
පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික රග්බි තරගාවලිය මෙම මස 31 වැනි දා දක්වා පැවත්වේ. ඒ කාණ්ඩ 6ක් යටතේ ය.
මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 52 ක් තරගාවලියට එක්ව සිටී. බස්නාහිර පළාතෙන් කණ්ඩායම් 22 ක්, මධ්‍යමින් කණ්ඩායම් 8 ක්, වයඹෙන් පාසල් කණ්ඩායම් 7 ක්, සබරගමුව පළාත වෙනුවෙන් කණ්ඩායම් 5 ක් හා දකුණු පළාතෙන් කණ්ඩායම් 8 ක් මෙවර තරගාවලියට එක්ව සිටී.
තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනු-වත් කිරීමේ උලෙළක් පසුගිය දා පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කොවිඩ් අර්බුදය සමඟ දේශීය වශයෙන් ක්‍රීඩාවේ විශාල පසුබෑමක් දක්නට ලැබුණු බවයි.
'කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් හෝ ජාතික තලයේ කිසිදු ක්රීඩකයකුට ක්‍රීඩාවේ නියැළීමේ අවස්ථාවක් තිබුණේ නෑ. විශේෂයෙන් රග්බි පමණක් නොවෙයි සැම ක්‍රීඩාවක් ම මේ නිසා පසුබැස්මකට ලක්වුණා. කෙසේ නමුත් අපි ක්‍රීඩාව තුළින් යම් යම් ජයග්‍රහණත් අත්පත් කර ගත්තා.' යැයි මෙම අවස්ථාවට රැස්ව සිටි මාධ්‍ය අමතා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ ඔහු,
'පහතට වැටුණු පාසල් ක්‍රීඩාව නැවත නඟා සිටුවන්න නම් සියලු පාසල් ක්‍රීඩා නැවත ආරම්භ කළ යුතුයි. ඒ සඳහා මේ වන විට සියලු වැඩ කටයුතු සම්පාදනය කරලයි තිබෙන්නේ. සත් සාමාජික රග්බි තරගාවලියෙන් ඇරැඹෙන එම වැඩපිළිවෙල කොට්ඨාස, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පවත්වා ඉදිරියට රැගෙන ගොස් ජාතික තලයට දක්ෂ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි එසේ තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා වගේම ඔවුන්ව අන්තර්ජාතික තරග සඳහා යොමුකොට ජාත්‍යන්තර තරග අත්-දැකීම ලබාදීමටත් අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කරලයි තිබෙ-න්නේ.
අන්තර් ජාතික පදක්කම් දිනාගැනී-මේ ක්‍රියාවලිය මහේල ජයවර්ධන මහතාගේ මුලිකත්වය ඇතිව ක්‍රීඩා කවුන්සිලය හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සත් සාමාජික රග්බි ක්‍රීඩාව අපට රටක් වශයෙන් අන්තර් ජාතික ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි තරග කාණ්ඩයක් කියා. ඇත්තටම පාසල් තුළ රග්බි
ක්‍රීඩාව මේ වන විටත් ප්‍රචලිතයි. නමුත් තව එය ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ නිසා මම කියන්නේ සත් සාමාජික රග්බි තරගාවලි තුනක් වත් වසරකට සංවිධානය කළ යුතු බවයි. එවිට ක්‍රීඩකයන්ගේ උනන්දුව ද ඉහළ යනවා. එමගින් සිදුවන්නේ පළාත් මට්ටමින් දක්ෂයන් තෝරාගැනීම සඳහා අව-කාශය උදාවන එකයි.
අපි මේ වැඩ පිළිවෙල සෙසු කණ්ඩායම් ක්‍රීඩාවල දී ත් උපයෝගී කර ගන්නවා.
මම විශ්වාස කරන ආකාරයට දින දෙකේ ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් එක්දින සංචිතයක් තේරීම ප්‍රායෝගික නෑ. ඒ වගේම තමයි එක් සත් සාමාජික තරගාවලියක් පවත්වා පූර්ණ රග්බි තරගයකට ජාතික කණ්ඩායම නම් කිරීම හෝ සත් සාමාජික ජාතික කණ්ඩායම නම් කිරීම ප්‍රායෝගික නෑ. මොකද ඒ තරග රටාවන් දෙකක් නිසා. කාලය ට පෙර අපිට කාල්ටන් රග්බි තරගාවලිය සංවිධානය කරද්දී අපේ රග්බි ක්‍රීඩාව ආසියාවේ දෙවැනි තැනට ඔසවා තබන්න හැකි වුණා. දැන් යළි නව ක්‍රමවේදයක් තුළින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද උපකාරය ඇතිව නැවතත් රග්බි ක්‍රීඩාව ආසියානු මට්ටමින් නඟා සිටුවිය යුතුයි,' යැයි ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.
ගීෂා මුණසිංහ