
වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගියත් ඔබ අපස්මාර රෝගියකු නම් වෛද්‍යවරයාව දැනුම්වත් කරන්න
අපස්මාර රෝගී කාන්තාවක් දරුඵල අපේක්ෂා කරන කාලයෙදී වැඩි අවදානයෙන් සිටිය යුතුය
මෙම රෝගය වැලඳී විට අසල සිටින අය රෝගියාට යකඩ දීම, මුඛයට යකඩ දැමීම වැනි ක්‍රියා සිදු කරයි. වෛද්‍ය මතය වන්නේ එය වැරදි ක්‍රියාවක් බව
ඇතැම් අවස්ථාවල ඔබට මෙම අත්දැකීම ඇති. නැතිනම් ඔබ දැකලා ඇති. හදිසියේම ඇඟපත ගැස්මක්, ක්ලාන්තය දැමීම, බිය ගැන්වී ගල් වීම වැනි ආසාමාන්‍ය සිදුවීම් කිහිපයකි. මෙවැනි ලක්ෂණ සහිත රෝගයක් ලෙස අපස්මාරය හඳුනාගත හැකිය. අපස්මාරය ගැන නොදන්නා තතු විමසීම සඳහා මෙවර වෛද්‍ය හමුවට අප හා සම්බන්ධ වූයේ අම්පාර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය ආශා කුමාරසිරි ය.
නවතම විද්‍යාත්මක පර්යේෂණ අනුව ජනගහනයෙන් 3%ක් අපස්මාරය රෝගයෙන් පෙළෙයි. අපස්මාරය යනු එපිලෙප්ස් (Epilepsy) යන ස්නායු රෝගයයි. අපගේ මොළයේ සෑම ඉරියව්වක්ම පාලනය වනුයේ විද්යුත් තරංග මඟින්. මොළයේ පවතින සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වීම අපස්මාරයයි. රෝගය පැතිරීමේදී මොළයේ කුඩා ප්‍රදේශයකට හෝ මොළය පුරාම රෝගය පැතිරෙන අවස්ථා ද පවතී.
මෙහිදී මූලික රෝග ලක්ෂණ ලෙස ශරීරය ගැස්මක්ඇති වීම, සිහි නැතිව වැටීම, සෙම ගැලීම, යම් ක්‍රියාවක නිරත වී සිටින අතරතුර හදිසියේ එම ක්‍රියාව නවතා ගල් ගැසී මෙන් බලා සිටීම, ඔබ නොදැනුම්වත්වම ඔබේ අතපය විසි වීම, අමුතු දැනීමේ වෙනස්කම්, මනසේ සිතුවිලි වෙනස් වීම, අධික ලෙස කෑ ගැසීම, දිවීම, මානසික අවපීඩන ආදී තත්ත්ව දැකිය හැකිය.
වෛද්‍යවරුන් පවසන්නේ අපස්මාරය රෝගය විවිධ හේතු මත වැලඳෙන්නක් බවය. ජානමය හේතු (ඇතැම් අවස්ථාවල පරම්පරාවට නැතත් ඔබේ ජානවල වෙනස්කම් හේතු වේ), මොළයේ උණ, මොළයේ ආසාදන, ශරීරයේ අයනවල වෙනස්කම් අපස්මාරය රෝගයට හේතු වේ.
අපස්මාරය රෝගයේදී රෝග විනිශ්චය අනෙක් රෝගවලට වඩා වෙනස් ය.රෝගියාට රෝගය වැලඳී අවස්ථාවෙ සිදුවීම දුටු පුද්ගලයා දෙන තොරතුරු මෙහිදී ඉතා වැදගත් ය. එමඟින් වඩා නිවැරදිව රෝගී මට්ටම් හඳුනා ගැනේ. මීට අමතරව EEG පරීක්ෂණය ද රෝග විනිශ්චයට යොදා ගැනෙයි. රෝගයට ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගයට හේතුව සෙවීම ද, මේ රෝග තත්ත්වයේදී විශේෂ අවධානය යොමු කරන කරුණකි. රෝගී හේතුව මත ප්‍රතිකාර ආරම්භ කෙරේ. බොහෝවිට ජානමය තත්ත්ව හේතු වූ රෝගීන්ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමට සිදු වේ.
