ශරීරය ම සුවපත් කරන සම්බාහනය ගැන නොදත් දෑ දැනගන්න | සිළුමිණ

ශරීරය ම සුවපත් කරන සම්බාහනය ගැන නොදත් දෑ දැනගන්න

මසකට වරක්වත්  ශරීර සම්බාහනයක්  කර ගන්න

කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ දේවල්වලට ශරීර සම්බාහනයකින් ලැබෙන ප්‍රතිඵල බොහොමයි

දියවැඩියාව සහිත අයට ලේ ගමනාගමනය පවා පහසු වෙන්න සම්බාහනය වැදගත් වෙනවා

නිරෝගීමත් ශරීරයකට නිරෝගිමත් දිවි පැවැත්මකට යොදා ගත හැකි විවිධ රහස් රසඳුන රූ රහස් ඔස්සේ අපි ඔබට ගෙන එන්නෙමු. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නෙ සම්බාහනය පිළිබඳවයි. ලාංකේය සමාජයේ සම්බාහනය පිළිබඳ විවිධ මත මතු වන්නේ ඔවුන්ට ඒ පිළිබඳ දැනුම අවම වීම නිසයි යනුවෙන් සමහර විටෙක මෙම ලිපිය කියවන ඔබට තේරුම් යාවි. බොහොම දීර්ඝ ඉතිහාසයක් තිබෙන සම්බාහනය විදෙස් රටවල් වල නම් ඉතා ජනප්‍රියයි. ඉතින් නිරෝගී දිවියක් පවත්වා ගැනීමට සම්බාහනය කොතරම් වැදගත් ද යන්න අද රූ රහස් ඔස්සේ ඔබව දැනුම්වත් කරන්නෙ ඩුබායි, නෙදර්ලන්ත, මාලදිවයින සහ සිංගප්පුරුව වගේම ශ්‍රී ලංකාවේද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

 

අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නෙ වෙනස්ම මාතෘකාවක් වන සම්භාහනය පිළිබඳවයි. මේ ගැන බොහෝ දෙනෙක් කතා කළත් අත්විඳ තිබෙන අවස්ථා අඩුයි. සම්භාහනය කියූ පමණින් අපේ ලංකාවේ මිනිසුන්ගේ මුහුණ අමුතු වෙනවා. ඒත් ඒ නොදන්නා කමටයි. විශේෂයෙන් SPA කියලා රට පුරා තිබෙන ව්‍යාජ සම්භාහන මධ්‍යස්ථානවලින් කෙරෙන දේවල් නිසා මිනිසුන්ගෙ සිතේ මේ සම්භාහනය පිළිබඳ එතරම් සැලකිල්ලක් නැහැ. ඈත අතීතයේ සිටම පැවත එන මෙම සම්භාහන ක්‍රම මඟින් සිදුවන්නෙ ශරීරයේ යම් පටකයක්, තද කිරීම, රිද්මයානුකූලව තෙරපීම හා පිරිමැදීමයි.

සම්භාහනයෙන් ලැබෙන ප්‍රයෝජන වන්නේ මේවා ය.

 

ඔසප් වීමේදී ඇගේ ඇතිවන වේදනාවට

කෙණ්ඩ පෙරළීමට

අධික තරබාරුවට

මානසික ආතතිය තිබෙන අයට

ඇගේ විඩාවට

නින්ද යන්නෙ නැති අයට

සම පැහැපත් කර ගැනීමට

සම මෘදු කර ගැනීමට

 

සම්බාහනය කිරීම ඉතා වැදගත් ය.

අපි ඊළඟට බලමු කොහොමද සම්පූර්ණ ශරීරය සඳහා සම්භාහනයක් එක් කර ගන්නෙ කියලා.සම්බාහනයකදි විශේෂයෙන්ම අත් දෙක, පිට ප්‍රදේශය, කකුල් සහ බඩ ප්‍රදේශය තමයි සම්බාහනය කරන්නෙ අපි. සම්බාහනය කරන ක්‍රම තිබෙනවා.

 

එක් ක්‍රමයක් නම් අත් දෙක දිග ඇර හොඳින් අත්දෙක ශරීරයට තබා සම්බාහනය කිරීමයි.

අනෙක් ක්‍රමය නම් ශරීරය පොඩි කරමින් මිරිකමින් කරන සම්බාහනය කිරීමයි.

තවත් එක් ක්‍රමයක් නම් අතමිට මොළවා කරන සම්බාහනය කිරීමයි.

තට්ටු කිරීමෙන් සම්බාහනය කිරීමද තවත් එක් ක්‍රමයකි.

 

ඇත්තටම සම්පූර්ණ එකක් අපිට තනියම කරගැනීමට නොහැකිය. ආයූර්වේදයට හෝ SPA එකකට ගොස් සම්පූර්ණ සම්බාහනයකට සිදු කර ගැනීම සුදුසුයි. අපි කකුල් සම්බාහනය කිරීමේදී ද ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි වගේම යටිපතුල් සම්බාහනය කිරීම ලෙඩ බොහොමයකට සුවගෙන දෙයි.

ඒ වගේම ශරීර සම්බාහනයකින් ඔබේ රුව පැහැපත් වන බව ඔබ දන්නවාද? ශරීර සම්බාහනය අතීතයේ සිංහල වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ ක්‍රියාවලියකි. ඇත්තටම ශරීර සම්බාහනයක් මසකට වරක් ලබා ගැනීමත් බොහොම සුදුසුයි.

ඒ වගේම බොඩි ස්ටීම් බාත් එකක් භාවිත කිරීම සුදුසුයි. ස්ටීම් බාත් එකකින් සිදු වන්නෙ අපි මුහුණ ස්ටීම් කරනවා වගේ මුළු ඇඟම ස්ටීම් කිරීම මඟින් අපේ ශරීරයේ රෝම කූපන් විවෘත වී ශරීරයේ විස පිට කරනු ලබනවා. ඒ ක්‍රියාවලියෙදි අපේ හම පැහැපත් වනු ලබනවා. අනවශ්‍ය මේදය පවා ස්ටීම් බාත් එකෙන් ඉවත් කරනවා.

ස්ටීම් බාත් එකකින් එළියට පැමිණි පසු සම පවා පැහැපත් වනු ලබනවා. ස්ටීම් බාත් එකක් සමඟ ශරීරය ස්ටීම් එකක් මාසෙකට යොදා ගන්න හැකි නම් ඇත්තටම වටිනවා. සමේ සුන්දරත්වයට මෙය බොහෝ වශයෙන් ඉවහල් වෙනවා. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ දේවල්වලට ශරීර සම්බාහනයක් බොහොම හොඳයි. ඒ වගේම දියවැඩියාව සහිත අයට ලේ ගමනාගමනය පවා පහසුයි. ශරීරය, මනස සුවපත් වෙන්න ශරීර සම්බාහනය බොහොමයක් උදව් වෙනවා.

සම්බාහන ක්‍රම වලින් ලැබනවා යැයි දක්වා ඇති ප්‍රතිලාභ ගැන ලොව පුරා වෛද්‍ය විද්‍යා සහ සම්බාහන කාර්යයයේ නියුතු අය අතර ඇත්තේ යම් මත ගැටුමක්. එහෙත් විකල්ප වෛද්‍ය ක්‍රම අතරට ගැනෙන සම්බාහන ක්‍රම ආදියෙන් ලැබෙන ප්‍රතිඵල බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නිසි පරිදි ඔප්පු කරගත නොහැකි යැයි ද ප්‍රබල මතවාදයක් පවතිනවා.

කෙසේ වෙතත් අපගේ කාර්යබහුල ජීවන රටාවේ සම්බාහනය යනු ඉක්මන් සැහැල්ලුවක් සිතට මෙන්ම ගතට ද ලබාගත හැකි මාහැඟි ක්‍රමවේදයක් බව මෙම ලිපිය කියවන ඔබට තේරුම් යයි.

Comments