
"හැම දෙයක්ම තිබෙන තත්වයෙන්, හෙවත් පවතින තත්වයෙන්, වෙනස් වෙනවා. සමහර දේවල් වෙනස් වෙනවා නොව, වෙනස් කිරීමට සිදු වෙනවා. වෙනස් නොවී හෝ වෙනස් නොකර පවත්වාගත හැකි දේ කුමක්ද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. වෙනස් වෙන්නේ ස්වභාවික බලපෑමක් (natural effect) වශයෙන්. වෙනස් කරන්නේ කෘත්‍රිම බලපෑමක් (artificial effect) වශයෙන්. මේ නිසා මේ කාරණා වටහා ගැනීමට සන්නිවේදන විශේෂඥයාට සිද්ධ වෙනවා."
මෙසේ ලියා සටහන් කර ඇත්තේ 'මානව සන්නිවේදනය' යන අර්ථය දෙන Human Communication නමින් පොතක් ලියන කොලින් චෙරි (Colin Cherry) නමැති සන්නිවේදන මහාචාර්යවරයා.
"මහාචාර්යවරයා වෙන මොනවාද සටහන් කරන්නේ?"
"අපූරුතම සංකල්පයක් වශයෙන් එතුමා ගෙන හැර දක්වන්නේ යමක් වෙනස් කිරීමට මැදිහත් වන මානව සන්නිවේදන නිසා පවතින තත්වයක නවතාවක් ඇති වෙනවා. මේ නවතාව හඳුන්වන්නේ හෝ හැඳින්විය හැක්කේ 'අලුත්වීම' යන අර්ථය දෙන modernisation යනුවෙන්."
"මොනවද ගත හැකි නිදර්ශන?"
"කෙළවරක් නැහැ. මානව විද්‍යාඥයන් පෙන්වාදෙන ආම්පන්න නිපදවීම (making utensils) ගෙවල් දොරවල් හැඩවැඩ ගැන්වීම, ලියන කියන ආකාරය වෙනස් කරගැනීම, තොරතුරු ලබා ගන්නා ආකාරය වෙනස් කර ගැනීම, තම තමන්ගේ ආරක්ෂා විධිවිධාන සැලසුම් කරගන්නා හැටි, ලෙඩදුක් වලට ප්‍රතිකාර ලබාගන්නා ආකාරය වෙනස් කර ගැනීම, යානවාහන වනෙස් කර ගැනීම, පාරවල්, මංමාවත් වෙනස් කර ගැනීම යනාදිය සැලකිය යුත්තේ වෙනස් කරගන්නා දේවල් වලින් ස්වල්පයක් වශයෙන්."
"මේ වෙනස් කර ගැනීම අවශ්‍යතාවක් (necessity) වශයෙන් සලකන්නට වෙනවා නේද?"
"මෙය සලකන්නේ සන්නිවේදන අවශ්‍යතාවක් (communication necessity) වශයෙන්. මේ සඳහා මූලික වශයෙන් මානව චින්තනයේ (human thinking) වෙනස්කම් ඇති කර ගැනීමට සිදු වෙනවා."
"ඒ කාරණය පැහැදිලි කරගත්තොත් හොඳයි."
"සන්නිවේදන අවශ්‍යතාව සිදුවන්නේ මානව චින්තනයට අනුකූලව යි. මේ නිසා මානව චින්තනය පදනම වශයෙන් සැලකෙන්නේ විඥානය හා තාක්ෂණය -- යනුවෙන්. මෙය පුළුල් විෂය ක්ෂේත්‍රයක්. ඒත් එහි දිගු පුළුල් බව වටහා ගැනීමට සිදු වන්නේ මානව සංවර්ධනයට (human development) අනුකූලව යි. එක් කලෙකදි පැවැති මානව චින්තනය තවත් කලෙකදි වෙනස් වෙනවා. මේ වෙනස් කිරීම අපට වෙලාවකට පේන්නේ අදිසි හස්තයකින් හෝ දේව බලයකින් සිදු වුණු විදිහටයි.
ඒ නිසා මානව විඥානය පිටුපස දෛව බලයක් (divine power) තිබෙන බවටත් මානවයන් තුළම මතයක් පැතිර ගියා. විද්‍යා ඥානයක් නොමැතිව කිසිම නවීකරණයක් හට නොගන්නා බව ඔප්පු කිරීමටත් සහතික කිරීමටත් ගත් වාදයම කෙතරම් ද යන්න ඒ සම්බන්ධව ලියා ඇති පොත පතේ අන්තර්ගත කාරණා අනුව වටහා ගැනීමට සිදු වෙනවා."
"සන්නිවේදන දැක්මේ, වර්ණ වෙනස් කිරීමට මෙහි දී ඒකරාශි වන මානව සම්පත් (human resources) කීපයකත් වටහා ගැනීමට සිදු වෙනවා. ප්‍රාථමික වශයෙන් නවීකරණ සංකල්පයේ ස්වභාවය අපට වටහා දෙන්නේ මානව විද්‍යාඥයින් (anthropologists) මානව විද්‍යා දැක්මට අනුව සංස්කෘතින් වෙනස් වෙන ආකාරය පෙන්නුම් කෙරෙනවා. එසේ සංස්කෘතික වෙනස්කම් ඇති වූ විට භෞතික වෙනස්කම් සිදු වෙන හැටි පෙන්නුම් කෙරෙනවා."
"මුවින් නාදමාලාවක් නිකුත් කරමින් ගී ගැයූ ගායකයා අතට සංගීත භාණ්ඩයක් ලැබුණා. නිකම්ම ලැබුණා නොවේ. අවශ්‍යතාවක් පදනම් කරගෙන සංගීත භාණ්ඩය නිදපවූයේ. මේ නිසා නාදමාලාව නවීකරණය වුණා නේද? කොටින්ම අපට වටහා ගැනීමට සිදු වන්නේ සාම්ප්‍රදායික රටාවන් (traditional patterns) වෙනස් වීමට අනුකූලව නවීකරණ රටාවන් ද (modernisation patterns) වෙනස් වෙන බව යි.
"ඔබ තුළ සිදු වූ වෙනස,
ඔබට වටහාගත හැකි නම්,
ඔබ අවට සිදු වූ වෙනස,
වටහාගැනුම පහසුයි."