හච් හා Bobble AI එක්ව දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැර­සෙයි | සිළුමිණ

හච් හා Bobble AI එක්ව දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැර­සෙයි

 

 


ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයන්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.

මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයන්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර එමඟින් දේශීය භාෂාවන් ටයිප් කිරීමේ හැකියාව (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි), තමන්ටම ආවේණික වූ ස්ටිකර් සහ GIFs (සිංහල සහ දමිළ භාෂාවන්ගෙන්), Animated Big Mojis™ සහ ශබ්ද වචන බවට පරිවර්තනය කිරීම (සිංහල සහ දමිළ භාෂාවන්ගෙන්) වැනි සුවිශේෂී අත්දැකීම් ලබාගත හැක.

මෙමඟින් පරිශීලකයන්ට ඔවුන්ටම විශේෂිත වූ කීබෝඩ් තේමාවන් සහ අකුරු මාදිලි ලබාදීම නවමු අත්දැකීමක් වන අතර සියලුම ජංගම චැට් app සහ browser හි මෙම කීබෝඩ් එක හොඳින් ක්‍රියාත්මක වන බැවින් පවුලේ සාමාජිකයන් සහ මිතුරන් අතර සමීප සම්බන්ධතා වර්ධනයට එය උපකාරීවනු ඇත.

Bobble AI කීබෝඩ් 4.5 ක Play Store ශ්‍රේණිගත කිරීමකට සහ ක්‍රියාශීලී පරිශීලකයන් 50,000කට හිමිකම් කියයි.

ඊට අමතරව Bobble AI කීබෝඩ් හරහා ecosystem හවුල්කරුවන්ට තම ඩිජිටල් සේවාවන් සන්නාම හවුල්කාරිත්වයන් යටතේ ප්‍රවර්ධනය කරගැනීමේ සුවිශේෂී අවස්ථාවක් ලබාදී ඇති අතර මෙය ව්‍යාපාරිකයන්ට සහ පරිශීලකයන් යන ද්විත්වයටම වාසි සලසනු ලබයි. ශ්‍රී ලංකාව තුළ සහජීවනය වර්ධනය කිරීමේ Bobble AI හි දැක්ම වෙත ලඟා වීමට මෙම සන්නාම හවුල්කාරිත්වයන් මහඟු පිටිවහලක් වනු ඇත.

Comments