
මේස පන්දු ක්‍රීඩාවට ඊට උචිත මේසයක් නැතිව ම බැරිය. එලෙසින්ම ඒ ක්‍රීඩාව පවත්වාගෙන යෑමට පන්දුවක් හා මේස පන්දු පිතිද තිබිය යුතුම ය. ඒ බඩු භාණ්ඩ තිබූ පමණින් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි ය. ඒ අවම වශයෙන් මේසය දෙපස ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද සිටිය යුතු නිසා ය. එසේ සිටින ක්‍රීඩකයන්ට දෑතක් ද තිබිය යුතුම ය.
එහෙත් එය එසේ නොවන ක්රීඩකයෝද සිටිය හැකි ය.
එලෙස මේස පන්දු මේසය දෙපස සිටින ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තියුණු නෙත් සඟලක් මෙන්ම වහා යුහුසුළුව ක්‍රියාත්මක කළ හැකි දෑතක් හා වේගයෙන් ඔබ මොබ චලනය කළ හැකි පා යුවළක් ද තිබීම වැදගත් ය.
ඉහත සඳහන් කළ සියල්ලක් ම පසුගියදා ටෝකියෝ නුවර දී අවසන් වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලටද අදාළ පොදු කරුණු ය.
එහෙත් මෙහි දෙවනුව සඳහන් කළ අවශ්‍යතාවන් සම්පූර්ණ කර නැති ක්‍රීඩකයකුගේ හැකියාවන් එම පැරාලිම්පික් මේස පන්දු තරගාවලියේ දී දැක ගන්නට ලැබිණි.
එම ක්‍රීඩකයා මෙම මේස පන්දු තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගෙන තිබුණේ ඔහුගේ දෑතම
අහිමි වී තිබිය දී ය. එය කෙසේවත් පිළිගත නොහැක්කක් ලෙස කෙනෙකුට සිතුණද එහි අරුමයක් නැත.
නමුත් අරුමය වූයේ ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී දෑතම අහිමි ක්‍රීඩකයකු මේස පන්දු තරගාවලියට සහභාගී වී සිටීම ය.
ඔහු ඊජිප්තුව නියෝජනය කළ ඊබ්‍රාහිම් තමාඩ්ටු ය. පැරා මේස පන්දු ක්‍රීඩාවේ සුවිශේෂ ජයග්‍රහණ කිහිපයක ම හිමිකරුවෙක් ලෙසද හේ සැලකිය හැකිය. එම ජයග්‍රහණ අතර 2011 හා 2013 අප්‍රිකානු පැරා මේස පන්දු තරගමාලාවන් හි දී දිනා ගත් රිදී පදක්කම් ද්විත්වය ද ඇතුලත් ය.
විශේෂ අවශ්‍යතා සහිතව සිටිමින් අභියෝගයන්ට නොපැකිළව මුහුණ දී ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන්නන් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් උප ජනාධිපති හා අගමැති මොහොමඩ් බින් රෂීඩ් අල් එක්ටුම් විසින් නිර්මාණය කළ සම්මානය 06 වැනි වරට දිනාගත් ක්‍රීඩකයාද ඊබ්‍රාහිම් ය.
නොසිතූ මොහොතක නොසිතූ ලෙස බරපතළ දුම්රිය අනතුරකට මුහුණ දුන් ඔහු මෙම තත්ත්වයට පත්විණි. එවිට ඔහු පසුවූයේ 10 වැනි වියේ ය. 1973 වසරේ උපත ලබා ඇති ඊබ්‍රාහිම් මේ අනතුරින් දිවි ගලවා ගත්තද එදා සිට වසර 38 ක් ම ගත කර ඇත්තේ දෑත අහිමිව ය.
ඊබ්‍රාහිම් සිදුවූ විපත නැවත නැවත සිහිපත් කරමින් දුක් වන්නට කැමති නොවීය. එම සිදුවීම සම්පූර්ණයෙන්ම අමතක කිරීමට ඔහු ක්‍රීඩාවට යොමු විය. තමන් වාසය කරන ප්‍රදේශයේ ඔහුට සහභාගී විය හැකි ක්‍රීඩාවක් ලෙස තිබුණේ පාපන්දු හා මේස පන්දුය.
ඒ නිසා ඊබ්‍රාහිම් පළමුවෙන් යොමු වූයේ පාපන්දු ක්‍රීඩාවට ය. නමුත් පසු කලෙක පිටියක් පුරා දිව යමින් කරන පාපන්දු ක්‍රීඩාවට වඩා මේස පන්දු ක්‍රීඩාව තමන්ට වඩා සුදුසු ක්‍රීඩාව ලෙස ඔහු තෝරා ගත්තේ ය.
මීට පෙර 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලටද සහභාගී වී ඇති ඔහු වරක් පැරා මේස පන්දු ක්‍රීඩකයන් අතර ලෝක ශ්‍රේණි සටහනේ 32 වැන්නා වීමට ද සමත්ව සිටියේ ය.
ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔහුට පළමුවෙන් මුණ ගැසුණේ දකුණු කොරියාවේ පාර්ක් හොන්ග් කියු ය. ඔහුද ළමා වියේදී අනතුරකට මුහුණදීම නිසා වම් පාදය ආබාධයකට ලක්වූවෙකි. ඊබ්‍රාහිම්ට දෙවැනි තරගයේදී හමු වූ චීන ක්‍රීඩක චෙන් චාවෝ උපතේදී ඔක්සිජන් අඩුවීමක් නිසා ශරීරයේ දකුණු පැත්ත අප්‍රාණික වූවෙකි.
ඒ අනුව ඊබ්‍රාහිම්ට මෙන් තරගාවලියේ දී හමු වූ ක්රීඩකියින් දෙදෙනාටම මේස පන්දු ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය තියුණු දෙනෙත සමග හොඳින් ක්‍රියාකළ එක අතක් හෝ
තිබුණි. තරග දෙකේ දී ම ඊබ්‍රාහිම් පරාජය වූයේ දෑතම අහිමි ව තිබියදී ය. ඒ නිසාම එම තරග දෙකේ දී ම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාග-ත්තේ ඊබ්‍රාහිම් ය. පාදයක උපකාරයෙන් පන්දුව පිරි නැමූ ඔහු මුව තුළ රඳවාගත් මේස පන්දු පිත්තෙන් පන්දුව පාලනය කළ අයුරුත් විශ්මිත විය. ඒ නිසා ඔහු පදක්කම් නැතත් තරගාවලියේ වීරයා ය.