අපස්මාරය රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමේදී ලබාදෙන ඖෂධ සංකූලතා නැතිනම් අතුරු ආබාධ ඇති වීමට ඉඩකඩ පවතී. මානසික ගැටලු, මහත් වීම, මානසික අවපීඩන වැනි තත්ත්ව බහුතරයක් රෝගීන්ගෙන් දක්නට ලැබෙයි. ඒ නිසා ඔබ අපස්මාරයට ප්‍රතිකාර ගන්නා රෝගියකු නම් සැලකිලිමත් වන්න. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගියත් ඔබ අපස්මාර රෝගියකු නම් ඒ බව වෛද්‍යවරයාව දැනුම්වත් කරන්න. ඔබේ අපස්මාර රෝග වෛද්‍යවරයාට ද ඔබට ඇති අනෙක් රෝග ගැන දන්වා තබන්න. නැතිනම් විවිධ ඖෂධ එකවර ශරීරගත වීමෙන් වෙනත් දරුණු සංකූලතාවන්ට ද ගොදුරු විය හැකිය.
විශේෂයෙන් තරුණ කාන්තාවන්ට වෙනස් වූ ඖෂධ රටාවක් පවතී.තරුණ අවදියේ පසුවන කාන්තාවන් බහුතරය දරුඵල අපේක්ෂාවෙන් සිටී. එවැනි රෝගීන්ට ඒ ඒ කාලවලදී ඖෂධ ගැළපෙන පරිදි වෙනස් කර ලබා දේ. තරුණ අපස්මාරය රෝගී කාන්තාවක් දරුඵල අපේක්ෂා කරන කාලයෙදී වැඩි අවදානයෙන් සිටිය යුතුය. මනා උපත් පාලන ක්‍රමයක් පවත්වා ගනිමින්, වෛද්‍යවරයා අනුමත කරන නියමිත කාලයෙදී එම ක්‍රියාවලියට යොමු කරයි. අපස්මාරය රෝගයට ගන්නා ඇතැම් ඖෂධ කලල වලට හානි කිරීමට ඉඩකඩ ඇත. එබැවින් කාන්තා ඔබ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය. ගර්භණී අවදියෙදී ද නිතර ඔබගේ වෛද්‍යවරයා මඟින් දැනුම්වත් වන්න.
අපස්මාරය රෝගය 80%ක් පමණ රෝගීන්ව රෝගී තත්ත්වයෙන් පාලනය කිරීමට හැකිය. එසේ රෝගය පාලනය කිරීමට නොහැකි රෝගීන්ට වෙනත් ක්‍රම භාවිත කරයි. වර්තමානයේ නවීන තාක්ෂණය එයට රුකුලක් වී ඇත. ජාතික රෝහලේ එවැනි රෝගීන් සඳහා ඒ තාක්ෂණ යොදාගෙන සැත්කම් කිරීමට පහසුකම් සලසා ඇත.
නිවැරදිව දිනපතා ඖෂධ ගන්න. උස් ස්ථානවලට නැඟීමේදී සැලකිලිමත් වන්න. දිය නෑම වැනි ක්‍රියාකාරකම්වලදී ප්‍රවේසම් වන්න.
අපස්මාරය රෝගය නිවැරදි ප්‍රතිකාර, රෝගියාගේ උනන්දුව මත පාලනය කරගත හැකි රෝගයකි. ඇතැම් අවස්ථාවල මෙම රෝගය වැලඳි විට අසල සිටින අය රෝගියාට යකඩ දීම, මුඛයට යකඩ දැමීම වැනි ක්‍රියාවන් සිදු කරයි. වෛද්‍ය මතය වනුයේ එය වැරදි ක්‍රියාවක් බවයි. එවැනි දෑ සිදු කිරීමෙන් වළකින්න.
විශේෂයෙන් රෝගය වැලඳි අවස්ථාවකදී රෝගියා වම් මොළයට හරවා පපුවේ සෙම පෙනහලුවලට යාමට නොදෙන්න. පිටතට බැහැර වන්න ඉඩ සලස්වන්න. විනාඩි 5කට වඩා වැඩි කාලයක් රෝගී තත්ත්වයේ සිටී නම් වහාම රෝහලට රැගෙන යන්න. නිවැරදිව නියමිත කාලයන් දක්වා ප්‍රතිකාර ගත් විට අපස්මාර රෝගයෙන් ඔබට පාලනය විය හැකිය. ඉන් ජීවිත හානි හෝ අවධානම් අවස්ථාවන්ගෙන් මිදීමට ද හැකි වේ.