දකින්නට නොලැබීම කෙතරම් දුක්ඛදායක සිදුවීමක් ද? ඔහු රොඩ්නි වෙනුවෙන් ලියූ පණිවුඩය අවසන් කොට තිබුණේ සමාදානයේ සැතපෙන්න මිත්‍රයා Rest in Peace Mate යනුවෙනි.ද The Guardian පුවත්පතෙහි Andy Bull සඳහන් කොට තිබුණේ ඔහු දෙතුන් වතාවක් එම පුවටහ විහිලුවක් ද කියා සොයා බැලූ බවයි.
එහෙත් එය සැබෑ පුවතකි. ඔහු තම සටහන මෙසේ අවසන් කොට තිබිණ.What a shame ? What a Shane ? අපේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයා, පුරාවෘත්තයක්,ඔබ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළෙහි ය වැනි පණිවුඩ ෂේන් වෙනුවෙන් ලියැවී තිබෙනු දුටිමි.ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රිකට් ලෝලීන් තම ක්‍රිකට් සගයාගේ දඩබ්බර ඇවතුම් පැවතුම් සිහිකරමින් ඔහු සුන්දර මිනිසකු බවත් ඔහුට ඔවුන් ආදරය බවත් සඳහන් කොට තිබිණ.මෙරට ටෙලි නාට්‍ය හා සිනමාවට, සාහිත්‍යයයට , ක්‍රිකට් ක්‍රීඩාවට, ජන මාධ්‍යයට සම්බන්ධ ජන්ප්‍රිය චරිත රැසක ගේ ම ශෝක සටහන් ඔවුන්ගෙ Face Book බිත්තිවල එල්ලා තිබෙනු දුටුවෙමි. ඒ සියල්ලෙන් ම කියැවුණේ ක්‍රීඩා පිටියේ දී කෙතරම් මුරණ්ඩු දඩබ්බර චරිතයක් ලෙස පෙනුණ ද ඔහු ඉතා සුන්දර මිනිසකු බවයි.
පළමු බිරිඳගෙන් දික්කසාද වූ විවාහයකින් ලද දරු තිදෙනෙක් ෂේන්ට සිටී. 1995 දී විවාහ වී 2005 දී වෙන් වූ කල බාල වියේ සිටි බෲක් (24) සමර් ( 19) යන දියණියන් ද ජැක්සන් ( 22) පුතු ද තම පියාගේ හදිසි වියොවින් කම්පාවට පත් වී සිටිති.
පළමු බිරිඳ සිමෝනා කැලැහැන් ද ඔහුගේ පෙම්වතියකව සිටි නිළියක වූ ලිස් හර්ලි ද ෂේන්ගේ හදිසි වියොව අදහාගත නොහැක්කක් ලෙස මවිතයට පත් ව සිටින බව කියැවේ.ඔහුගේ කුටුම්භය වරින්වර නෙක හැලහැප්පීම්වලට ගොදුරු වී ඇත්තේ ලෝ ප්‍රකට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවන අත්දැකීම්වලට වෙනස් නොවන අයුරිනි. තතු එසේ වූවත් ෂේන් වෝන් නම් විශිෂ්ටයා තුළ වූ මානව දයාව සමාජ සත්කාරී හුරු පුරුදු අපට අමතක කළ නොහැකිය. ෂේන් වෝන් 2004 මාර්තුවේ දී තම 500 වන ටෙස්ට් කඩුල්ල ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දී ලබා ගන්නේ ශ්‍රී ලංකා පිලෙහි හෂාන් තිලකරත්න ලකුණු 25 කට දවා ගනිමිනි.
තම දෙමාපියන් ගේ දෑස් ඉදිරියේ ඔහුගේ ක්‍රිකට් දිවියේ අමරණීය මොහොතට ළඟා වූ ෂෙන් තම 500 වන කඩුල්ල ලබා ගන්නේ ලොව එම වාර්තාවට හිමි දෙවැන්නා ලෙස ය. ඔහුට ගාල්ල ක්‍රීඩාංගනය මිහිරි මතක ගෙන ආ ක්‍රීඩාංගනයක් වීම අරුමයක් නොවුණු බවත් ඔහු ගාලු ක්‍රීඩාංගනය ආදරය කළ ක්‍රීඩකයකු බවත් අප දැන ගන්නේ එම වසරේ දී ම මාස කිහිපයක්ට පසු ගාලු ක්‍රීඩාංගනය සුනාමි විපතින් විනාශ වී ගිය පුවතට ඔහු දැක් වූ ප්‍රතිචාර තුළිනි.
