දේශීය කෙළිබිම පුවත් කෙටියෙන් | සිළුමිණ

දේශීය කෙළිබිම පුවත් කෙටියෙන්

 

බොක්සිං තේරීම ගැන චෝදනා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී කරවන කණ්ඩායම තෝරාගැනීමේ තේරීම් පරීක්ෂණයට සුදුස්සන් තොරාගෙන නැති බවට චෝදනා එල්ලව තිබේ. පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය එක්ව ශ්‍රී ලංකා බොක්සිං සංගමයට මේ පිළිබඳ විරෝධතා ගොනුකර ඇත.

 

බර උසුලන්නෝ උස්බෙකිස්ථානයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වට හා ලෝක ශූරතා බර ඉසිලීමේ ඉසව්වට සහභාගිවන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම් පසුගිය දා උස්බෙකිස්තානයේ ටස්කන් අගනුවර බලා පිටත්ව ගිය හ.

ඊට ක්‍රීඩකයන් 10 දෙනෙකු හා ක්‍රිඩිකාවන් 9 දෙනෙකු ඇතුළත් වූ හ.

 

ශ්‍රී ලංකාව දහයෙන් උඩ

විසි වැනි ආසියානු ස්කොෂ් කණ්ඩායම් ශුරතාව වෙනුවෙන් තරග වැදුණු ශ්‍රී ලංකා බාලක ස්කොෂ් කණ්ඩායමට 7 වැනි ස්ථානයත් බාලිකා කණ්ඩායමට 10 වැනි ස්ථාන හිමිවිණි. තරගාවලිය පැවැතුණේ මැලේසියාවේ ය.

 

මානෙල්ට ලක්ෂ 467 ක්

වූෂූ උසස් කාර්යසාධක සංචිතයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 467 ක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය දා කටයුතු කළේ ය.

2022 වසරේදෘ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ඇරඹෙන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.

 

යුද හමුදාවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජයක්

බංගලාදේශයේ දී පවත්වන ලද Yonex sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ බී.ටී.ටී.ඩී.ඩී. ගුණතිලක සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආධුනික සෙබළ එච්.එස්.පී. ඩයස් යුගල ශූරතාව දිනා ගත් හ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව සිම්බාබ්වේ යන රටවල් 9 ක ක්‍රීඩකයන් එම තරගාවලිය සඳහා සහභාගි විය.

ගීෂා

Comments