
මේෂ - ශාරීරික ආර්ථික බිඳ වැටීම්
මේෂ ලග්නයට අනුව මේ සතිය ආරම්භය සහ සතිය මැද භාගය ඉතා ප්‍රවේශම් විය යුතුය. චන්ද්‍රයා 06 වැන්නෙන් ආරම්භ වී 07,08,09 යන ස්ථාන පසුකර යද්දී සතිය මැද වෘෂ්චික රාශියේ නීචව 08 වැන්නට ඒමේදී දැඩි ආපදා තත්ත්වයකට ඔබ පත්විය හැකියි. ඒ අනුව ශාරීරික වශයෙන් ද ආර්ථික මට්ටමින් ද ඔබ බිඳ වැටෙන සුළුයි. එහෙත් ආත්ම අභිමානය අධිෂ්ඨානය වෙතොත් ඒ හැම එකකින්ම මිදී කටයුතු කිරීමට පුළුවන් වෙයි.
වෘෂභ - ආර්ථික දියුණුව උදාවේ
වෘෂභ ලග්නයට අනුව මේ සතිය ඔබට දරු සම්පත් උරුම කර දෙන අතර කලකට පෙර ඔබ අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කෙරෙනු ඇත. ඒ නිසා ආර්ථික දියුණුව සහිත සතියකි. එහෙත් සතිය මැද භාගයේ චන්ද්‍රයා 07 හි නීචවීම තම විවාහ ස්ථානගත මත ගැටුම් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ තුළින් සිත් තැවුල් කම්කටොලු හා වද වේදනා විඳීමට බොහෝ දුරට ඉඩ ඇත. දේපල ගැටලු මතුවීමට ද පුළුවන.
මිථුන - භෞතික සම්පත් උරුමයක්
මිථුන ලග්නයට අනුව මේ සතිය ඔබට භෞතික සම්පත් ලැබීම් සහිත වෙයි. වාහන ලාභ ඉඩම් ලාභ පෙන්වයි. වාහනයක් මිලදී ගැනීමේදී අදාළ ලියකියවිලිවල පැහැදිලිතාව ඉතා සැලකිල්ලට ගන්න. නැතොත් සතිය මැද භාගයේ නීතිමය ගැටලුවකට මුහුණදීමට සිදුවෙයි. මේ සතියේ ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා ගමන් කරනුයේ 04,05,06,07 යන ස්ථානවලයි. යටි බඩ ආශ්‍රිත ආසාදනයකින් පීඩා විඳීමට සිදුවන නිසා ආහාර පානයෙන් ප්‍රවේශම් වන්න.
කටක - දේපළ හිමිකමක්
කටක ලග්නයට අනුව මේ සතියේ ඔබේ ලග්නයේ චන්ද්‍රයා ගමන් කරන්නේ 03,04,05,06 යන ස්ථාන පසු කරමිනි. එවිට දේපළ උරුමකම් ඇතත් තම ව්‍යාපාරයක බිඳ වැටීමක් පෙන්වයි. තම දරුවකුට හදිසි විපත් කරදර ගෙන දෙනු ඇත. එහෙත් සතිය අවසානයේ ඔබ බලාපොරොත්තු වූ පරිදි රැකියාවේ විවේකී බවක් ගෙන දෙනු ඇත. දුර පළාතක කටයුත්තකට යාමට සිදුව තිබියදී එය කල්යාම නිසා සිතට සහනය උදාවේ.
සිංහ - හදිසි ධන ලාභ
සිංහ ලග්නයට අනුව මේ සතිය ඔබට හදිසි ධන ලාභ පෙන්වයි. තරග ජය ලොතරැයි ජය හිමි වීමට පුළුවන. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයට අනුව 02,03,04,05 යන ස්ථානවල ගමන් කිරීම නිසා මේ තත්ත්වය උදාවන අතර සතිය මැද භාගයේ රැකියා උවදුරකට හේතුවේ. කාල ගුණික අයහපත් බව හේතුකොට ඔබට දේපළකට හානි සිදුවිය හැක. පපුවේ ආපදා සෙම, හතිය වැඩිවීම යන කාරණා නිසා අපහසුතා විඳීමට සිදුවන තත්ත්වයකි.
කන්‍යා - ආර්ථික ප්‍රතිලාභ මතුකෙරේ
කන්‍යා ලග්නයට අනුව මේ සතිය ඔබට ඉතා සුබයි. සිතේ සතුට ගෙන දෙන කාරණාවක් සමඟින් සතිය ආරම්භවේ. ඒ තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිලාභ ද මතු කෙරෙයි. සතිය මැද වනවිට තම නීතිමය ගැටලුවක් නිසා සිතේ කළකිරීමකට හේතු විය හැක. එය ද තමා සුපරීක්ෂාකාරී බවින් මිදුනොත් පමණි. ඒ අනුව චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයේ මෙම සතිය තුළ ගමන් කරනුයේ 01,02,03,04 යන ස්ථානවල නිසා යහපත් ලැබීම් අතර රැකියාවේ උසස් වීමක් ද සහිත වෙයි.