සුනාමි විපත ඇසූ විගස ෂේන් තම සගයා මුරලි අමතා තොරතුරු විමසා හැකි ඉක්මනින් ලංකාවට එන බව පවසා තිබිණ. පිළිණ දුන් ලෙස ඔහු ගාල්ලට පැමිණ තමාගේ ජීවිතයේ මිහිරිතම මතකයට එක් වුණු ක්‍රීඩාංගනයට සිදුව තිබූ විනාශය දැක කම්පාවට පත් ව එහි පිළිසකර සඳහා මූල්‍යමය ආධාර දීමෙන් නොනැවතී විපතින් අනාථ වූ ගාලු වැසියන්ට දරුවන්ට නෙක අයුරින් පිහිට වූ බව කියැවේ.
ඒ ෂේන් වෝන් ගේ ස්වභාවයයි.දඩබ්බරයා තුළ ජීවත් වූ මිනිස්කම පිරි හදැති සුන්දර මිනිසාගේ පිළිබිඹුවයි.ෂේන් වෝන් ලෝක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයෙහි මෙන් ම ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයෙහි ද අමරණීය නමක් ලියූ විශිෂ්ටයා ය. පුරාවෘත්තය ය; සුන්දර දඩබ්බරයා ය. ෂේන්, ඔබට සුබ රාත්‍රියක් !
අරවින්ද ප්‍රමුඛ පිතිකරුවන් ලකුණු 56 ක් ම උදුරා ගත්තේ ෂේන්ට එකදු කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි. ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරග රාත්‍රියේ වෝන්ගේ පන්දුවලට අර්ජුන එල්ල කළ හතරේ හා හයේ පහර ඔහුට සදා අමතක නොවන්නට ඇත.
ෂේන් තුළ වූ ජනකාන්තභාවය නිසාම ඔහු පුද්ගලයකු ලෙස සහෝදර ක්‍රීඩකයන් සියලු දෙනා අතරේ ද දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් අතරේ ද නොමඳ ආදරයට පාත්‍ර වූ සුවිශේෂී චරිතයක් වීය.ඔහු මිය ගියා ය යන පුවත සැල වූ විගස ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා තුළ, Face Book ට්විටර්,ඉන්ස්ටග්‍රැම් ඔස්සේ සෝ ප්‍රකාශ දසදහසින් ගලා ගිය'යුරු දුටිමි.
ෂේන්ගේ වියොවට හෝරා දොළහකට පෙර වයස 74 දී මියගිය ඔහුගේ ක්‍රිකට් සඟයා වූ රොඩ්නි මාෂ් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ශෝකය පළ කළ ෂේන්ට එදින ම ඔහු වෙනුවෙන් ශෝකය පළ කරන්නට සිදු වූ ඔහුට ආදරය කළ පිරිස් සොවින් පළ කළ සෝ පණිවුඩ දකින්නට නොලැබීම කෙතරම් දුක්ඛදායක සිදුවීමක් ද? ඔහු රොඩ්නි වෙනුවෙන් ලියූ පණිවුඩය අවසන් කොට තිබුණේ සමාදානයේ සැතපෙන්න මිත්‍රයා Rest in Peace Mate යනුවෙනි.ද The Guardian පුවත්පතෙහි Andy Bull සඳහන් කොට තිබුණේ ඔහු දෙතුන් වතාවක් එම පුවතට විහිළුවක් ද කියා සොයා බැලූ බවයි.
එහෙත් එය සැබෑ පුවතකි. ඔහු තම සටහන මෙසේ අවසන් කොට තිබිණ.What a shame ? What a Shane ? අපේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයා, පුරාවෘත්තයක්,ඔබ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළෙහි ය වැනි පණිවුඩ ෂේන් වෙනුවෙන් ලියැවී තිබෙනු දුටිමි. ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රිකට් ලෝලීන් තම ක්‍රිකට් සඟයාගේ දඩබ්බර ඇවතුම් පැවතුම් සිහිකරමින් ඔහු සුන්දර මිනිසකු බවත් ඔහුට ඔවුන් ආදරය බවත් සඳහන් කොට තිබිණ.මෙරට ටෙලි නාට්‍ය හා සිනමාවට, සාහිත්‍යයයට , ක්‍රිකට් ක්‍රීඩාවට, ජන මාධ්‍යයට සම්බන්ධ ජන්ප්‍රිය චරිත රැසක ගේ ම ශෝක සටහන් ඔවුන්ගෙ Face Book බිත්තිවල එල්ලා තිබෙනු දුටුවෙමි. ඒ සියල්ලෙන් ම කියැවුණේ ක්‍රීඩා පිටියේ දී කෙතරම් මුරණ්ඩු දඩබ්බර චරිතයක් ලෙස පෙනුණ ද ඔහු ඉතා සුන්දර මිනිසකු බවයි.
පළමු බිරිඳගෙන් දික්කසාද වූ විවාහයකින් ලද දරු තිදෙනෙක් ෂේන්ට සිටී. 1995 දී විවාහ වී 2005 දී වෙන් වූ කල බාල වියේ සිටි බෲක් (24) සමර් ( 19) යන දියණියන් ද ජැක්සන් ( 22) පුතු ද තම පියාගේ හදිසි වියොවින් කම්පාවට පත් වී සිටිති.
පළමු බිරිඳ සිමෝනා කැලැහැන් ද ඔහුගේ පෙම්වතියකව සිටි නිළියක වූ ලිස් හර්ලි ද ෂේන්ගේ හදිසි වියොව අදහාගත නොහැක්කක් ලෙස මවිතයට පත් ව සිටින බව කියැවේ.ඔහුගේ කුටුම්භය වරින්වර නෙක හැලහැප්පීම්වලට ගොදුරු වී ඇත්තේ ලෝ ප්‍රකට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවන අත්දැකීම්වලට වෙනස් නොවන අයුරිනි. තතු එසේ වූවත් ෂේන් වෝන් නම් විශිෂ්ටයා තුළ වූ මානව දයාව සමාජ සත්කාරී හුරු පුරුදු අපට අමතක කළ නොහැකිය. ෂේන් වෝන් 2004 මාර්තුවේ දී තම 500 වන ටෙස්ට් කඩුල්ල ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දී ලබා ගන්නේ ශ්‍රී ලංකා පිලෙහි හෂාන් තිලකරත්න ලකුණු 25 කට දවා ගනිමිනි.
තම දෙමාපියන් ගේ දෑස් ඉදිරියේ ඔහුගේ ක්‍රිකට් දිවියේ අමරණීය මොහොතට ළඟා වූ ෂෙන් තම 500 වන කඩුල්ල ලබා ගන්නේ ලොව එම වාර්තාවට හිමි දෙවැන්නා ලෙස ය. ඔහුට ගාල්ල ක්‍රීඩාංගණය මිහිරි මතක ගෙන ආ ක්‍රීඩාංගණයක් වීම අරුමයක් නොවුණු බවත් ඔහු ගාලු ක්‍රීඩාංගණය ආදරය කළ ක්‍රීඩකයකු බවත් අප දැන ගන්නේ එම වසරේ දී ම මාස කිහිපයක්ට පසු ගාලු ක්‍රීඩාංගණය සුනාමි විපතින් විනාශ වී ගිය පුවතට ඔහු දැක් වූ ප්‍රතිචාර තුළිනි.
සුනාමි විපත ඇසූ විගස ෂේන් තම සඟයා මුරලි අමතා තොරතුරු විමසා හැකි ඉක්මනින් ලංකාවට එන බව පවසා තිබිණ. පිළිණ දුන් ලෙස ඔහු ගාල්ලට පැමිණ තමාගේ ජීවිතයේ මිහිරිතම මතකයට එක් වුණු ක්‍රීඩාංගණයට සිදුව තිබූ විනාශය දැක කම්පාවට පත් ව එහි පිළිසකර සඳහා මූල්‍යමය ආධාර දීමෙන් නොනැවතී විපතින් අනාථ වූ ගාලු වැසියන්ට දරුවන්ට නෙක අයුරින් පිහිට වූ බව කියැවේ.
ඒ ෂේන් වෝන් ගේ ස්වභාවයයි.දඩබ්බරයා තුළ ජීවත් වූ මිනිස්කම පිරි හදැති සුන්දර මිනිසාගේ පිළිබිඹුවයි.ෂේන් වෝන් ලෝක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයෙහි මෙන් ම ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයෙහි ද අමරණීය නමක් ලියූ විශිෂ්ටයා ය. පුරාවෘත්තය ය; සුන්දර දඩබ්බරයා ය. ෂේන්, ඔබට සුබ රාත්‍රියක් !
බුද්ධදාස ගලප්පත්ති