ග්‍රීන්හිල් විදුහලට ක්‍රිකට් ජයක් | සිළුමිණ

ග්‍රීන්හිල් විදුහලට ක්‍රිකට් ජයක්

මහනුවර ග්‍රීන් හිල් ජාත්‍යන්තර විදුහල හා කොලොන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති අවුරුදු 15 න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයකින් ලකුණු 24 ක ජයක් හිමිකරගැනීමට ග්‍රීන් හිල් විදුහල සමත්විය. මෙම තරග ජය සමඟ ග්‍රීන් හිල් විදුහල තරගාවලියේ තුන්වන ජය ලබා අපරාජිත තත්ත්වයේ පසුවේ. මීට පෙර ග්‍රීන්වූඩ් ජාත්‍යන්තර පාසල සහ ලුම්බිණි ජාත්‍යන්තර පාසල සමඟ පැවති තරගවලින් ජය ලබා ඇත.

ලකුණු සාරාංශය - ග්‍රීන් හිල් විදුහල (41.3 ක දී) 188 ( අයි. ඉමාඩ් 30, ටී. ෂාඩ් 24, එස්. තෙන්නකෝන් 21, එස්. වෙනුමඩේව් 20, වී. දිනාල් 20 /3, ජේ. අතපත්තු 46/2)

කොලොන්ගොඩ මැදි විදුහල ( 39.1 ක දී ) 164 (පී. මනතුංග 63, වී. දිනාල් 20, එස්. සුබාගරන් 18/2, එස් වෙනුමඩේව් 28/2, වයි. ඥානපාලන් 29 /2 )

Comments