
ජීවිතේ මහ පුදුම හමුවීමක්
සොයා ආ මඟ දුකම හිමිවූවත්
සෙනෙහසකි මේ මහා සාගරයක්
ගසා ගියමුත් නොබිඳෙනා පවුරක්
ආත්මය වී බැඳී ඇත තවමත්..
දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ මේ ගීය ගයන්නෙ නව පරපුරේ ගායක දමිත් අසංක. මේ දිනවල එම ගීය නිතර දෙවේලේ ඇසෙනවා. ජීවිතේ මහ පුදුම හමුවීමක් ගීය රචනා කළේ සමීර ප්‍රේමචන්ද්‍ර. මේ ඔහු පිළිබඳ සිළුමිණ රසඳුන කළ කතාබහයි.
මේ වනවිට ගීපද රචකයකු ලෙසට නිර්මාණ කිහිපයක්ම එළිදැක්වූ ඔහු සමාජ සේවකයෙකු ලෙසටත් ප්රකටයි.
මගේ ගම ආනමඩුව. ආනමඩුව ශ්‍රී රත්නපාල විද්‍යාලයෙන් හා අලව්ව ශ්‍රී රාහුල විද්‍යාලයෙන් තමයි මම ඉගනුම ලැබුවේ. නිවේදකයකු ලෙසින් මම කලාවට එකතු වෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ටී.වී නාළිකාවට සම්බන්ධවී කාලයක් කටයුතු කළා. තුරුණ ශක්ති සෞන්දර්ය චාරිකාවට සම්බන්ධ වුණායින් පස්සෙ ගොඩක් රසිකයන් අතරේ ජනප්‍රිය වුණා. වර්තමානයේ මම පදිංචිව ඉන්නෙ ඉතාලියේ. ඩුබායි පළමු ගුවන් විදුලිය මෙන්ම පළමු සිංහල රූපවාහිනි නාළිකාවේ මම සේවය කරනවා. ඔය අතරේ තමයි මම ගීත ලියන්න පෙලඹුණේ.
ඔබයි මමයි- අමරසිරි පීරිස්, සසරේ සුපුරුදු ප්‍රේමයක් - චන්දන ලියනආරච්චි, තුන් මන්සල ළඟ - දුමාල් වර්ණකුලසූරිය ආදී වශයෙන් මම ගීත රචනා කළා. ඉරි තැළුණු මහ පොළව නමින් මම ගීතයක් ලිව්වා. ඒක ප්‍රවීණ ගායිකා නන්දා මාලිනියයි ගැයුවේ. පසුගියදා එයත් එළිදැක්වුවා. එය පද රචකයකු ලෙස මට ලැබුණු විරල අවස්ථාවක්. මම මේ ගීත රචනා කරන්නේ හරිම ආශාවෙන්. මගේ බලාපොරොත්තුව ඉදිරියේදී ගීත සංයුක්ත තැටියක් කිරීමයි. ඒ සඳහා ප්‍රවීණ ගායක ගායිකාවන් කිහිප පළක්ම සම්බන්ධ කරගන්න මම අදහස් කරගෙන ඉන්නවා.