
“ජනප්‍රිය යන යෙදුම සන්නිවේදන අධ්‍යයනයේදි බහු අරුත් සපයන අතර විවාදාපන්න අරුත් ද සපයන බව අමතක නොකරන්න. එක් අයකුට හෝ කණ්ඩායමකට ජනප්‍රිය (Popular or favourite) යමක් ඇත්නම්, එයම තවත් අයකුට හෝ තවත් කණ්ඩායමකට එසේ නොවනු ඇත. මේ නිසා ‘ජනප්‍රිය‘ යන්න අර්ථ සමුදායක් රැගත් යෙදුමක් වශයෙන් සලකන්නට වෙනවා. මම කැමති දේකට ඔබ බාගදා අකැමැති වන්නට පුළුවන.“ මෙසේ පවසන්ට පටන් ගත්තේ සන්නිවේදනයේ ‘ජනප්‍රිය‘ සංකල්පය (Popular Concept) ඉගැන්වීමට පැමිණි සන්නිවේදන ගුරුවරයා වන ජේම්ස් ඩී. හැලැරස් (James D Halliras) මහාචාර්යවරයා. ඔහු පන්තිකාමරයට පැමිණ වෙනත් බොහෝ ගුරුවරුන් මෙන් සම්පූර්ණ සම්මත ඇඳුම් කට්ටලයකින් හෙවත් ගෞරවනීය ලෙස සැලකෙන ඇඳුම් කට්ටලයකින් (Full suit or tradition bound suit) සැරසී නොවේ. මේ නිසා තමන්ගේ ඇඳුම් කට්ටලයම නිදසුනකට ගැනීමට කැමති බවක් පෙන්නුම් කළා. “බලන්න, මම මේ ඇඳගෙන ඇවිත් තියන ඇඳුම. මම ටයි එකක් දාගෙන නැහැ. කමිස කර පියවලත් නැහැ. මම කෝට් (Coat)එකක් ඇඳගෙනත් නැහැ. මට නිකමට හිතුණා, මම ටයිකෝට් වලින් සැරසෙන්න වුවමනා නැහැ කියලා. ඇයි මට එහෙම හිතුණේ? කිසි කෙනෙක් මට බලකෙරුවෙත් නැහැ. මගෙන් කිසි කෙනෙක් ඉල්ලුවෙත් නැහැ. අසවල් ඇඳුම් කට්ටලයෙන් සැරසී පන්ති කාමරයට පැමිණිය යුතුයයි නියමයක් ඇත්තෙත් නැහැ. දැන් මම අහන ප්‍රශ්නය මෙපමණය.
“මගේ මේ ඇඳුම් කට්ටලයට බොහෝ දෙනෙක් කැමතිද? නැද්ද? කැමතියි පවසන අයට අත උස්සන්න කිව්වොත් කී දෙනෙක් අත උස්සයිද? අකැමැති පවසන අය අත උස්සන්න කිව්වොත් කී දෙනෙක් අත් උස්සයිද? අනිත් අතට මම ඒ කාරණා දැන ගත යුතුද? දැන ගැනීමට කැමති නම් මට ඒ මත විමැසුම කරන්නට පුළුවන්. ඒත් එහෙම මත විමසුමක් අවශ්‍යද නැද්ද? (Necessity) යන්න විමසිය යුතුනම් එසේ විමසිය හැකිය. මේ නිසා අපට එක් ප්‍රධාන සන්නිවේදන සූත්‍රයක් (communication theory)ගොඩ නැඟීමට පුළුවන් වෙනවා.“
“මොකක්ද ඒ න්‍යාය?“
“කැමැත්ත හෝ අකැමැත්ත හෝ රුචිය හා අරුචිය විමසීමේ අවශ්‍යතාව“
'The necessity to know the likes and dislikes, preferences and precedences in some matter'
“මේ කාගේ න්‍යායක්ද? කාගේ සූත්‍රයක් ද?“
“මේක පරපුරින් පරපුරට පැවැත එන පරපුරු න්‍යායක් (a generation theory) පරපුරු න්‍යායට පටන්ගත් පුද්ගලයන් නැහැ. පටන් ගත් තැනක් නැහැ. පටන්ගත් හේතු සමුදායක් නම් පවතිනවා.“
“ඒ කුමක්ද?“
“අවශ්‍යතාව (the necessity)
“සුළඟ අපට අවශ්‍යය. ජලය අපට අවශ්‍යය. කෑම්බීම් අවශ්‍යය. ගින්දර අවශ්‍යය. කතාබහ අවශ්‍යය. කෙතරම් අවශ්‍යද? අවශ්‍යතාවේ මිනුම කුමක්ද?“
“අවශ්‍යතාවට මිනුමක් නැහැ කියල සමාජ සම්මතයක් පවතිනවා. (there is no measure for necessity)මේ න්‍යාය වටහාදීමත් අපහසුයි. වටහාදීමට පරපුරින් පරපුරට වෑයම් කලත් ඒක තවමත් නොවැටහී පවතිනවා. බාගදා ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් (a biological need) වෙන්ට පුළුවන්. බාගදා පැවැත්මේ සාධකයක් (a factor in .........) වෙන්නටත් පුළුවන්. අපේ මිනුම් වෙනස්වීමට පුළුවන්. ඒ කොහොමද එහෙම වෙන්නේ? අපි මිනුමට ගන්නා මිනුම් දණ්ඩ කෘත්‍රිම සාධක මත පවතින්නක් වෙන්ට පුළුවන්. ඒ තත්ත්වය කොහොමද වටහා ගන්නේ? අපි කතාබහ කරමින් හිටිය ‘ජනප්‍රිය‘ සංකල්පය ගැන. මේ සංකල්පය වුවමනා නම් කෘත්‍රිම සාධක මත පවතින්නක් බවට පත් කරන්න පුළුවන්. ඒ කොහොමද?
අපි ගනිමු අපේ සංවාදයට මුල්වුණු ඇඳුම් කට්ටලයම. ඇඳුම් කට්ටලයක් වෙනුවෙන් අපූරු වගන්ති ලියන්නට බැරිද? පුළුවන්. ඇඳුම් කට්ටලයක් වෙනුවෙන් ගීතයක් ලිවීමට බැරිද? පුළුවන්. ඒ ගීතය, ඒ වගන්ති නිතර නිතර ඇහෙන්ට සලස්වන්නට බැරිද? මොකද බැරි? පුළුවන්.
වැඩි පිරිසක් කතා කරන නැතුවම බැරි වස්තුවක් කෘත්‍රිම ලෙස ඇති කිරීමට බැරිද? පුළුවන්. ඒ හැකියාව ඇති අය සමඟයි අපි අපේ කලදවස ගත කරන්නේ. ඒ නිසා කෙනෙක් කිව්වොත් අපි කලදවස ගෙවන්නේ කෘත්‍රිම සාධක මඟින් ‘ජනප්‍රිය‘ සංකල්පය උලුප්පා දක්වන ලෝකයක කියල. ඒ මතයට අපට එකඟවීමට සිද්ධ වෙනවා. මේ නිසා අවශ්‍යතාව එකක්. අවශ්‍යතාව සකසන කෘත්‍රිම සාධක තවෙකක්.“