
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩ බලන උපදේශක, ප්ලාස්ටික් හා ප්‍රතිසංස්කරණ ඒකකයේ වෛද්‍ය රන්දිල් ද අල්විස්
අද වනවිට වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු ය. ශරීරයේ ඕනෑම හානි වූ බාහිර අවයවයක් හෝ නැවත ප්‍රතිසංස්කරණ කර යථා තත්ත්වයට පත් කිරීම, වෙනස් කිරීමට හැකියාව පවතී. එනම් ක්‍රි.පූ.800කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියයි. ප්ලාස්ටික් ශල්‍යකර්ම වෛද්‍ය ප්‍රතිකාර ගැන සිළුමිණ රසඳුන ඔබ වෙනුවෙන් ලියන්නට හිතුවේ වර්තමානය වෙන විට එය බෙහෙවින් උපයෝගීතාවෙන් යුතු හා ජනප්‍රිය එකක් වීම නිසයි. මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීමට අපි රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩ බලන උපදේශක, ප්ලාස්ටික් හා ප්‍රතිසංස්කරණ ඒකකයේ වෛද්‍ය රන්දිල් ද අල්විස් ව හමු වුණෙමු
ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ හැඳින්වීමෙදී plastic යන ග්‍රීක වචනයෙන් එය සැදී ඇත. හැඩ හා ගොඩ නැංවීමේ කලාව යන්න එහි සරල අර්ථයයි. මෙම ශල්‍යකර්ම මඟින් සිදු කෙරෙන කාර්යයන් ප්‍රධාන අවස්ථා 3ක් යටතේ සඳහන් කළ හැකිය.
1.Restoration (යථා තත්ත්වයට පත් කිරීම)
2.Reconstruction (නැවත ගොඩනැගීම )
3.Allertions (තිබෙන දෙයක් වෙනස් කිරීම) යන අවස්ථා ඔස්සේ අවශ්‍ය පරිදි සිදු කර ගැනීමට හැකිය. මේවා තවදුරටත් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කොට සරලව හඳුනා ගැනීමට පුළුවන.
ඒ යටතේ Reconstruction හෙවත් නැවත ගොඩ නැංවීමේ ශල්‍යකර්ම
සහ Cosmatic එනම් රූපලාවණ්‍ය සඳහා සිදු කරන ශල්‍යකර්ම ලෙසිනි.
අද අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ Reconstruction නැතිනම් නැවත ගොඩ නැංවීමේ ශල්‍යකර්ම පිළිබඳවයි. මේ යටතේ අපගේ ශරීරයේ අවයව අනුව ශල්‍යකර්ම නම් කර ඇත.
1. Hand surgery -
අත් ශල්‍යකර්ම
මෙහිදී ඇඟිලි හා අත් තුවාල වීම, ඒවාගේ බලනහර හා ස්නායු යන අස්ථි සැකසීම, ආතරයිටිස් ශල්‍යකර්ම, ස්නායු තෙරපුම් සඳහා කරන ශල්‍යකර්ම, අංශභාග රෝගීන් සඳහා කරන ශල්‍යකර්ම, උපතින් එන ඇඟිලි අත්වල ආබාධ සැකසීම, බරවා ඉදිමුම් සඳහා ශල්‍යකර්ම ලෙස අත් ශල්‍යකර්ම ආශ්‍රයෙන් හඳුනා ගත හැකිය.
2.Cronio - lacial
මුහුණ හා කපාල ආශ්‍රිත ශල්‍යකර්ම
ඒ අනුව හිසේ හැඩය හා ප්‍රමාණයේ වෙනස්කම්, මුහුණේ අස්ථිවල අසාමාන්‍ය පිහිටීම, විදලිත තොල (clett lips),විදලිත තල්ල (clet plate),විදලිත මුහුණ (tacial clett)ආදී සැත්කම් වර්ග සිදුකර ගැනීමට හැක.
