හැමදේම රැඳෙන්නෙ විශ්වාසය මත | Page 3 | සිළුමිණ

හැමදේම රැඳෙන්නෙ විශ්වාසය මත

මම මගේ ම සිස්ටම් එකක් හදා ගත්තා. මට තියෙනවා මගේ ම අනන්‍යතාවක්

මම ගොඩනඟා ගත් ප්‍රතිරූපයක් තිබෙනවා; ඒකට හානි වෙනවට මම කැමති නැහැ

කෙනෙක් හැඩකරන එක ලේසි දෙයක් නොවෙයි. පුංචි පුංචි අඩුපාඩු ඉවත් කරලා තවත් කෙනෙක් ලස්සන කරන්න ලස්සන ඇහැක් වගේ ම හොඳ හදවතක් තියෙන්න ඕන. මේ වන විට හැඩගැන්වීම හා වේශ නිරූපණය කලාවක් ලෙස බොහෝ දුර ඇවිත්. ඒනිසාම ඒ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගැන කතා කරන්න අද අපි සම්බන්ධ කර ගත්තේ ප්‍රවීණ .

 

කොහොමද ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ

මම 2007 වර්ෂයේ තමයි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ. මට අවශ්‍ය වුණේ ස්වාධීනව රැකියාවක් කරන්න. එහෙම ඉන්නකොට හිතුණා මගෙම දෙයක් මම කළොත් සුදුසුයි කියලා. ඊට පස්සේ මම පාඨමාලා කරමින් ඒ ගැන හැදෑරුවා. ඊට පස්සෙ ස්වයං අධ්‍යයනයකින් පස්සෙ තමයි ෆේස්බුක් යූ ටියුබ් වගේ දේවල් වලින් ක්ෂේත්‍රය සම්බන්ධ විවිධ දේවල් නරඹලා මම මගේ ම සිස්ටම් එකක් හදා ගත්තේ. මට තියෙනවා මගේ ම අනන්‍යතාවක්.

 

ඔබ වැඩ කරන්නේ තනියම. කාලකළමනාකරණය එවිට අපහසු නැද්ද?

මම ගොඩනඟා ගත් ප්‍රතිරූපයක් තිබෙනවා. එයට හානි වෙනවට මම කැමති නැහැ. ඒ නිසා මම තනිවම තමයි වැඩ සිදුකර ගන්නෙ. අවශ්‍ය වූ විටෙක ඒ අවශ්‍යතාවේ පරිමාව අනුව මම හිතවත් අයගෙන් උදව් ගන්නවා. මට ඕන අයිබ්‍රෝස් ඉඳන් වෙඩින් එක දක්වා මාව අවශ්‍ය වෙන පාරිභෝගිකයෙක්. ඉතින් ඒ වගකීම වෙන කෙනෙක් කරයි කියලා මට හිතන්න අමාරු නිසා මම තනිවම මගෙ වැඩ කටයුතු කරගෙන යනවා.

 

ඔබ අතින් හැඩවෙන්නේ බහුතරයක් කාන්තාවන්.

මේ හැමදේම රැඳෙන්නෙ විශ්වාසය මත. අපි මුලින් දකින දේ සමඟ තමයි කස්ටමර් අපිව විශ්වාස කරන්නෙ. ඒ වගේම කාන්තාවකගෙ නියම ලස්සන පිරිමියෙක්ට වඩා හොඳින් ඔප්නංවන්න පුළුවන්. පිරිමි නිර්ලෝභිව කාන්තාවක් හැඩගන්වනවා. ඒ විශ්වාසය කාන්තාවටත් තියෙනවා.

 

මේ ගමනෙ ඔබට බොහෝ අභියෝග තියන්න ඇති නේද?

මම ත්‍රිකුණාමලයේ. ඉතින් එහෙ ඉඳන් කොළඹ ඇවිල්ලා මේ ගමන පොඩි තැන ඉදන් පටන් ගත්තේ තනියම. මාව මේ ක්ෂේත්‍රයේ බොහොමයක් අය හඳුනා ගත්තෙ ප්‍රවීණ ජයාරූප ශිල්පි හිරන්ත ගුණතිලක නිසා. ඔහුට ස්තූතියි කියන්නට ඕනේ. මගෙ නම බොහොමයක් ප්‍රසිද්ධ වුණෙ පත්තර හරහා. රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් බොහොමයක් මාව හඳුනා ගන්නෙ ඒ ඔස්සේ. ඉතින් අභියෝග මැදින් ආපු ගමන තමයි මේ අදටත් ඉදිරියට යන්නෙ.

 

ඔබ රංගනය පැත්තටත් තරමක් යොමු වෙලා සිටියා නේද?

ඔව්, මම රූප රචනා කිහිපයකටම පෙනී සිටියා. රංගනයටත් ආරාධනා ලැබුණා. නමුත් කාර්යබහුලත්වය මත මට එම අවස්ථා ලබා ගන්න බැරි වුණා. ඉදිරියේදී බලමු.

 

මේ ගමන එන්නට අතහිත දුන් බොහොමයක් ඇති

මුලින්ම මතක් කරන්න ඕන මගේ ආදරණීය දෙමාපියන් මගේ සහොදරියන් තුන්දෙනා. ඒ වගේම මගේ මිතුරා දයාරත්න තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න පාර කපන්නේ. අමානි, අරුණ මගේ ආදරණීය මිතුරන් දෙදෙනා මට කවදත් ශක්තියක්. ඒ වගේම නවකයන්ට වඩා ප්‍රවීණයන් මාව අගය කරනවා.

 

ඔබ නවකයන්ට දෙන පණිවිඩය කුමක්ද?

කවුරුත් දෙයක් දෙනකම් ඉන්නෙ නැතුව අපි ම හොයාගෙන වෙහෙස මහන්සි වෙලා ඉගෙන ගෙන අපිම අපිටම අනන්‍යතාවක් ගොඩ නඟා ගන්නවා නම් ඒක ගොඩක් වටිනවා. එතකොට අපිට ගොඩක් දුර ගමනක් යන්නත් පුළුවන්.

 

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments