මිණිමුතු තරම් වටිනා මඩු,මෝරු රකින ගවේෂණයක තතු | Page 2 | සිළුමිණ

මිණිමුතු තරම් වටිනා මඩු,මෝරු රකින ගවේෂණයක තතු

මත්ස්‍යයන් අතර මෝරුන් සහ මඩුවන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඒ අතරින් පසුගිය කාලයේ මෙරට මෝරුන් ගැන වැඩි අවධානයකට ලක්වූයේ යාපනය මුහුදු කලාපයේ ධීවරයන්ට කිහිප වරක් මිණිමුතු මෝරුන් හමුවීමත් මෝරුන් කිහිප දෙනකු වෙරළට වෙරළට ගොඩගසා තිබීමත් නිසාය.

එක් අවස්ථාවක බර කිලෝග්‍රෑම් දෙදහසකට අධික බරින් යුතු මිණිමුතු මෝරකු ධීවරයන්ට හසුව තිබූ අතර ඔවුහු බොහෝ වෑයමක් දරා එම මෝරා නිරුපද්‍රිතව යළි මුහුදට නිදහස් කළහ. උතුරු මුහුදු කලාපය තුළ ඉකුත් වසර දෙකක පමණ කාලය තුළ මිණිමුතු මෝරුන් දොළොස් දෙනකු පමණ ධීවරයන්ට හසුවී තිබු අතර එම මෝරුන් නැවත මුහුදට දැමීමට ධීවරයන් කටයුතු කිරීම බොහෝ දෙනකුගේ පැසසුමට ලක්විය. මුහුදට ගොඩගසා තිබූ ඇතැම් මොරුන් නැව්වලට සහ බෝට්ටු එන්ජින්වලට හසුවීමෙන් තුවාල ලබා තිබූ බව ද ධීවරයන්ට නිරීක්ෂණය වී තිබිණි. ධීවරයන් විසින් තම දැල්වලට හසුවන මිණිමුතු මෝරුන්ට ජීවිත දානය දී යළි මුහුදට යැවීමට කටයුතු කර තිබුණේ මිණිමුතු මෝරන් සහ මුතු මෝරන් ඉතා දුර්ලභ මසුන් බව ඔවුහු අත්දැකීමෙන් අවබෝධ කරගෙන තිබූ නිසාය. එපමණක් නොව නීතියේ හැටියට එම මත්ස්‍යයන් ඇල්ලීම ධීවර බලපත්‍රය අහෝසි වන තරමේ වරදක් බවත් දැන් බොහෝ ධීවරයෝ දනිති.

සංක්‍රමණික ජීවීන් සම්බන්ධ අන්තර්ජාතික සම්මුතිය මඟින් 2010 දී සංක්‍රමණික මෝරුන් සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කර ඇති අතර මෝරුන් සංරක්ෂණය සඳහා ලොව පුරා විවිධ පරිසර සංවිධාන නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. 1991 දී දකුණු අප්‍රිකාව ලෝකයේ මුල්වරට මහා සුදු මෝරා ආරක්‍ෂිත සත්ත්වයකු ලෙස නම් කළේය. 1999 දී එක්සත් ජාතීන් මෝරුන් සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර ලෝක සංරක්ෂණ සංගමය 2009 දී මෝර විශේෂ 64ක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බවට නිවේදනය කළේය. චීනය සහ ශ්‍රී ලංකාව 2012 දී මෝර විශේෂ කිහිපයක් ඇල්ලීම තහනම් කළ අතර 2013 දී යුරෝපා සංගමය සහ තවත් රටවල් 27ක් ද තම රටවල මෝරුන් ඇල්ලීම තහනම් කළේය. මෝරුන්ගේ වටිනාකම කෙතරම් ද යන්න එයින්ම සනාථ වේ.

