
1984 වසරේ සිට විවාහක කාන්තාවන් සඳහා ලොව පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලියක් වන ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය මෙවර පැවැත්වුණේ 35 වැනි වරටයි. එය 2022 ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ දී පැවැත්විණ.
කොරෝනා වසංගතය ඇතුළු විවිධ බාධාකාරී හේතු නිසා මෙවර තරගාවලිය නියෝජනය කළේ රටවල් 57 කි. එහි අවසන් තරගාරියන් තිදෙනා අතරට අමෙරිකාව, උගන්ඩාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කළ තරගකාරියන් තිදෙනා සුදුසුකම් ලබාගත් අතර එහිදී ඇමරිකානු තරගකාරිය වූ 37 හැවිරිදි ෂෙලින් ෆෝර්ඩ් සිය ම රටේදී කිරුළ දිනාගත් අතර, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුශූරතාවන් පිළිවෙළින් ලබාගන්නා ලදී. අවසන් හය දෙනා අතරට එන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා සමත් වීම අප ලද ජයග්‍රහණයකි.
මෙම අවසන් තරගයට යාම සඳහා ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තේරීමේ තරගය පසුගිය වසරේ පැවති අතර එය විශාල කතාබහක් ඇති කරන්නට සමත්වූ බව නොරහසකි. ඒ එහිදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාට පැලඳි කිරුළ ගැලවීම හා යළි කිරුළු පැලඳීම ලෝකයේම මාධ්‍ය අතර පුවත් මවන්නට සමත් වීම හේතුවෙනි. ඒ හේතුවෙන් ඊට පෙර 2020 වසරේදී ලෝක කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරිට කිරුළ අහිමිවන්නට ද එය හේතුවිය. මෙවර කිරුළ පලඳන්නට නියමිතව තිබුණේ පෙර ජයග්‍රාහිකා වූ ලංකාවේ කැරොලයින් ජූරි අතින් වුවත් ගිය වසරේ සිදුවූ සිද්ධියෙන් පසුව එම කිරුළ 2020 අනුශූරිය වූ අයර්ලන්තයේ කේට් ශ්නයිඩර් ට කිරුළ හිමිවිය. ඒ නිසා අයර්ලන්තයේ කේට් ශ්නයිඩර් විසින් මෙවර රැජින කිරුළ හිමිකරගත් ෂෙලින් ෆෝර්ඩ් හට කිරුළ පැලඳවීය.
කෙසේවෙතත් අවසානයේ මෙරට විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා එම තරගයට සහභාගී වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය ද මෙවර කිරුළට හිමි වී තිබීම විශේෂත්වයක් විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරට විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා තරගාවලියේ අවසන් හයදෙනා අතරට සුදුසුකම් ලැබීය.
කිරුළ දිනු ෂෙලින් ෆෝර්ඩ් 1984 මාර්තු 20 වැනි දින එක්සත් ජනපදයේ ඔහියෝ හි Granville හි ක්‍රිස්තියානි පවුලක උපත ලබා ඇත. ඇයගේ උස 5'9ක් වන අතර හිසකෙස් වර්ණය දුඹුරු වේ. අක්ෂි වර්ණය නිල් වේ. ඇගේ පියාගේ නම මාර්ක් විලියම් වන අතර ඇගේ මවගේ නම මෙලිසා ෆර්ගියුසන් ය. ඇයට බාල සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඇගේ සහෝදරය වන්නේ සංගීත ශිල්පියකු වන Landon Tewers සහ Micah Tewers ය. ඇගේ සහෝදරියගේ නම මිකාරා ටිවර්ස් ය.
2003 සිට 2004 දක්වා එක්සත් ජනපදයේ ඔහියෝ හි ෆින්ඩ්ලේ විශ්වවිද්‍යාලයට ඇතුළත් ව උපාධිය ලබා ඇති අතර පසුව 2006 දී ඇය එක්සත් ජනපදයේ ඔහියෝ හි පෙරිස්බර්ග් හි Summit Salon Academy හි රූපලාවණ්‍යය විද්‍යාව පිළිබඳ බලපත්‍ර පාඨමාලාවක් හදාරා තිබේ.
ෂෙලින් ෆෝර්ඩ් 2004 මාර්තු 20 වෙනිදා ඇය එක්සත් ජනපදයේ වන් පල්ලියක ප්‍රධාන දේවගැතිවරයකු ලෙස සේවය කරන ග්‍රෙග් ෆෝඩ් සමඟ විවාහ වී ඇති අතර මෙම යුවළට හඩ්සන් ෆෝඩ් සහ මයිල්ස් ෆෝඩ් බාලම නමින් පුතුන් දෙදෙනෙක් සහ එලා ෆෝඩ් නම් දියණියක් සිටිති.
ඇය පසුගිය වසරේ නොවැම්බර් 19 වැනි දින Mrs America කිරුළ දිනාගෙන ඇත. ඇය වෘත්තියෙන් වේශ නිරූපණ ශිල්පිනියක් සහ කොණ්ඩා මෝස්තර ශිල්පිනියකි. වර්තමානයේ ඇය Shaylynford.com වෙබ් අඩවියේ වෘත්තීය කොණ්ඩා මෝස්තර ශිල්පිනියක් ලෙස කටයුතු කරයි. නිරූපිකාවක් ලෙස ඇයගේ නිරූපණ වෘත්තියේදී ඇය විවිධ රූපලාවණ්‍ය තරග සඳහා ද සහභාගී වී ඇත.
එමෙන්ම ඇය විශේෂ අවශ්‍යතා සහිත පවුල් සඳහා සිය ස්වේච්ඡා සේවා ඇතුළු විවිධ ජනහිතකාමී ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ලබයි.