
ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයයේ හුංගි ලෙස රඟන තිලිණි ජයමාලි
වේදිකාව ජයගත් චරිතයක් වන තිළිණි ජයමාලි මේ වෙද්දී පුංචි තිරයේ ආදරය දිනා ගන්නට සමත් වී තිබෙනවා. ඒ ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයේ හුංගි ලෙසින්. ජනප්‍රිය ධාරාවේ නිළියකගේ ස්වරූපයෙන් වෙනස් වුණ රංග රටාවක් හා රුවකට උරුමකම් කියන ඇය තරු ලක්ෂණයට වඩා චරිතාංග නිළියක් සතු ලක්ෂණ දැකිය හැකි නිළියක්. අද වෙද්දී කලා ක්ෂේත්‍රයට අවශ්‍ය වී තිබෙන්නේ ද රූපයට වඩා හැකියාවන්ගෙන් පොහොසත් නළු නිළි පරම්පරාවක්. ඒ නිසාම මේ සොඳුරු කතාබහ කවුරුත් ආදරය කරන හුංගි සමඟ
නම - තිලිණි ජයමාලි
ගම - රත්නපුරය දොඩම්ගොඩ වැලිකැටිය.
පවුලෙ විස්තර - අම්මයි, අයියයි, මමයි, අක්කයි. අපේ තාත්තා නැතිවෙන්නෙ මම හය වසරෙදි. එදා ඉඳන් අපේ අම්මා තමයි අපිව බලාගත්තේ.
පාසැල - කිරිඇල්ල මධ්‍ය මහ විදුහලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. උසස් පෙළ කළේ රත්නපුර සීවලී මහ විද්‍යාලයෙන්
කොහොමද කලාවට යොමු වෙන්නේ
මගේ අක්කා තමයි මුලින්ම කුරුවිට දෙල්ගමුව නාට්‍ය පර්ෂදයේ රඟපෑම්වලට යොමුවුණේ. මුලින්ම මම ගියේ අක්කගෙ තනියට. එතැනදී මාව දැකලා කුරුවිට දෙල්ගමුව රජමහ නාට්‍ය පර්ෂදයේ චූලා දසනායක සර් කරපු සුදු බබි සහ කළු පූසි නාට්‍යයේ ළමා නිළියක් විදිහට මාව සම්බන්ධ කර ගත්තා. එතකොට මම පහ වසරේ. ඊට පස්සෙ එැතන කරපු නාට්‍ය කිහිපයකට මම සම්බන්ධ වුණා. රඟපාන්න ආස වුණාට පස්සේ මගේ අරමුණ වුණේ නිළියක් නැටුම් ටීචර් කෙනෙක් වෙන එක. ඔය අතරේ රත්නපුර ප්‍රදේශයේම අයියා කෙනෙක් වන ලලිත් ජයසිංහ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නාට්‍ය උළෙල වෙනුවෙන් කළ පුරහද වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. ඒ රංගනය වෙනුවෙන් සබරගමුව පළාතේ හොඳම නිළිය සම්මානය මට හිමිවුණා. ඊට පස්සෙ නාමල් උඩුවාවල අයියා තරුණ සේවා සභාව වෙනුවෙන් කළ නාට්‍යවල මම රඟපෑවා. ටිකෙන් ටික කොළඹ නාට්‍ය කරන අය හඳුනගන්න ලැබුණා. ඒ හරහා වේදිකා නාට්‍යය වලට සම්බන්ධ වුණා.
වේදිකාවේ සම්මානිත වූ අවස්ථා ගැන මතක් කළොත්
2011 යෞවන සම්මාන නාට්‍ය උළෙලේ සබරගමු පළාත් හොඳම නිළිය, 2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම සහය නිළිය, 2017 යෞවන සම්මාන නාට්‍ය උළෙල අවසන් වටයේ හොඳම නිළිය, 2017 වයඹ නාට්‍ය උළෙලේ හොඳම නිළිය,2018 යෞවන සම්මාන /රාජ්‍ය නාට්‍ය උළෙල කෙටි නාට්‍ය හොඳම නිළිය නිර්දේශිත, 2019 යෞවන සම්මාන නාට්‍ය උළෙල දිගු නට්‍ය අංශය හොඳම නිළිය නිර්දේශිත, 2019 රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම නිළිය දෙවැනි ස්ථානය, 2019 දහඩිය සිත්තම් නාට්‍ය උළෙලේ හොඳම නිළිය,2020 රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම නිළිය දෙවැනි ස්ථානය.