තුලා - නිවාස අලුත්වැඩියාවක්
තුලා ලග්නයට අනුව මේ සතිය ඔබට වියදම් අධික වන සතියකි. චන්ද්‍රයා 12,01, 02,03 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය මැද භාගයේ හදිසි ධන හානියකට වුව ද මුහුණදීමට සිදුවෙයි. ඒ නමුත් ඉඩමක හිමිකම මෙන් ම වියදමක් දරා තම දේපළ සුරක්ෂිත කර ගැනීමට කැපවන සතියක් ද වෙයි. පැරැණි නිවසක් අලුත්වැඩියා කිරීම ඊට අදාළ වැට මායිම් සකස් කොට ගැනීම මීට අදාළ විය හැකියි. උගුරේ ආසාදන සෙම් රෝග, දැඩිවන සතියක් නිසා කාලානුරූපව ප්‍රවේශම් වන්න.
වෘශ්චික - සොර සතුරු උවදුරු
වෘශ්චික ලග්නයට අනුව මේ සතිය තුළ චන්ද්‍රයා 11,12,01,02 යන ස්ථානවල ගමන් කිරීම සතුටුදායක ආර්ථික ප්‍රතිලාභයකට හේතු වෙයි. නමුත් කල්පනාවෙන් සුරක්ෂිත කර ගැනීමට ද සිදුවෙයි. මේ කාලය අතරතුර සොර සතුරු උවදුරු එළැඹීමට ද හැකිය. විශේෂයෙන් සිතට සැක සංකා මතුවන නිසා කලකිරීම් ස්වභාවයක් ද යුග දිවියේ තාඩන පීඩන ද එල්ල වීමට පුළුවන. ඇස් රෝග හිසේ කැක්කුම් ආදියට ද හේතු වන සතියකි. සැර උෂ්ණ ආහාර අවම කරන්න ආගමික කටයුතු කෙරේ යොමු වන්න.
ධනු - රැකියා උසස්වීම්
ධනු ලග්නයට අනුව මේ සතිය ඔබට අන් සැමටම වඩා යහපත් වෙයි. සතිය ආරම්භ වන්නේම රැකියා ස්ථානගත සතුටුදායක හිමිකමක් සමඟිනි. රැකියා උසස්වීම් ආර්ථික ලාභ මෙහිදී සපල වේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරන්නේ 10, 11, 12, 01 යන ස්ථානවල බැවින් මෙම ප්‍රතිඵල ස්ථිර වනු ඇත. නව නිවසක පදිංචිය හා නිවසේ කිසියම් උත්සවශ්‍රීයක් ඉසිලීමට පුළුවන. පාදයේ වළලුකරට උවදුරු විය හැකි නිසා ඒ සම්බන්ධව සුපරීක්ෂාකාරී වන්න.
මකර- පුණ්‍යවන්ත සතියකි
මකර ලග්නයට අනුව මේ සතිය ඔබ පුණ්‍යවන්ත කටයුතු රැසක නියැළෙනු ඇත. නිවසේ ආගමික ස්වරූපයක් උසුලන අතර දේපළක් වෙනුවෙන් තිබූ නීති ගැටලුවක් ලිහිල් වන බව ද පෙනෙන්නට තිබේ. තම දූ දරුවන්ගේ කටයුතු සපල වන අතරම යුගදිවි ගැටලු විසඳෙන සතියකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මේ සතියේ ගමන් කරනුයේ 09,10,11, 12 යන ස්ථානවල සතිය පුරාවටම අභිවෘද්ධිය ගෙන දෙන සුළු වෙයි. අරපිරිමැස්මෙන් කටයුතු කරවන වියදම අධික වන කරුණු එළැඹීමට පුළුවන.
කුම්භ - සමාජසේවා කටයුතුවලට මුල්ගල
කුම්භ ලග්නයට අනුව චන්ද්‍රයා මේ සතියේ ගමන් කරනුයේ 08, 09, 10, 11 යන ස්ථාන පසු කරමින් නිසා සතිය ආරම්භය හදිසි ධන හානියක් පෙන්වයි. සතිය මැද භාගයේ රැකියාවක උවදුරක් පැමිණේ. තමාට සතුරු කරදර එළඹීමට පුළුවන. සුපරික්ෂාකාරි වුවහොත් මේවා වළක්වා ගත හැක. කෙසේ නමුදු ඔබ ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් සමාජසේවා කටයුතු වලට ද ඇප කැපවන බවක් පෙනෙන්නට තිබේ. ඒ කොයි හැටි වෙතත් තමා පොදු කටයුතුවලට යාමේදි ශරීර සෞඛ්‍ය පිළිබඳව ද සැලකිලිමත් වන්න.
මීන - සිතට සතුට අභිවෘද්ධිය
මීන ලග්නයට අනුව මේ සතිය තුළ චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථාන පසුකර යාම සතුටුදායක වෙයි. ආර්ථික ලාභ දේපළ මෙන්ම භෞතික උරුමකම් අතර වාහන හිමිකමක් ද සහිතයි. ඔබ අවිවාහක නම් විවාහ සඵලවීම් ආදර සබඳතා මතුකෙරේ. සිතට සතුට අභිවෘද්ධිය උදාවේ. අන් අය වෙනුවෙන් කැපවීමට උනන්දුවේ. ඒ නිසාම සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. වෙහෙසකාරි බව දැඩිවීම නිසා සතිය මැද භාගයේ වෛද්‍ය ප්‍රතිකාර පවා ගැනීමට සිදුවිය හැක.