
අතේ, යටිපතුල්වල, මුහුණේ වගේම මුඛයේ සහ ලිංගික ප්‍රදේශවලත් ඉන්නන් හටගන්න පුළුවන්
ඔබ නිෙවසේදී සිදුකරන අත්බෙහෙත් මඟින් ප්‍රධානම හානිය සිදුවන්නෙ ඔබගේ සමටයි
සමහර ඉන්නන් ඉබේම ඉවත් වන අතර, එසේ නැතිනම් වෛද්‍යවරයකුගේ මාර්ගයෙන්, පළපුරුදු රූපලාවණ්‍යගාරයකට ගොස් ඉවත් කරගත හැකියි
ශරීරයට අවලස්සනක් ගෙන දෙන එසේම බොහොමයකට ඉතා පීඩාකාරී ලෙස මනසට ද බලපාන රෝගී තත්ත්වයක් ලෙස ශරීරයේ හට ගන්නා ඉන්නන් හැඳින්විය හැකියි. මෙය බෝ නොවන නමුත් වයිරසමය රෝගී තත්ත්වයක් වන අතර එක් අයකුගෙන් තවත් අයකුට හෝ තමන්ගේම ශරීරයේ විවිධ ප්‍රදේශවලට පහසුවෙන් පැතිර යාමේ වැඩි ඉඩකඩක් වැඩිය. ඉන්නන් පිළිබඳ කතා කිරීමට අද රූ රහස් ඉඩහසර වෙන් වන අතර; මේ පිළිබඳ උපදේශන සපයන්නේ ඩුබායි නෙදර්ලන්තය සිංගප්පුරුව සහ මාලදිවයිනෙහි මෙන්ම ශ්‍රී ලංකාවෙහිද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ආරෝෂි කෞශල්‍යා හේරත් ය.
බොහෝ දෙනෙකුට තිබෙන ඉතා කරදරකාරී ගැටලුවක් ලෙස මුහුණෙහි නැත්තම් බෙල්ලෙහි ඇතිවන ඉන්නන් හඳුන්වන්නට පුළුවන්. මේ ඉන්නන් හටගනු ලබන්නෙ සමේ සහ ශ්ලේෂ්මල පටලවල ඇතිවන ආසාදන තත්ත්වයක් නිසාවෙනුයි. වයස් භේදයක් නොමැතිවම හටගන්නා මෙම ඉන්නන් සෑදෙන්නෙ ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසාවෙනි.
එමෙන්ම වයිරස මඟින්ද ඉන්නන් ඇතිවන අතර බොහෝවිට ඉන්නන් ඇතිවනු ලබන්නෙ රළු මතුපිටක් සහිත සමක ප්‍රමාණයෙන් කුඩා ගැටිත්තක් ලෙසයි. මුලින්ම මෙය සමේ පාටට දකින්නට ලැබුණත් පසු කාලයේදී අඳුරු පැහැයක් ගනියි. ඒ වගේම අතේ, යටිපතුල් වල, මුහුණේ වගේම මුඛයේ සහ ලිංගික ප්‍රදේශවලත් ඉන්නන් හට ගැනීමේ ඉඩකඩ වැඩිය.
ඉන්නන් යනු මැරුණු චර්ම සෛල කිහිපයක් එකට එකතු වී සෑදුණු දෙයකි.එසේම සමහර ඉන්නන් ඉබේම ඉවත් වන අතර නැතිනම් වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් නැතිනම් පළපුරුදු රූපලාවණ්‍යාගාරයකට ගොස් ඉවත් කරගත හැකිය. බොහෝ දෙනෙකු ඉන්නන් පිලිස්සීමට පුරුදු වී තිබෙන බව ඔබත් මමත් දන්නා කරුණක්.
බොහෝවිට ඉන්නන් පුලුස්සන්නට යෑමේදී ඉන්නන් පරීක්ෂාවට ලක් කර පිලිස්සීමට ලක් කරනු ලබයි. සමහර ඉන්නන් පිලිස්සු පසු තිබුණාටත් වඩා වර්ධනය වීමේ ඉඩකඩ වැඩිය. ඉන්නා පිලිස්සීමේදී සම ළඟටම පිලිස්සිය යුතුය. නැතිනම් භාගෙට එය ඉවත් කළොත් නැවත වර්ධනය වේ. ඒ වගේම ඉන්නාගේ සම මතුපිටින් සේම සම ඇතුළත ද කොටසක් තිබේ.
ඒ නිසාම සම්පූර්ණයෙන්ම එය ඉවත් කළ යුතුය. තවත් විටෙක සමහර අයට ඉන්නන් සිට කලක් යනවිට එය නැතුව යා හැකිය. එයට හේතුව අපගේ ශරීරයේ ඇතිවන වයිරස් එකක් නිසා මෙම ඉන්නන් හට ගන්නා නිසාය. ඉන්නන් ඇතිවීමට හේතුවන වයිරසය human papillomavirus or HPV විදියට හඳුන්වනු ලබනවා.
එකවරම තරබාරු වීම සහ ශරීරයට හිරවන ලෙස ඇඳුම් පැලඳුම් ඇදීම මෙන්ම ගර්භණී මවකට සුදුසුකම් ලැබීමේදී ඉන්නන් ඇති වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙනවා. ඇතැම් ඉන්නන් වර්ග මානව පැපිලෝමා වයිරස වැනි රෝගී තත්ත්ව ඇති කිරීමටද හේතු විය හැකි නිසා අසාමාන්‍ය ලෙස ඉන්නන් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න. එසේම කිසිම විටෙක ඉන්නන් නියපොතුවලින් නොකඩන්න.
ඊළඟ වැදගත්ම කාරණය ඔබ මේ සඳහා අත්බෙහෙත් නොකරන්න. බොහෝ විට සියයට අනූනමයකටම ඉන්නන් තිබෙනවා. ඉන්නන් නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම හෝමෝන වෙනස්වීම්වලදීත් ඉන්නන් ඇතිවනවා.ඒ වගෙම සමාජ රෝගවලදීත් ඉන්නන් හට ගන්නවා.
ඒ ඉන්නන් පිලිස්සීමකට ලක් කරන්න අමාරුයි. මක්නිසාදයත් ඒ ඉන්නන් හට වෛද්‍ය උපදෙස් අනිවාර්යයි.
ඉතින් මටත් හැකියි මේ වෙලාවේ මේ ලිපිය කියවන ඔබට මේ අත් බෙහෙත් නිවසේදීම සිදු කරන්න යනුවෙන් පවසන්න. නමුත් සුදුසුම දේ ඔබ රූපලාවණ්‍යාගාරයකට යන්න නැතිනම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු මුණ ගැසෙන්න. නැතිනම් ඔබ නිවසේදී සිදුකරන අත්බෙහෙත් මගින් ප්‍රධානම හානිය සිදුවන්නෙ ඔබගේ සමට නිසාවෙන් අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගන්න.