උත්තරායන ග්‍රීෂ්ම ඍතුවෙහි වෘෂභ රවි 12 භාග වෙතින් පුර පසළොස්වක තිථිය ලත් මැයි මස 26 වැනි දින පස්වරු 04.50ට පමණ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙයි. සැබවින්ම පෘථිවිය හා සූර්යයා එක එල්ලේ රේඛීයව පිහිටීම නිසා පතිතවන සෙවණැල්ල හේතුවෙන් සිදුවන මෙම චන්ද්‍ර ග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වෙයි.
ජ්‍යෝතිෂ්‍යය අනුව චන්ද්‍රග්‍රහණයක් සිදුවන සෑම අවස්ථාවකදීම ඊට දින 3 කට පෙර හා දින 3ක් පසුවන තෙක් පෘථිවියට අනුව බලපෑම් එල්ලවන බව කියැවෙයි.
ඒ අනුව මේ පිළිබඳව අප ඉතා සැලකිලිමත් විය යුතු වන්නේ 2021 මැයි 14 දින රාත්‍රි 11.25ට රවි වෘෂභ රාශිගතව සතුරු ලෙස පිහිටීම ද මෙම අසුබතාව දෙගුණ තෙගුණ කිරීමට හේතු විය හැකි බැවිනි. ඇත්තෙන්ම චන්ද්‍රයා යනු විශ්වයට හොඳ යහපත් බලපෑම් ඇති කරන අතර අයහපත් බලපෑම් ද එල්ල කරනු ලබයි. සඳ කාලෙට ගැබිනි මවුවරුන්ගේ විලිරුදාව දැඩි කිරීම, මානසික ආබාධ ඇති අයගේ ආබාධ උත්සන්න කිරීම, වඩදිය බාදිය ගැලීම් ඇතුළු පරිසර ව්‍යාකූලතා රැසක් සිදු කිරීමට සමත් වෙයි. සඳේ හැසිරීම මෙන්ම හිරුගේ චණ්ඩ බව නිසා දැනට සිදුවෙමින් පවතින සමාජ විෂමතා පරිසර හානි වැඩිවීමට ද මේ ඉදිරි කාලය වෙන් වීමට පුළුවන. රවිගේ බලපෑම් අතර පරිසර විෂමතා ලෙඩ රෝග ව්‍යාප්ත වීම් පෙන්වා දිය හැකි අතර චර්ම රෝග, වෛරස්, වසංගත තත්ත්වය රවි වෘෂභ රාශියේ ගත කරන මසක පමණ කාලය තුළ දැඩිව සිදුවිය හැකිය. ඒ අනුව 2021 ජුනි 15 වැනි දින උදේ 06.01 න් පසු රවි මිථුන රාශිගතව සම තත්ත්වයට පත්වන තුරුම සුපුරුදු උවදුරු රැසකට අපට මුහුණ දීමට සිදුවිය හැක. ඒ නිසා මේ විෂම කාල පරිච්ඡේදය ඔබ අප එකිනෙකා අතර සුහදත්වය රැකෙන ලෙස මේ උවදුරු සමසේ එකිනෙකා අතර ආදර කරුණාව අනුකම්පාව ඇති වන පරිදි එසේම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ඉතා ඉවසීමෙන් සහජීවනයෙන් කටයුතු කළ යුතුවෙයි. එවිට මේ විෂම ග්‍රහ කාල පරිච්ඡේදය අවසන් වීමත් සමඟ ඔබට අපට 2021 ජුනි මස මැද භාගයේ පටන් ස්ථිර සාර සැනසුම් සහගත තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවෙනු ඇත. තවද මේ කාල පරිච්ඡේදය තුළ සිදුවන කුජ, බුධ, සිකුරු, මිථුන රාශිගත වීමද සෙනසුරු වක්‍රවීම ද නිසා අගභාගයේ යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට හැකිවනු නියතය.