3. Micro Surgery
ක්ෂුද්‍ර ශල්‍යකර්ම
මෙහිදී ඉතා සියුම් රුධිර නාල ස්නායු හා වසා නාල ආශ්‍රිත ශල්‍යකර්ම (කැපී වෙන්වුණු ඇඟිලි ,අත් , පුරුෂ ලිංග කන් නැවත බද්ධ කිරීම) සිදු කරනු ලබයි.
4.Burn surgery
පිලිස්සුම් ශල්‍යකර්ම
මෙම ශල්‍යකර්ම යටතේ අලුතින් පිලිස්සුණ හා පරණ පිලිස්සුම් සඳහා සිදු කරයි. පෙනුම හා අදාළ ශරීර කොටසේ ක්‍රියාකාරිත්වය නැවත යථා තත්ත්වයට ගැනීම මෙහි අරමුණයි.
5.Reconstructive Surgery
අනෙකුත්
සංකීර්ණ හර්නියා තත්ත්ව පාද හා කකුල් ආශ්‍රිත තුවාලවල හා බාහිරට විවෘත වූ අස්ථි කොටස් වැසීම, අනෙකුත් අත් හා පාදවල පර්යන්ත ස්නායු ආශ්‍රිත, ශරීරයේ විවිධ කොටස්වල පිළිකා හා ගෙඩි ඉවත් කිරීම ඒවා යථා තත්ත්වයට පත් කිරීම (උදාහරණ ලෙස පියයුරු පිළිකා ) ආදිය වේ.
ඉහත සඳහන් කරන ලද ප්ලාස්ටික් ශල්‍යකර්ම බහුලව සිදු කරනුයේ රජයේ රෝහල්වල ය. එවැනි ආකාරයේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදු කිරීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී ඇත්තේ රිය අනතුරු ය. එමෙන්ම වර්තමානය වනවිට මෙම වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා පුහුණුව අත්දැකීම් මෙන්ම තාක්ෂණ අතින්ද ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුළ ද ඉහළ මට්ටමක පවතී.
ඒ වගේම ඕනෑම අනතුරකින් ඔබේ ශරීරයේ අවයව වලට සිදුවන හානි නැවත ප්‍රතිසංස්කරණ කර යථා තත්ත්වයට පත් කරයි. එම නිසා දිනෙන් දින මෙම ශල්‍ය කර්ම ප්‍රචලිත වීමට හේතු වී තිබේ. තව ද රෝගියාගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම (qulity of life ) ආත්ම අභිමානයෙන් ජීවත් වීමට සලසා දෙන නිසාත් මෙම ශල්‍යකර්ම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්නට ලැබේ.
උසස් වෛද්‍ය දැනුම හා තාක්ෂණය යොදාගෙන සිදු කරන බැවින් කිසිදු අතුරු ආබාධ හෝ සංකූලතාවක් ඇති නොවන බවද වෛද්‍ය මතයයි. දැනට පශ්චාත් උපාධි ආයතනයෙන් උපාධිය ලබාගත් වෛද්‍ය සභාවේ සහතික ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් 23න් දෙනෙකු පමණ දිවයින පුරා සේවය සපයයි. එම වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යායතනයට අනුබද්ධ, ශ්‍රී ලංකා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (APPSSL - Assosiation of Plastic Surgeons of Sri Lanka) මඟින් හා ඩවුනිගේ facebook ගිණුම හරහා දැන ගැනීමට හැකිය. විශේෂයෙන්ම ව්‍යාජ රූපලාවණ්‍ය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින අයගෙන් ප්‍රවේසම් වීමටද සුදුසුකම් ලත් වෛද්‍යවරුන් තෝරා ගැනීම පිළිබඳ වඩා අවදානයෙන් කටයුතු කිරීම වැදගත් ය. ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ Cosmaticn නැතිනම් රූපලාවණ්‍ය කොටස පිළිබඳව මීළඟ ලිපියෙන් හමුවෙමු.