
උපත් පාලන ඖෂධ ගැනීමෙන් පසු නැවත ඔබ දරුවකු අපේක්ෂා කරන්නේ නම් එයට මෙමඟින් බාධාවක් හෝ කිසිදු බලපෑමක් නැත
මෙම ඖෂධ භාවිතයේදී ඇතැම් කාන්තාවන්ට වමනය, හිසරදය, කරකැවිල්ල වැනි සාමාන්‍ය සංකූලතා තත්ත්ව ඇති විය හැකි වුවත් එයට අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ
උපත් පාලනය පිළිබඳ කාන්තාවන් වර්තමානයේ බෙහෙවින් සවිඥානකිය. එහෙත් ඒ පිළබඳ නිවැරදි හා ක්‍රමවත් දැනුමෙන් බොහෝ දෙනෙක් සන්නද්ධ නැත. එනිසා සිළුමිණ රසඳුන වෙතින් මෙවර කාන්තා ඔබ දැනුම්වත් කිරීමට අප පෙලඹුණේ උපත් පාලන ඖෂධ පිළිබඳ ව ය. ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මෙහිදී සිය දැනුම අප හා බෙදා ගත්තේ ය.
උපත් පාලනය කියන්නෙ වර්තමානයේ බහුලවම සාකච්ඡාවට බඳුන් වෙන කරුණක්. නමුත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් බොහෝදෙනා තුළ නැත. ඇතමුන් මෙම උපදෙස් ගැනීමට පවා ලජ්ජාශීලී වේ. මොකද්ද මේ උපත් පාලනය කියන්නෙ. එහි සරල අර්ථය නම් අනපේක්ෂිත අවස්ථාවක ගැ බ්ගැනීම වැළක්වීමයි. ඒ අනුව මෙම උපත් පාලන ඖෂධ මඟින් සිදු කරනුයේ දරු පිළිසිඳ ගැනීම කල් දැමීමයි. මෙම ඖෂධවල ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් අඩංගු වී ඇත. ඇතැම් උපත් පාලන ඖෂධවල ඊස්ට්‍රජන් තිබෙන ප්‍රමාණය අඩු වැඩි වේ. නමුත් ප්‍රොජෙස්ටරෝන් එකම ප්‍රමාණයක් අඩංගුව පවතී. එහෙත් සංයුතිය වෙනස් වීමට හැකිය.
උපත් පාලන ඖෂධ මඟින් සිදු කරනුයේ මූලික ක්‍රියාකාරිත්වයේ තිබෙන ඩිම්බයක් මාසිකව පිටවීම වැළැක්වීමයි. එවිට දරු පිළිසිඳ ගැනීමට පවතින අවස්ථාව අඩු වී යයි.
උපත් පාලන ඖෂධ භාවිතයට ගන්නෙ කොහොමද?
ඔබ මේ මොහොතේ දරු ප්‍රසූතියක් බලාපොරොත්තු නොවේ නම් මෙය උපකාර කර ගත හැකිය. කුමන කාලයේදිද, කෙතරම් කල් උපත් පාලන ඖෂධ ගන්නවාද යන්න ඔබ තීරණය කළ යුතුය. ඒ අනුව මාසයේ ඕනෑම දවසක මෙම උපත් පාලන ඖෂධ ගැනීම ආරම්භ කළ හැකිය. ඇතැම් අවස්ථාවල එම පෙත්ත මඟ හැරුණහොත් ඊළඟ දිනයට පෙති දෙකක් ගන්න. පසු දිනයේ සිට නැවත පෙති එක බැගින් ගන්න. මෙම කාල චක්‍රය තුළදී පෙති දෙකකට වඩා ගැනීමට නොහැකි වුවහොත් එම මස තුළ පවුල් පාලන ශක්තිය ගිලිහී යයි. මෙම උපත් පාලන ඖෂධ මඟින් පවුල් පාලන ශක්තිය ලැබීමට දින දහයක් පමණ ගතවන බවද වෛද්‍යවරුන් පවසනවා.
ඒ වගේම ඔබ විවාහ වී දරුවන් අපේක්ෂා කරන කාලය අනුව මෙම ඖෂධ ගැනීමේ කාලයන් තීරණය කළ හැකිය. තවද උපත් පාලන ඖෂධ ගැනීමෙන් පසු නැවත ඔබ දරුවකු අපේක්ෂා කරන්නේ නම් එයට මෙමඟින් බාධාවක් හෝ කිසිදු බලපෑමක් නොමැත.
මෙහිදී හෘදය රෝගවලින් පෙළෙන කාන්තාවන්, අධික තරබාරු කාන්තාවන්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන් ද මේ උපත් පාලන ඖෂධ ලබා ගැනීම සුදුසු නැත. තවද ඉරුවාරදය, අක්මා ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින කාන්තාවන් මෙම ඖෂධ නොගැනීමට වගබලා ගත යුතුය. වැදගත් කරුණක් ලෙස ගර්භණී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන්, යෝනි මාර්ගයෙන් අක්‍රමවත්ව රුධිරය වහනය වන කාන්තාවන්ද මෙම ඖෂධ ලබා ගැනීමෙදී වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එනම් ඔබ උපත් පාලන ඖෂධ ගැනීමට පෙර මෙවැනි රෝග අවදානමක් ඔබට ඇතිදැයි සොයා බැලීම වැදගත්. එවැනි රෝගවලින් පෙලෙන කාන්තාවන් මෙම උපත් පාලන ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. නැතහොත් අවදානම් රෝගී තත්වයන් ඇති වීමට ඉඩකඩ පවතී.
උපත් පාලන ඖෂධ ගැනීමේ වාසි මොනවද?
පවුල් පාලන ක්‍රම අතුරින් වඩා ආරක්ෂිතම ක්‍රමයක් ලෙස උපත් පාලන ඖෂධ හඳුන්වයි. මෙය ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙදී කිසිදු බාධාවක් ඇති නොකරයි.
මාසික ඔසප් වීමත් සමඟ ඇතිවන උදරයේ වේදනා හා අසාමාන්‍ය රුධිර වහනයන් අඩු වීම මෙමඟින් සිදු වෙයි. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා වැලඳීම ද මේ ඔස්සේ අවම වෙයි.
එනම් මෙම උපත් පාලන ඖෂධ නිවැරදි වෛද්‍ය උපදෙස් හා නිවැරදි මාත්‍රාවකින් භාවිතයට ගත යුතුය. සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල එවිට ලබාගත හැකිය. මෙම ඖෂධ භාවිතයෙදී ඇතැම් කාන්තාවන්ට යම් අපහසුතාවන් ඇති වීමට හැකිය. වමනය, හිසරදය, කරකැවිල්ල වැනි සාමාන්‍ය සංකූලතා තත්ත්ව ඒ අතර වේ. ඊට අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවද වෛද්‍යවරුන් පවසයි.