කලාකරුවන් රැල්ලට යන පිරිසක් බවට පත් වෙලා ගී පද රචක නුවන් ප්‍රියංග හපුහෙට්ටි | සිළුමිණ

කලාකරුවන් රැල්ලට යන පිරිසක් බවට පත් වෙලා ගී පද රචක නුවන් ප්‍රියංග හපුහෙට්ටි

ඔහු නමින් නුවන් ප්‍රියංග හපුහෙට්ටි ය. මුලික අධ්‍යාපනය බප මතු ක/ඉගුරැදලුව කනිෂ්ඨ විද්‍යාලය හා උසස්පෙළ අතලේ මහ විද්‍යාලයේ හැදෑරූ ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙදහස් දහතුන දෙදහස් දා හතර වර්ෂයේ ය. වෘත්තියෙන් ආරක්ෂක අංශයේ සේවය කරන ඔහු සංගීතය විෂයයක් ලෙස ජීවිතයට එකතු කර ගන්නේ ඔහුගෙ කාර්යබහුල ජිවිතයට මානසික තෘප්තියක් ලෙසිනි.

ඔහුගේ පළමු ගීත රචනාව ඔහු නම් කරන්නෙ නිවනට යන්නට (අම්මා) යනුවෙනි. මෙයට ගායනයෙන් දායක වන්නෙ ජනක කැටපේආරච්චිය. එසේම සංගීතය සපයන්නෙ නව පරපුරේ සංගීත සුසංයෝජකයකු වන ශාන් චතුරංගයි. බොහො ප්‍රතිචාර ලබමින් ප්‍රචාරය වුණු මේ ගීතය නිසා නුවන් ප්‍රියංගට නව මාර්ගයකට යොමු වන්නට හැකි විය.

එසේම ඔහු ගීත කිහිපයක්ම නිර්මාණය කළ අතර අප්පච්චි යනු ඔහුගේ තවත් නිර්මාණයකි. එහි ගායනය රසික සංජීව විසින් සිදු කරන අතර සංගීතය සපයන්නේ ශාන් චතුරංග විසිනි. එසේම තවත් ප්‍රතිචාර ලබමින් විකාශනය වුණු ගීතයක් ලෙස ප්‍රේම සිත ගීතය හැඳින්විය හැකිය. එයට ගායනයෙන් දායක වන්නේ නව පරපුරේ ගායක චාමර ලක්ශිත වන අතරට ප්‍රවීණ ජනප්‍රිය සංගීත ශිල්පියකු වන ලක්ෂ්මන් හිල්මි සංගීතය සපයයි. එයින් නොනැවතුණු නුවන් තවත් පද හරඹයක් සිදු කරන්නේ සිහින මන්දාරමේ යනුවෙනි. එයට ද ගායනයෙන් සම්බන්ධ වන්නේ චාමර ලක්ශිත වන අතර ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සමන් කුමාර සංගීතය සපයයි. නෙතුමානෙ යනු ඔහු විසින් රචිත තවත් ගීතයක් වන අතර චාමර ලක්ශිත හඩ මුසු කරන අතර වාසල බංඩාර සංගීතය සපයයි. එසේම ගමආරච්චි ලෙස වෙනස් ආකාරයක ගීතයක් නිර්මාණය කරන ඔහු එයට ගායනයෙන් එකතු කරගන්නෙ යුධිත් ලෝචන ගායන ශිල්පියා වන අතර ලක්ෂ­්මන් හිල්මි විසින් සංගීතය සපයයි.

ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය වීමසීමේදී නුවන් ප්‍රියංග දයාබරව මතක් කර සිටියේ ශාන් චතුරංග, ලක්ෂමන් හිල්මි, සමන් කුමාර ඒවගේම වාසල බණ්ඩාර ඉන්ද්‍රජිත් දොලමුල්ල යන කලාකරුවන් ඔහු ආදරණීයව මතක් කළ අතර ඔහුගේ ගීත රචනාවලට ප්‍රධාන වශයෙන් උදව් ලබා දෙන්නෙ ශිරන්ත ප්‍රගීත් නම් ආදරණීය ගේය පද රචකයා බව ද ඔහු හෘදයාංගවම මතක් කර සිටියේය.

එසේම වර්තමානයේ ගී පද රචකයකුට ආර්ථික වශයෙන් ශක්තිමත් විය හැකි වතාවරණයක් ලංකාවේ තිබේදැයි විමසු විට නුවන් ලබා දුන්නෙ මෙහෙම පිළිතුරක්.

"ඉස්සර ගීත රචකයා හොයාගෙන ගායන ශිල්පියා එනවා අද එහි අනිත් පැත්ත. ගීතයක නියම වටිනාකමක් ඇගයීමක් අද අඩුයි. මිනිස්සු කාර්යබහුල වෙලා; ගීතයක රසයක් විඳින්න ක්‍රමයක් නැහැ. ගුවන් විදුලි නාළිකා තෝරා බේරා ගැනීමක් නැතිව තමයි ප්‍රචාරය කරන්නේ ගීත.

දක්ෂ අලුත් පරපුරක් වෙනුවට රැල්ලට යන පිරිසක් බවට කලාකරුවන් පත් වෙලා. මම හර්ෂ බුලත්සිංහලගෙ we did it global ආයතනයේ ලියාපදිංචි වුණා. එයින් ගීත රචකයාට හිමි ගණනක් අය කරලා අපිට ගෙවනවා එම ආයතනය මඟින්.එහෙම දෙයක් තමයි ලැබෙන්නෙ. නැතිනම් අපට තිබෙන්නෙ ගීත අයිතිය පමණයි.

ඒ වගේම ඔහු ඔහුගේ බොහෝ ගීතවලට වස්තුබීජ කර ගන්නෙ ඔහුට ලැබුණු අත්දැකීම් ය. නුවන් රචනා කළ ගීත වලින් බොහෝවිට ජනතාව අතර ප්‍රසිද්ධ වී තිබුණේ ප්‍රේම සිත සහ ගමආරච්චි ගීතය ගීතයි. එසේම නිවනට යන්නට ගීතයත් බොහොමයක් ප්‍රතිචාර මැද විකාශනය වී තිබුණු බව නුවන් පවසා සිටියෙ ආඩම්බරයෙනි.

ඔහුගේ අනාගත බලාපොරොත්තු තමන්ගේම ගීත ඇල්බමයක් කිරීමට බව ඔහු පැවසුවේ ඉතා ආදරණීය ව ය.

සචිනි බස්නායක

Comments