උසස් පෙළින් A තුනක් ගත් දෘෂ්‍යා­බා­ධිත චමු­දිත | සිළුමිණ

උසස් පෙළින් A තුනක් ගත් දෘෂ්‍යා­බා­ධිත චමු­දිත

 

කේ.කේ. චිත්‍රානන්ද,

හිදෝගම සමූහ

 

මෙවර අධ්‍යාපන අ.පො.ස උසස් පෙළ විභාගයෙන් චමුදිත දමයන්ත සිසුවා ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට සමත් විය. මෙහි විශේෂත්වය වන්නේ ඔහු බ්‍රේල් ක්‍රමයට අධාපනය ලැබූ අයෙකු වීමය.

කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චමුදිත 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 161 ලබා ගෙන ඇති අතර, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් සහ බී සාමාර්ථ එකක් ලබා ඇත.

චමුදිත දමයන්ත ගේ පියා විශ්‍රාමික ගුරුවරයෙක් වන අතර ,මව හෙද නිලධාරිනියක් ලෙස වතුපිටිවල මූලික රෝහලේ සේවය කරන්නීය.

දෘෂ්‍යාබාධයකින් පෙළෙන චමුදිත කිසි විටෙකත් සිය ඉගෙනීම් කටයුතු මගනොහැරීමට වගබලා ගත්තේය. ලැබු ජයග්‍රහණය පිළිබඳ ඔහු මෙසේ පවසන්නේ ය.

“මගේ අධ්‍යාපන කටයුතු වලට උදවු උපකාර කළ මාගේ අම්මාට තාත්තාට සහ මට ඉගැන්වූ සියලුම ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුන්ට මාගේ ස්තූතිය සහ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.

Comments