2011 උසස් පෙළ ලියලා අවුරුදු පහකට පස්සෙ 2016 දී උසස් පෙළ කරන්න හිතුණේ ඇයි
පළමුවෙනි පාර උසස් පෙළ විභාගයට ලිව්වට මට විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මම තවත් ඉගෙන ගන්නව කියන්නේ අම්මට බරක් වෙන එක නිසා මම රැකියාවක් කරන්න හිතුවා. ඔය කාලයේ ඇඟලුම් සේවිකාවක් යන රැකියාවේ සිට ප්‍රාථමික පාසලක ගුරු සහායිකාවක් වගේ විවිධ රැකියා කළා. අවුරුදු පහක් විතර මේ විදියට ගතවන කාලය තුළ මගේ ජීවිතයේ මොනවත්ම සිද්ධ නොවෙත්දී ආයෙමත් උසස් පෙළ ලියන්න හිතුණා. ඊට පස්සෙ 2016 නැවතත් උස්ස පෙළ ලිව්වා. ඒ ලියලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. දැන් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ශිෂ්‍යාවක්.
මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ මොනවද?
ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයේ හුංගි, රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ චමිලා පීරිස්ගෙ තරුණ අවධියේ චරිතය මේ දවස්වල විකාශනය වෙන නිර්මාණ අතර තියෙන්නේ. පහුගිය දවස්වල ලේඩීස් ඔන්ලි කියල යූටියුබ් ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ එක්කම වඩිනාගල ටෙලි නාට්‍යයේ පළමු කොටස් පහළොව ඉවර කළා. තව නිර්මාණවලට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා.
මීට පෙරත් නිර්මාණවලට දායක වෙලා තියෙනවා නේද?
ඔව්. ලොකු ඉස්කෝලෙ මහත්තයා කියන ඒකාංගික ටෙලි නාට්‍යය තමා මගේ මුල්ම ටෙලි නිර්මාණය වුණේ. ඒ ටෙලි නාට්‍යයෙන් ගොඩක් රූපවාහිනී ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තා. ඒ වගේම ඒ නාට්‍යය මට විශේෂයි. නාට්‍යයේ පිටපත ලියපු තනුජා විජේවික්‍රම අක්කා මාව දැකලා තිබුණේ නැහැ. නමුත් වේදිකාවේ මගේ රඟපෑම් දැකලා තියෙනවා. එයා කිව්වා ඒ නාට්‍ය පිටපත ලියද්දි ඒ චරිතයට මං ගැනම හිතේ තියාගෙනයි ලිව්වෙ කියලා.
වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්නද අදහස
ඔව්. මම කැමති වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් ඒක ටිකක් අමාරුයි ලංකාවේ වගේ රටක. ඒ නිසා උපාධිය ලැබුවට පස්සේ රැකියාවක් ලැබුණොත් ඒ රැකියාව කරන අතරත් රංගනයේ නියැළෙන්න තමා බලාපොරොත්තුව.
ඒ කියන්නේ රංගනය අතහරින්නේ නැහැ
ඇත්තටම නැහැ. මුල් කාලයේ හිතුණා මේ කලාව දිගටම කරන්න අමාරුයි වගේ අවස්ථා. ඔඩිෂන් රැසකට ගිහින් තියෙනවා කලකිරීම් ඇති වෙලා තියෙනවා. නමුත් කාලයත් එක්ක දැන් මට විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා මේ කලාව තුළ මට යමක් කරන්නට හැකියි කියලා. ඒ නිසා වෙනත් වෘත්තියක් කළත් මම රංගනයට සමුදෙන එකක් නැහැ.
තිලිණි කියන්නේ තරු ලක්ෂණයට වඩා චරිතාංග නිළියක් සතු ලක්ෂණ තියෙන කෙනෙක්
ඔව්. මගේ බාහිර පෙනුම එක්ක ඒක හරි. අද කාලේ නිළියක් නඩත්තු කරනවා කියන්නෙ ලොකු වියදමක්. මට ජනප්‍රියත්වය නඩත්තු කරන්න සල්ලි නැහැ. ඒ නිසා සාමාන්‍ය විදිහට ඉන්නවා. මම කැමතියි විවිධ චරිත කරන්න.
ඔබ වේදිකාවෙන් උපන් කෙනෙක්
අනිවාර්යෙන්ම මම වේදිකාවට තමා අංක එක දෙන්නේ. මොන තරම් ටෙලි නිර්මාණවල රඟපෑවත් වේදිකා නිර්මාණයකින් ලබන තෘප්තිය ගන්න බෑ. දැන් අවුරුදු 2ක් විතර කොරෝනා ප්‍රශ්න නිසා වේදිකාව මගහැරුණා. ඒ ගැන තියෙන්නෙත් පුදුම දුකක්.
අක්කගේ තනියට ඇවිත් නිළියක් දක්වා ඔබ ආවා, එතකොට කෝ දැන් අක්කා
අක්කා මට වඩා දක්ෂයි. නමුත් එයා විවාහ වෙලා දැන් දරුවන් ඉන්න අම්මා කෙනෙක්. ඒ ගෘහ ජීවිතේ එක්ක වෙලාවක් නැහැ ඇයට කලාවට සම්බන්ධ වෙන්න. නමුත් මම දන්නවා අක්කා දරුවන් ලොකු වුණු කාලයක හරි අවස්ථාවක් ලැබුණොත් රංගනයට එයි.