
Kindernothilf සංවිධානයේ සහයෙන් ස්ටේජස් නාට්‍ය කණ්ඩායම මඟින් අභිරක්ෂණය කරන 2021 children in lockdown කලා උළෙල නොවැම්බර් මස 26,27 සහ 28 දිනවල දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙනවා. children in lockdown කලා උළෙල ඇතුළු වීමේ ගාස්තු අය නොකරන විවෘත ඔන්ලයින් වැඩසටසටහනක්. මේ වැඩසටහන පැවැත්වීමේ අරමුණ ගැන අපි ඇහුවේ children in lockdown කලා උළෙලේ අධ්‍යක්ෂ පියුමි විජේසුන්දරගෙන්.
children in lockdown කලා උළෙලහි මුලික අරමුණ වෙන්නේ කොවිඩ් වසංගත කාලයේ දරුවන්ට මුහුණ දෙන්නට සිදු වුණු අත්දැකීම්වලට අවස්ථාවක් ලබා දීම. කොවිඩ් වසංගතය ලෝකයේ හැමෝටම අලුත් අත්දැකීමක් නිසා මේ දේ දරා ගන්න අමාරුයි. ඒ නිසා වැඩිහිටියන්ට පවා දරුවන් ගැන බලන්න පුළුවන්කම අඩු වෙලා තියෙනවා. මෙතැනදී අපි වැඩිහිටි සහ ළමා කලාකරුවන් දෙගොල්ලොන්ටම එක වේදිකාවට ඇවිත් ඒ අයගේ අත්දැකීම් ගැන කලාව භාවිත කරලා ඉදිරිපත් කිරීම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒවා නාට්‍ය අනුසාරයෙන් වෙන්න පුළුවන්; එහෙමත් නැත්නම් කෙටි චිත්‍රපටයක් වෙන්න පුළුවන්.
මෙතන ඉන්නවා කලාකරුවන් 20 දෙනෙක්. ඒ අයගේ නිර්මාණ අපි ඔන්ලයින් ස්ක්‍රීන් කරනවා. තව පැත්තක් තමා මුළු ලංකාවේම ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ ළමයින්ගේ අත්දැකීම් ගැන චිත්‍ර සහ ෆොටෝග්‍රැෆි අපිට එවලා තියෙනවා. ඒවාත් අපි ප්‍රදර්ශනය කරනවා ඔන්ලයින්. ඒ වගේම තියෙනවා පැනල් ඩිස්කෂන්. එතැනදී අපි කරන්නේ තේමා හයක් යටතේ සාකච්ඡා තියෙනවා මේ කලා උළෙල ඇතුළෙ. මේකට අපි ආරාධනා කරන්නේ ළමයින්ට පමණක් නෙවෙයි. ළමයි ගුරුවරු දෙමාපියන් හැමෝම එකතු වෙලා එක ප්ලැට්ෆෝරම් එකක සාකච්ඡා කිරීම තමා මුලික අරමුණ. කිසිම ගාස්තු අයකිරීමක් කරන්නේ නැහැ. ඔන්ලයින් https://www.stages.lk/arts-festival කියන වෙබ් අඩවියෙන් රෙජිස්ටර් වෙලා මෙහි ඕනෙම ඉවෙන්ට් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ children in lockdown කලා උළෙල පැවැත්වෙන ආකාරය සහ එහි අරමුණ ගැන කලා උළෙලේ අධ්‍යක්ෂ පියුමි විජේසුන්දර දැක්වූ අදහස. මෙහි කලාකරුවන් විදියට නිර්මාණකරුවන් 20දෙනෙක් ඉන්නවනේ, ඉන් කිහිප දෙනෙක් සමඟත් රසඳුන අපි කතා බහ කළා.
කසුන් තිවංක
කසුන් තිවංක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී. ඒ වගේම කසුන් ජාතික සම්මාන ද දිනාගෙන ඇති අතර ඔහු තිර රචනය, අධ්‍යක්ෂණය, රංගනය, වේදිකා කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය යනාදියෙන් සිය දායකත්වය දක්වන තරුණ කලාකරුවෙක්.
children in lockdown හි මගේ භූමිකාව වෙන්නේ ළමයින්ට කොහොමද මේ සෞන්දර්ය ප්‍රවේශය ලබා දෙන්නේ කියන කාරණාව එක්ක වැඩ කරන්නේ. ඒ නිසා වර්ක්ෂොප් කැටගරි එකට තමා මම සම්බන්ධ වෙන්නේ. ළමයින්ගේ මානසික වර්ධනය වෙනුවෙන් කොහොමද කලාව පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණය. ඒ තුළ ශක්‍යතා වර්ධනය, පෞරුෂ වර්ධනය, මානසික සෞඛ්‍ය වගේම එක්තරා ආකාරයකට සමාජීය දේශපාලනය සම්බන්ධයෙන් සවිඥානිකත්වය වර්ධනය කිරීමත් මේ වැඩමුළු ඇතුළේ සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් මුලික වශයෙන්ම යොදා ගන්නේ තියර්ටර් කියන එක. ඒ ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් විවිධ අභ්‍යාස ප්‍රයෝගිකව පාවිච්චි කරමින් සිද්ධ කරන්නේ. ඒ අනුව කොවිඩ් වසංගතය කොයි ආකාරයෙන්ද ළමයා ග්‍රහණය කර ගත්තේ කියන එක සෞන්දර්ය ප්‍රවේශය ඔස්සේ යම් යම් නිර්මාණ ඔස්සේ එළිදැක්වීම සිද්ධ වෙනවා.