එසේ වුවද මෝරුන් සහ මඩු මත්ස්‍යයන් පිළිබඳ දන්නා අප බොහෝ දෙනකු දන්නා කරුණුවලට වඩා නොදන්නා කරුණු බොහොමයක් ඇත. මෝරුන් සහ මඩු මත්ස්‍යයන් (Elasmobranchs) යනු කාටිලේජවලින් සැදුණු ඇටසැකිලි සහිත අද්විතීය මසුන් කාණ්ඩයකි. මෝර විශේෂ අතර දැවැන්තයා ලෙස සැලකෙන්නේ මිණිමුතු මෝරාය. මෝරා සහ මඩු මත්ස්‍යයන් අයත් වන්නේ එකම පවුලකටය. මෝරුන් විශේෂ 600ක් සහ මඩු විශේෂ 800ක් පමණ ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එපමණක් නොව සෑම වසරකම පාහේ නව විශේෂ සොයා ගැනෙන අතර, ඒ එක් එක් විශේෂ අතර අපූරු විවිධත්වයක් ද ඇත. ඇතැම් කුඩා මෝර විශේෂ සෙන්ටිමීටර 21ට වඩා ප්‍රමාණයෙන් විශාල නොවන අතර තල්මස් මෝරකු දිගින් මීටර් 20ක් තරම් විශාල වේ. එක් එක් මෝර විශේෂයන්ගේ ජීවන චක්‍ර පවා එකිනෙකට බෙහෙවින් වෙනස් වන අතර බොහෝ විශේෂ අනෙක් මසුන්ට වඩා මන්දගාමීව වර්ධනය වේ.

මෝරුන් සහ මඩු මත්ස්‍යයන්ගෙන් සමුද්‍රීය ආහාර ජාල තුළ වැදගත් කාර්යභාරයක් ඉටුවන අතර, දෙවැනි පෙළ මාංස භක්ෂක විලෝපිකයන් ලෙස ස්වාභාවික සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වේ. බොහෝ මෝරුන් සහ මඩු මත්ස්‍යයන් විශේෂයන්ගේ බෝවීම සහ පැවැත්ම, ඔවුන්ගේ දිගු ආයු කාලය, මන්දගාමී වර්ධන වේගය, ප්‍රමාද වූ පරිණත භාවය සහ අඩු ප්‍රජනන හැකියාව යන ජෛව විද්‍යාත්මක හේතු නිසා තර්ජනයට ලක්වේ.

එපමණක් නොව අධික ලෙස මසුන් ඇල්ලීම සහ කොරල්පර හා කඩොලාන වැනි මත්ස්‍යයන්ගේ අතිශය තීරණාත්මක වාසස්ථාන විනාශ කිරීම වැනි මානව ක්‍රියාකාරකම් නිසා මෝරුන්ගේ සහ මඩු මත්ස්‍යයන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ වී යෑමේ තර්ජනයක් මතුව ඇත. එසේ තම ස්වභාවික වාසස්ථානවලට එල්ල වන තර්ජන හේතුවෙන් බොහෝ මෝරුන් හා මඩු මත්ස්‍ය විශේෂයන් වඳ වීමේ අවදානම වැඩි වෙමින් ඇත. මෝර සහ මඩු මසුන්ගේ වරල්, මාළු, කරමල (විශේෂයෙන් මැන්ටා සහ මොබුලා මඩුවන්ගේ), අක්මා තෙල් සහ වෙනත් ශරීර කොටස් සඳහා ඇති ඉහළ දේශීය හා ජාත්‍යන්තර ඉල්ලුම නිසා ඉලක්කගතව මෙන්ම අහඹු ලෙස දැල්වලට හසුකර ගැනීම මෙම මත්ස්‍යයන්ගේ විනාශයට ප්‍රධානතම හේතුවක් බව අනාවරණය වී ඇත. බොහෝ ධීවරයන් මිණිමුතු මෝරන් ගැන සංවේදීව කටයුතු කළද ඇතැම් ධීවර කටයුතුවල නිවැරදි කළමනාකරණයක් හෝ නියාමනයක් නොමැති වීම නිසා එම තත්ත්වය ඇතිවී තිබේ.

පරිසරයේ සිටින සියලුම ජීවීන් අතර ඇති සංකීර්ණ අන්තර් සම්බන්ධතා පරිසර පද්ධතීන්ගේ සමතුලිතතාව රැකගැනීමටත් සියලු ජීවීන්ගේ පැවැත්ම තහවරු කිරීමටත් වෙසෙසින් වැදගත් වේ. ඉන් එක් ජීවී විශේෂයක් හෝ පරිසර පද්ධතියකින් ඉවත් වීම මුළු මහත් පරිසරයට මෙන්ම ඒ ආශ්‍රිත වාසස්ථාන කෙරෙහි ද විනාශකාරී ලෙස බලපායි. විශේෂයෙන් මෝරුන් වැනි සත්ත්වයන් විශේෂ පරිසර පද්ධතියකින් ඉවත් වීම එවැනි විනාශකාරී බලපෑමකට තුඩුදෙන බැවින් මෑත කාලයේ, මෝරුන් සහ මඩු මත්ස්‍යයන් සංරක්ෂණ කෙරෙහි ලොව පුරා සමුද්‍ර ජීව විද්‍යාඥයෝ ප්‍රමුඛ පරිසරවේදීයෝ විශාල අවධානයක් ‍යොමු කරමින් සිටිති.

