
ගීතාලංකාරය : ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
මා පැතූ පැතුම්
පාසලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ
ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතය ඔබේ නෙතින්
හෙළු බැලුම් ප්‍රියේ
ගී පද :- කරුණාරත්න අබේසේකර
සංගීතය :- සරත් දසනායක
ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
මගේ හිත දශක හතරක් ඈතට දිව යනවා. කලාවක් ඇඟේ නොතිබ්බ මං උසස්පෙළට තෝරා ගත්තේ ජීව විද්‍යා අංශයයි. මට එපාම කරපු විෂය තමයි භෞතික විද්‍යාව. මම ඒක ගොඩක් තැන්වල කියල තියෙනවා. දැන් ඔබටත් කියනවා. අවුරුදු 18 කොල්ලකුට මොන තරම් හැඟීම් ඇතිවෙන්න පුළුවන්ද? වැඩිහිටියන් මොනවා කීවත් ඒ තමයි හොඳම වයස.
මං දවසක් සමිතා නෝනට සින්දුවක් ලිව්වා කවුරුවත් අහල නැති වුණාට.
“ඔබේ දෑස් දෑසටහාව කරකවන්නේ මේ පැත්තට අපැහැදිලිද ඔය තරමට මගේ දර්ශනේ මහත්වරුණි ඔහොම තමයි භද්‍ර යෞවනයේ”
ටියුෂන් හරියට නොගියත් මගේ භෞතික විද්‍යා ගුරුවරයා තමයි මොහාන්ලාල් ග්‍රේරු. මං දවසක් පන්තියට යනකොට සර් පන්තිය පටන් අරගෙන තිබුණේ. උගන්වන්නේ අලෝකය පාඩම. මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ආලෝක කිරණ එනවා. ප්‍රිස්ම අතරින් යනවා. දේදුනු මැවෙනවා. උත්තල කාචවලට එක විදිහයි. අවතල කාචවලට එක විදිහයි. පැය තුනක් මේ පන්තියේ ඉන්න එක වාතයක්. කවි ලියන්න දන්නවද දන්නේ නෑ. මං ඒ පන්තියේ හිටපු ලස්සනම කෙල්ලට කවියක් ලීවා.
භෞතික විද්‍යාව පන්තියේ ඉන්නකොට ඔබේ ඇසේ ආලෝකය පෙනේ මට අවතල මගේ දෑස් උත්තල වී එවිට ප්‍රතිබිම්බය වුණා ඔබ මගේ ඇස් දෙකට
මට මේක තනියම විසඳගන්න බැරි වුණා. මට මේක උඩින් හරි කෙල්ලගේ බංකුවට දාන්න ඕන වුණා. බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් මම ඉගෙනගත්ත සියලුම ශිල්ප මම පාවිච්චි කළා. ඒත් මට වැරදුණා. මට හරස් වුණේ උඩ තිබ්බ ෆෑන් එක. ඒ ළමයගේ අල්ලපු බංකුවේ හිටපු ළමයගේ ඔළුවේ ඒක වැදුණා. සර් ඒක දැක්කා. සර් මාව පන්තියෙන් එළෙව්වා. ඒ ශාලාව අතුගාලා නැත්නම් මගේ ප්‍රථම ප්‍රේමය තවමත් එතන ඇති.
ඊට පස්සේ මම ඇස්වාට්ටුව හන්දියේ තෝස කඩයකට ගියා. ලිව්වා ලියුමක් කෙල්ලට. පන්ති ඇරිලා යනකොට කෙල්ලට ඒ ලියුම දුන්නා. ඒ කෙල්ල ඒක ඉරලා විසිකරලා දැම්මා. එදා රෑ අවංකවම මම කෑවේ නෑ. විද්‍යා විෂය අතහරින්න මං තීරණය කළේ එදා. මං පහුවෙනිදා කවියක් ලිව්වා. ඒ කවිය තැටිගත වුණේ අවුරුදු 40කට පස්සේ. ඒත් ඒක කවුරුත් අහල නෑ.
“මගේ කවිය ඉරා දැමූ කුමරියේ
තව කවියක් ලියා එවන්නම්
බිම නොදමා කියවනවා නම්
ඒ ඒ කාලේ හිතපු හැටි. මං හිතනවා ඒ කාලේ අපි හරිම අහිංසකයි කියලා. අනුරාගය උපදින්නේ පස්සේ. ඒ කාලේ තිබුණේ අහිංසක ප්‍රේමණීය හැඟීමක් විතරයි.
ඊට පස්සේ ඒ කවියට තව කවියක් මම එකතු කළා.
“සඳ ළඟ තරු දෙකක් වගේ
ඔය ඇස් දෙක
මගේ දිහාවට හැරිලාවත්
නොබලන
සුළඟ දිගේ පාවී යයි
නිල් වරලස
වැරදීමෙන්වත් මගේ සියොළඟ
නොහැපෙන
මිල්ටන් මල්ලවාරච්චි මේ ගීතය ගයන හැම වෙලාවකම මං මගේ අතීතයට යනවා. හැබැයි ගීතය වෙන තැනක. මං වෙන තැනක. ඒත් ඒක මගේ කරගන්න පුළුවන්.
“පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ....”
එතන පොඩි වැරැද්දක් තියෙනවා. ඔබ මා දිහා නෙත් කොනින් බැලුවේ නෑ. ඒත් මම ඔබ දිහා නෙත් කොනින් බැලුවේ නෑ. ඒත් මම කණ්ණාඩි දාලා තිබුණු නිසා ඇස් හතරින් බැලුවා. ඔය සියලු දේවල් මතක් වෙනකොට මට මිල්ටන්ගේ සින්දුවක් මතක් වෙනවා. නමුත් ඒ ගීතයත් මමත් අතර ආරෝහණ හෝ අවරෝහණ සම්බන්ධයක් නෑ. ඒත් මං ඒ ගීතයට ආදරෙයි.
දැන් ඉන්න කොල්ලෝ ලියන්නේ අමුවට. ඒත් උන්ටත් අපි ආදරෙයි.
“ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
හෙළූ බැලුම්
ප්‍රියේ...”
මේ කිසිඳු ගායකයෙක් ගායිකාවක් තමන්ගේ ටියුබ්වලට හුළං ගහගත්තේ නැත. ශ්‍රී ලංකාවාසී රසිකයන් ඔවුන්ගේ ටියුබ්වලට හුළං ගසා ඇත.
ඊළඟ පරපුර පිටුපස බැලිය යුතුය.
එවිට මහා දැවැන්ත සෙවණැලි ඔවුන්ට හමුවනු ඇත. ඇතැම්විට එවැනි සෙවණැලි ඔබට අදාළ නොවනු ඇත. ඒ සෙවණැලි පාගාගෙන ඔබට ඉදිරි ගමනක් නැත.
කඳුළු අතරින් සිනාසුණු
මිනිසුන් අතරින් එකෙකි ඔබ
රැකියාවකට එහා ගිය
සේවයක් කළ එකෙකි ඔබ
මිණි මුතු ගෙලට බැන්දට
කෙසේ අගයන්නට ද ඔබ
මිනිසුන් සොයන දේශෙක
හමු වූ සැබෑ මිනිසෙකි ඔබ