කිංග් රත්නම්
කිං රත්නම් කියන්නේ ලේඛකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ නළුවෙකි. කිංට රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇත්තෙක්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන "කෝමාලි කිංග්ස්" වසර 40 කට පමණ පසු ශ්‍රී ලංකාවේ නිකුත් වූ පළමු දෙමළ වාණිජ චිත්‍රපටයයි. 2019 වසරේ හොඳම දෙමළ චිත්‍රපටය ඇතුළුව මෙම චිත්‍රපටය සඳහා කිං සහ ඔහුගේ කණ්ඩායමට සම්මාන 9ක් හිමි වුණා.
children in lockdown හි මගේ භූමිකාව වෙන්නේ මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම. ඒ තුළ තියෙන්නේ මේ උළෙලේ තේමාවට ගැළපෙන ආකාරයට මගේ අත්දැකීම් එක්ක lockdown සමයේ දෙමාපියන් අතරේ සිදුවන ආරවුලක් දරුවන්ට බලපාන ආකාරය සහ ඒ තුළින් අපසුතාවට පත්වන දරුවන් ගැන කතාවක්.
නඩරාජා මනිවානන්
ස්වාධීන සිනමාකරුවකු වන නඩරාජා මනිවානන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්. ඔහු කෙටි චිත්‍රපට රාශියක් නිර්මාණය කර ඇති අතර, ඒවා අතර පූකිරූම්, මුත්තත් කනවේ සහ මුගවාරි යන කෙටි චිත්‍රපට වනවා.
නඩරාජා මනිවානන්ගේ children in lockdown හි භූමිකාව වෙන්නේත් කෙටි චිත්‍රපටයක්. එය නම් වෙන්නේ Thotti Meengal නමින්.
කොරෝනා කාලයේ සෙල්ලම් කරන්න බැරිව තම නිවසේ සිරකරුවකු ලෙස සිටින දරුවකුට දැනෙන හැඟෙන හැඟීම දැනවෙන කතාවක් තමයි කෙටි චිත්‍රපටයට වස්තු විෂය වී තිබෙන්නේ.
උර්වි පෙරේරා
තරුණ නවකතාකරුවෙක් වන උර්වී සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඇගේ රුචිකත්වය කියවීම, ලිවීම, ගායනය, පින්තාරු කිරීම සහ නව භාෂා ඉගෙනීමයි. ඇය මේ වන විට අලුතින් ලියූ කතා පොත සංස්කරණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2019 වසරේ ජාතික සාහිත්‍ය උළෙලේ පැවැති කවි ලිවීමේ තරගයෙන් කොට්ඨාස මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට උර්වි සමත්ව තිබෙනවා.
children in lockdown හි උර්විගේ භූමිකාව වෙන්නේ ඇය විසින් රචිත නවකතාවක්. කොරෝනා කාලයේ ගෙදරට ම වෙලා ඉන්න කාලය මම වැඩිපුර යෙදෙව්වේ කියවීමට සහ ලිවීමට. ඒ අනුව ළමයෙක් සහ පුසෙක් අතර ඇතිවන සංවාදය. ඉංග්‍රීසි බසින් තමා රචනා වෙන්නේ. children in lockdown තුළින් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණ රචිකාවක් වන අමිනා හුසේන් හමුවෙනවා. ඇයගේ උපදේශකත්වය මත තමා පොත සාර්ථක කර ගන්නේ. ගෙදර ඉන්න පුසගේ නම මවුස්. ඒ නිසා මේ නවකතාව නම් කළෙත් "The Cat Name Mouse"
ඉනෝකා පල්ලියගුරු
ලේඛිකාවක්/නිදහස් මාධ්‍යවේදියෙක් සහ තිරනාටක රචකයෙක් වන ඉනෝකා පල්ලියගුරු පසුගිය වසර කිහිපය තුළ නිර්මාණශීලීව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී තිබෙනවා. ඇය වසර ගණනාවක් පුරා විවිධ ප්‍රකාශන සමාගම්වල ලේඛිකාවක් ලෙස ස්වාධීනව කටයුතු කර ඇති අතර නිර්මාණාත්මක සහ අන්තර්ගත ලිවීම් පිළිබඳ අවිධිමත් අත්දැකීම් ලබා ඇති අයෙක්.
children in lockdown හි කලා උළෙලට මම ඉදිරිපත් කළේ කෙටි චිත්‍රපටයකට අදාළ තිර කතාවක්. ගෙදරට වෙලා ඉන්න පොඩි ගැහැනු දරුවෙක්ට සිදු වුණු ලිංගික අපචාරයක් ගැන. එය සිද්ධ වෙන්නේ එයාට සමීපම වැඩිහිටි කෙනෙක්ගෙන්. ඒ නිසා ඒ කෙනා ගැන තියෙන්නේ තරහට වඩා ආදරයක්. එය ඉතාම සංකීර්ණ තේමාවක්. මෙය ගිය වසරේ මාර්තු මාසයේ ලියපු තිර කතාවක්. මම ලියපු පළමු තිර කතාව. මේ කතාව children in lockdown වෙත ඉදිරිපත් කළා චිත්‍රපටය හදන්න. එතනදී ඒ අය කිව්වා මේ තිර රචනය තුළ තව වෙනස්කම් වෙන්න ඕනේ කියලා. ඒ අය මට දුන්නා භූපති නලින් වික්‍රමගේ යටතේ තිර රචනා කලාව ගැන ඉගෙන ගන්න.