ශ්‍රී ලංකා සමුද්‍ර පර්යේෂණ හා සංරක්ෂණ පිළිබඳ විශේෂඥ සංවිධානයක් වන Blue Resources පදනම, 2017 වසරේ සිට ශ්‍රී ලංකාව අවට මුහුදේ මෝර හා මඩු මත්ස්‍ය ගහනය පිළිබඳ දිගුකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඒ සත්‍යය මනාව වටහා ගෙනය. ධීවර අස්වැන්න ආශ්‍රිත තොරතුරු සමීක්ෂණය ඇසුරින් ශ්‍රී ලංකාවේ මෝර හා මඩු මත්ස්‍ය ගහනයේ විශාලත්වය සහ සංයුතිය පිළිබඳ අධ්‍යයනය කර ජීව විද්‍යාව හා පරිසර විද්‍යාව පිළිබඳ දැනුම පුළුල් කිරීම ද මෙයට ඇතුළත් ය. මෙම දත්ත විශ්ලේෂණය කිරීමෙන් මත්ස්‍ය ව්‍යාප්තියේ ප්‍රවණතා අවබෝධ කරගැනීමටත් ධීවර කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම උදෙසා සම්පත් කළමනාකරණයට මූලික පදනමක් සපයා ගැනීමටත් හැකිවනු බව පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

Blue Resources පදනම විසින් මෙතෙක් සිදුකර ඇති අධ්‍යයන ඇසුරින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මෝර හා මඩු මත්ස්‍ය විශේෂ අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපය අවට මුහුද වාසස්ථාන කොට ගෙන සිටින බව හඳුනාගෙන ඇත. පසුගිය කාලයේ යාපනය මුහුදු කලාපයේදී ධීවරයන්ට මිණිමුතු මෝරුන් හසුවීමේ සහ මෝරුන් වෙරළට ගසාගෙන ඒමේ සිදුවීම් තුළින් ඒ බව මනාව සනාථ වේ. මෙම කලාපයේ ධීවර කර්මාන්තය පාරම්පරික ශිල්පක්‍රම භාවිතයෙන් කුඩා පරිමාණයෙන් සිදු කරන අතර, එම කලාපයේ ධීවරයන්ගේ මසුන් ඇල්ලීම් කටයුතු බොහෝ දුරට වෙරළබඩ ප්‍රදේශවලට සීමා වේ. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර ඇති දැඩිව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් වන Sharpnose Guitarfish (Glaucostegusgranulatus) වැනි සුවිශේෂී මඩු විශේෂ සඳහා යාපනය අර්ධද්වීපය ප්‍රධාන වාසභූමියක් වන බව මේ වන විට කරන ලද අධ්‍යයන ඇසුරින් හෙළි වී ඇත.

එබැවින් මෙම සුවිශේෂී ජෛව පද්ධතීන් සං‍රක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව Blue Resources පදනම විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු කලාපයේ මෝරුන් හා මඩු මත්ස්‍යයන්ගේ තීරණාත්මක වාසස්ථාන හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ගවේෂණයක් මේ වනවිට දියත් කර ඇත.

මෙම විද්‍යාත්මක ගවේෂණය සඳහා සම්පත් දායකත්වය දක්වන්නේ සමුද්‍ර ජීව විද්‍යාඥ ඩැනියෙල් ප්‍රනාන්දු සහ පර්යේෂක ගෝබිරාජ් රාමජෙයම් ය. ඩැනියෙල් ප්‍රනාන්දු Blue Resources පදනමේ සමාරම්භකයකු වන අතර, ශ්‍රී ලංකාවේ සිදුකරන කාටිලේජවලින් සැදුණු ඇටසැකිලි සහිත මසුන් පිළිබඳ ගවේෂණ ව්‍යාපෘතියට නායකත්වය සපයයි. අමාත්‍යාංශ උපදේශකයකු ලෙස ද සේවය කර ඇති සමුද්‍ර ජීව විද්‍යාඥ ඩැනියෙල් ප්‍රනාන්දු, වර්තමානයේ IUCN සංවිධානයේ ඉන්දියන් සාගර කලාපයේ මෝරුන් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ කලාපීය සම-උප සභාපති ධූරය උසුලන අතර, MCAF අධි ශිෂ්‍ය සාමාජිකත්වය සහ CMS විද්‍යාත්මක කවුන්සිලයේ සැසිවාර කමිටුවේ උප සභාපති ලෙස ද කටයුතු කරයි. මෝරුන් පිළිබඳ විද්‍යාත්මක ගවේෂණය සඳහා ඔහුට සහාය වන ගෝබිරාජ් රාමජෙයම් දැනට Blue Resources පදනමේ ශ්‍රී ලංකාවේ මෝරුන් සහ මඩු මත්ස්‍යයන් පිළිබඳ ව්‍යාපෘතියේ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරයි. මේ වනවිට ඔහු තම පශ්චාත් උපාධිය සඳහා යාපන අර්ධද්වීපයේ හා ඒ අවට වාසය කරමින් දැඩි තර්ජනයට ලක්ව ඇති Sharpnose Guitarfish (Glaucostegusgranulatus) සුවිශේෂී මඩු විශේෂය පිළිබඳ ජීව විද්‍යාත්මක හැදෑරීමක් සිදුකරමින් සිටී.

සමුද්‍ර ජීව විද්‍යාඥ ඩැනියෙල් ප්‍රනාන්දු පවසන ආකාරයට මෙම සත්ත්ව කාණ්ඩය ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා, ඔවුන්ගේ ජීවන චක්‍රය, සත්ත්ව ගහනයේ ඝනත්වය, ඔවුන්ගේ වාසස්ථාන සහ සංචරණ රටා මෙන්ම සමුද්‍ර පරිසර පද්ධති තුළ ඔවුන්ගේ විශේෂ භූමිකා ද ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇත. එම විද්‍යාත්මක තොරතුරුවලින් සන්නද්ධ වීමෙන් සත්ත්ව ගහන පරිහානිය නැවැත්වීමට සහ විනාශයට පත් මත්ස්‍ය සමූහ නැවත නඟා සිටුවීමට අවශ්‍ය විද්‍යාත්මක නිර්දේශ ලබා දීමට හැකියාව ලැබේ. එපමණක් නොව වඩාත් සශ්‍රික මත්ස්‍ය විශේෂ සඳහා තිරසාර ධීවර ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට සහාය වීමටත් හැකියාව ලැබෙන බව මෙම සමුද්‍ර ජීව විද්‍යාඥයන්ගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තව තුළදී විශේෂයෙන්ම ලාභදායී ප්‍රෝටීන් ප්‍රභවයක් වන මෝරුන් සහ මඩු මත්ස්‍යයන් වෙත විශාල නැඹුරුවක් දක්වනු ලබයි.

ජීවනෝපාය මාර්ගයක් ලෙස ධීවර කර්මාන්තයේ පැවැත්ම ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වනවා සේම මිහිතලයේ දිගුකාලීන තිරසර පැවැත්ම රැකගැනීම ද මානව වගකීමකි. ඊට හේතුව යම් සත්ත්ව විශේෂයක් වඳ වී ගියහොත් හෝ එම විශේෂය සඳහා වූ වාණිජ ඉල්ලුම පවත්වාගෙන යෑමට පවා නොහැකි තරමට ක්ෂය වුවහොත් ඒ හා සම්බන්ධ ජීවනෝපාය කර්මාන්තයන් ද මුළුමනින් බිඳ වැටෙන බව ඕනෑම අයකුට වටහා ගත හැකි සත්‍යයක් වන නිසාය.

මෙම විද්‍යාත්මක අධ්‍යයනයෙන් සොයාගන්නා දත්ත ඇසුරින් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව ආරම්භ කර ඇත. මෙම විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් අධික ලෙස මෝරුන් සහ මඩු මත්ස්‍ය මසුන් ඇල්ලීම වැළැක්වීම සහ එම සත්ත්ව ගහනය සමතුලිත ලෙස පවත්වා ගෙන යෑම උදෙසා ධීවර ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීම ද මෙම පර්යේෂණයේ දිගුකාලීන අරමුණයි. ශ්‍රී ලංකාවේ මෝරුන් හා මඩු මත්ස්‍ය ගහනයේ තිරසර කළමනාකරණය සඳහා ඵලදායී පියවර අන්තර්ගත ධීවර කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්දේශ කිරීමට සිය විශේෂඥ දායකත්වය ලබාදීමට ද Blue Resources පදනම සූදානමින් සිටී. මේ සියලු ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ මෝර සහ මඩු මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීමට සුවිශේෂී ලෙස දායක වන බව කිව යුතුය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

Comments