නත්තල් සාහිත්‍යය පොබ කළ ජනප්‍රිය ලේඛිකාවෝ 5ක් | Page 3 | සිළුමිණ

නත්තල් සාහිත්‍යය පොබ කළ ජනප්‍රිය ලේඛිකාවෝ 5ක්

නත්තල් සමය වසරේ සුවිශේෂී කාල වකවානුවකි. නත්තල් ඇසුරු කර ගනිමින් හා කිතුනු ප්‍රබන්ධ සාහිත්‍ය යටතේ වර්ග කළ හැකි 2020 වසරේදී පාඨක ලෝකයේ ජනප්‍රිය වූ කෘති රචනා කළ ලේඛිකාවන් 5 දෙනෙක් මෙහි දැක්වේ. ඔවුන් රචනා කළ සෙසු කෘති ද ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති අතර මින් කිහිප දෙනෙක් ම වැඩියෙන් ම අලෙවි වූ කෘති රචනා කළ ලේඛිකාවන් ය.

කිතුනු සාහිත්‍යයේ අතීතයට ගමන් කරන විටද පාඨක ලෝකයේ අවධානයට හා ආකර්ෂණයට ලක්වූ කෘති රචනා කළ ලේඛිකාවන් හමු වේ.

ඔබේ රුචිකත්වය අනුව නත්තල් තෑගි අතරට පොතක් ද එක්කළ හැකි නම් තෑග්ගේ වටිනාකම තවත් වැඩිවනු ඇත.

 

ජේ.කේ. රෝලින්ග්

ජේ.කේ. රෝලින්ග් ගේ හැරී පොටර් කතා මාලාවේ සෑම කෘතියක් පාහේ නත්තල් නිවාඩු සමය ඇසුරු කරගනිමින් රචනා වී ඇත. ඒ අතරින්, HARRY POTTER AND THE PRISONER OF AEKABAN වඩාත් විශේෂ ය. එය එම කතා මාලාවේ තෙවැන්නය. සිරියස් බ්ලැක් පාඨකයාට පළමු ව හමුවන්නේ ද මේ කෘතියෙනි.

රෝලින්ග් ගේ කෘති ලොව වැඩිම අලෙවියක් ඇති කෘති අතර තිබේ. ඇය ලොව ධනවත්ම ලේඛිකාවන් අතර ද ඉදිරියෙන් සිටී. ඇයගේ කෘති සිනමා ලෝකයේ ද ජනප්‍රියය. එම පාඨක ප්‍රජාව ලොව පුරා විහිදී සිටී.

ඇතැම් විචාරකයන්ට අනුව හැරී පොටර් කතා මාලාවේ එන හොඳම කෘතිය THE PRISSONER OF AEKABAN ය. ඒ චරිත පිළිබඳ එල්ල වූ විවේචන ද සමඟ 2003 – 2004 සමයේ දී එය තහනමකට ද ලක්විය.

 

ඩෙබී මැකොම්බර්

ඩෙබී, NEW YORK TIMES මෙන්ම USA TODAY ද වැඩි ම අලෙවියක් ඇති කෘති රචනා කළ ලේඛිකාවන් අතර තබා ඇත.

ඇයගේ STARRY NIGHT නවකතාව නත්තල් සමය පසුබිම් ව රචනා වූවකි. එය කිතුනු සිනමා පටයක් බඳු යැයි ඇතැම් විචාරකයෝ කියති. කතාව ගලා යන්නේ පුවත්පතක සංස්කාරකවරයෙක් සහ තීරු රචිකාවියක වටා ය. සමකාලීන ඇමෙරිකානු සාහිත්‍යයේ ඇයගේ කෘති බොහොමයක් වර්ගීකරණය කර ඇත්තේ ප්‍රේම වෘතාන්ත වශයෙනි. ඇතැම් කෘති ඇසුරින් රූපවාහිනී නාට්‍ය ද නිර්මාණය වී ඇත. MR. MIRRACLE ද නත්තල් සමය පසුබිම්ව ලියැවී ඇති අතර IT’S BETTER THIS WAY, WALK ALONG THE BEACH වැනි කෘති ද ඇයගේ නිර්මාණ වේ.

 

ක්‍රිස්ටීන් හැනා

ක්‍රිස්ටීන් හැනා ගේ FLY AWAY නවකතාව NEW YORK TIMES වර්ගීකරණය වැඩිම අලෙවියක් ඇති කෘතීන් අතරට අයත් ය. නත්තල් පසුබිම්ව ඇය රචනා කළ COMFORT AND JOY නවකතාව නූතනයේ සුරංගනා කතාවක් බඳු යැයි ඇතැම් විචාරකයෝ පවසති. ප්‍රේමය, ධෛර්යය, වීරත්වය වැනි බොහෝ මාන ඔස්සේ පාඨකයා එය වැලැඳ ගනී.

WINTER GARDEN, THE NIGHTINGALE, THE GREAT ALONE වැනි කෘති ඇයගේ වඩාත් ජනප්‍රිය වූ නවකතා අතර තිබේ. නවකතා 20කට වඩා ඇය රචනා කර ඇත. එමෙන්ම සම්මානලාභී ලේඛිකාවකි.

 

එලීන් හිල්ඩර් බ්‍රෑන්ඩ්

අමෙරිකානු ලේඛිකා එලීන් හිල්ඩර් බ්‍රෑන්ඩ්ගේ WINTER STREET කෘතිය නත්තල් සමය ප්‍රේමයෙන්, හාස්‍යයෙන් සහ යථාර්ථයෙන් ද පිරවීමට සමත් කෘතියක් ලෙස USA TODAY හඳුන්වා දෙයි. එය නත්තල් කතා 4කින් සමන්විත ය. මේ කෘතිය මඟින් එලීන්, ක්වින් පවුල පාඨක ලෝකයට හඳුන්වා දේ. ඇයගේ බොහෝ කෘති ප්‍රේමය පසුබිම්ව රචනා වී ඇති නවකතා ය. ඒ අතර, WINTER PARADISE, 28 SUMMERS GOLDEN GIRL වැනි කෘති තිබේ. මේ වන විට නවකතා 27ක් රචනා කර ඇත.

 

අනිටා හියුර්

ඕස්ට්‍රේලියානු ලේඛිකා අනිටා හියුර්, THE NEW YORK TIMES සහ USA TODAY විසින් වැඩි ම අලෙවියක් ඇති කෘති රචනා කළ ලේඛිකාවන් අතර තබා සිටී. ඇයගේ CHRISTMAS IN LONDON නවකතාව නත්තල් නිවාඩු සමය පසුබිම්ව රචනා වී ඇත. ඇය රචනා කළ CHRISTMAS IN VERMONT නවකතාව ද සිනමාවට නැඟී තිබේ. CHRISTMAS IN PARTS, ROME IN LOVE, MARKET STREET ආදී කෘති ගණනාවක් ම ඇයගේ නිර්මාණය ය.

 

 

 

 ධම්මික සෙනෙවිරත්න

Comments