
මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මට ලැබෙන නිර්මාණයට හා චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න; ක්ෂේත්‍රයේ කොතරම් කාලයක් ඉන්නවාද කියන දේ තාම තීරණය කරලා නම් නෑ
අධ්‍යාපන කටයුතු නිසාත් මම කාර්යබහුලයි
ඇය නිපුනි පූජිත ගුණවර්ධනය. පානදුර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඇය දැනට කැලණිය සරසවියේ දෙවන වසරේ රංගනය පිළිබඳ උපාධිය හදාරන බාහිර ශිෂ්‍යාවකි. එසේම අතිශය ජනප්‍රියත්වයට ලක් වූ "අන්සතු ඔබ " ගීතයේ රූප රචනාවට සම්බන්ධ වන්නේද නිපුනිය. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වුණු එ් ගීතයෙන් පසුව නිපුනිව මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඔස්සේ ද දකින්නට ලැබෙයි.
මේ දිනවල වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල මම ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ පුහුණුවීම් සහ නාඩගම්කාරයෝ නාට්‍යයේ රූගත කිරීම් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ප්‍රධාන වශයෙන් ඒ වැඩකටයුතු තමයි සිදු වෙන්නෙ.
නිපුනිට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි?
හිතුවට වඩා ධනාත්මක ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මම බලාපොරොත්තු නොවුණ ආකාරයට ප්‍රේක්ෂකයන් මේ චරිතය වැලඳගෙන තියෙනවා ඒ ගැන ගොඩක් සතුටුයි.
මේ දක්වා කළ චරිත වලින් ඔබ කැමතිම චරිතය කුමක්ද?
මම රංගනයෙන් දායක වුණ හැම චරිතයක්ම මට විශේෂයි. හැබැයි ඒ චරිත අතරින් මම සහභාගි වුණ ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ එමලී කියන චරිතයට මම කැමතියි. එමලිගේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. කෙටි කාල සීමාවකදි ඒ චරිතයේ විවිධ වයස් පරතර නිරූපණය කරන්න ලැබුණ නිසා.
ඔබ කැමති ප්‍රේක්ෂකයන්ගෙ හිතේ මතක හිටින චරිතයක් වෙලා හැකිතාක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නද?
මම හිතන විදිහට ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය කියන්නේ හැමදාම රඳවා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳීම තීරණය වෙන්නේ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට ලැබෙන ඒ නිර්මාණය හා ලැබෙන චරිතය තුළ කොතරම් දුරට ජීවත් වෙනවාද හා ඒ චරිතයට කොතරම් සාධාරණයක් ඉෂ්ට කරනවාද යන්න මතයි. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මට ලැබෙන නිර්මාණයට හා චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න; ක්ෂේත්‍රයේ කොතරම් කාලයක් ඉන්නවාද කියන දේ තාම තීරණය කරලා නම් නෑ
රංගන ජිවිතේ රසවත් අමතක නොවන සිදුවීම් බොහොමයක් ඔබට ඇති නේද?
අනිවාර්යෙන්ම ඔව්. නාඩගම්කාරයෝ නාට්‍යයේ මට ස්කූටර් එකක් පදින්න වෙනවා, මම කලින් ස්කූටර් පැදපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා ගොඩක් බයෙන් තමයි මේ අභියෝගේ බාර ගන්නේ. ඉතින් දවසක් නොහිතූ විදිහට බයික් එක මගේ අතින් රේස් වුණා; එදා මම ටිකක් බය වුණා. ඒක තමයි අමතක නොවන අත්දැකීම.
ප්‍රවීණයන් සමඟ වැඩකටයුතු කිරීමේදි නිපුනිට ලැබුණ අත්දැකීම් කොපමණ වැදගත් වුණා ද රංගන වැඩකටයුතුවලට?
ඔව්, ඇත්තටම මෙහෙමයි, ඒ ගැන කතා කළොත් වෘත්තීය මට්ටමින් රංගනයට දායක වන ආකාරය සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගන්න හැකි වුණා සහ රංගනය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ගැන දැන ගන්න ලැබුණා.
ඔබට නැවත සිනමාවට ආරාධනා ලැබුණෙ නැද්ද?
ඒ ලෙවල් චිත්‍රපටයෙන් පසුව මට ආරාධනා ලැබුණා. නමුත් මගෙ අධ්‍යාපනය නිසා ඒ අවස්ථාවල් මග ඇරුණා. මම පුංචි තිරයටත් කැමතියි. නමුත් මම ගොඩක්ම කැමති සිනමාවට.
සැබෑ ජිවිතේ නිපුනි මොන වගේ චරිතයක්ද?
සැබෑ ජීවිතයේ දී මම ඉතාම සරල චරිතයක්. පිටින් බලන කෙනෙකුට ඒ බවක් නොපෙනුණාට ඇත්ත වශයෙන්ම මම සරල සාමාන්‍ය කෙනෙක්. පවුලේ අයත් එක්ක වැඩිපුරම කාලය ගත කරන කෙනෙක්.
ඔබේ අනාගත බලාපොරොත්තු කොහොමද?
ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවත් එක්කම රංගනය පැත්තෙන් හැකිතාක් දුරට අත්දැකීම් ලබාගන්න හා මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා