
නැවියන් දෙදෙනා තමන් කවුදැයි විහාරාධිපතීන් වහන්සේට පැවසූ විට උන්වහන්සේ ඔවුන් පිළිගෙන හොඳින් සංග්‍රහ කළහ. (ඒ කාලයේ බ්‍රිතාන්‍ය විරෝධී බොහෝ සිංහල බෞද්ධයන් තුළ ජපනුන්ට යම් පක්ෂපාතිත්වයක් තිබිණී).
නැවියන් දෙදෙනා බෞද්ධයන් බව දැනගත් විට ඔවුන් පැවිදි කිරීමට විහාරාධිපති හිමියෝ කැමැත්ත පළ කළහ.
බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්ෂා වීමටද එය අවස්ථාවක් බව වටහාගත් ජපනුන් දෙදෙනාද ඊට එකඟ වුහ
මෙම කතාවේ පටන්ගැන්ම මීට වසර හැත්තෑ අටකට පෙර, මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ සිදු වුවද ඒ පිලිබඳ සැබෑ පුවත හෙළිවුයේ මීට තුන්වසරකට පෙරය. මීට පසුබිම් වුයේ දෙවන ලෝක යුද සමයේ 1942 අප්‍රේල් නවවැනිදා පාන්දර ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුරට සහ චීන වරායට ජපනුන් ගුවනින් බෝම්බ හෙළීමයි. ඒ ගුවන් ප්‍රහාර එල්ල වූයේ ඔවුන් කොළඹට සහ ඒ අවට පෙදෙස් වලට පහර දී සිවු දිනකට පසුවය.
ගිනිගෙන දැවෙන හ්ර්ම්ස් නෞකාව
ත්‍රිකුණාමල ප්‍රහාරයට සම්බන්ධ වූ ජපන් ගුවන් යානා සමුහයට යානා එකසිය විසි පහක් ඇතුළත් විය. ඒ පහර දීමේදී නැෙඟනහිර මුහුදේ දෙස සිට ගුවන් යානා වාහක නැව් මතින් අහසට නැඟ සිය ඉලක්ක දෙසට පියාසර කල යානා සමුහයේ එන්ජින් වල ශබ්දය සැතපුම් ගණනාවකට දුරින්ද ඇසුණු බව එවකට රත්මලාන සහ චීන වරාය ගුවන් තොටුපළවල බුද්ධි අංශ ස්ථාන භාර නිලධාරියෙකු (Station Intelligence Officer) ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ මයිකල් ටොම්ලින්සන් පවසයි. ඔහු එය සඳහන් කරන්නේ ජපන් ගුවන් ප්‍රහාර පිළිබඳව ලියු THE MOST DANGEROUS MOMENT (ඉතා අවදානම් මොහොත) නම් පොතේය.
ඒවාට මුහුණ දීමට බ්‍රිතාන්‍ය ගුවන් හමුදා යානා විසි එකක් චීන වරාය ගුවන් තොටුපළෙන් ගුවන් ගතවිය. පොළොවේ සිට අඩි විසි දෙදහසක සිට අඩි අටදහසක උසක් අතරතුර අහසේ සිදුවූ ඒ සටන සම ශක්තියෙන් සිදුවූවක් නොවින. ඒ ජපන් යානා ගණන බ්‍රිතාන්‍යයයන්ට ඒ අවස්ථාවේ සතුව තිබු යානා ගණනට වඩා වැඩි වීමය. ඒ සටනින් බ්‍රිතාන්‍ය යානා එකොළහක් විනාශ වූ අතර චීන වරායේ බිම නවතා තිබු තවත් යානා රැසකටද ඒ ඉරණම අත්විය.
ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍යය නාවික හමුදා මධ්‍යස්ථානයටද බෝම්බ හෙළීමෙන් එක් වෙඩි උණ්ඩ ගබඩාවක් ගිනිකෙළි සංදර්ශනයක් විලසින් පුපුරා යනු ඉහළ සිට දුටු බව ප්‍රහාර මෙහෙය වූ ජපන් නාවික-ගුවන් හමුදා කපිතාන් මිට්සුඕ ෆුචිඩා පවසයි (Midway: The Battle that doomed Japan in five fateful minutes).
එදා ජපනුන් හෙළු එක් බෝම්බයක බර කිලෝ ග්‍රෑම් අටසියයකි.
ජපන් ගුවන් යානා ත්‍රිකුණාමල නාවික කඳවුරට ඉහළින් පියාසර කරද්දී ලංකා ගැරිසන් කාලතුවක්කු හමුදාවේ භටයෝ බිම සිට ඒ දෙසට වෙඩි තැබූහ. එහෙත් ප්‍රහාරය නතර කරන්නට ඔවුන්ට නොහැකි විය.
රාජකීය නාවික හමුදාවේ හර්ම්ස් (Hermes) නම් ගුවන් යානා වාහක නෞකාවද වැම්පය (Vampire) නම් යුද නැවක්ද ගිල්වා දැමීමට ජපන්නු සමත්වූහ. ඔවුන් ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍ය යුද කඳවුරු වලට සහ වරායට එල්ල කළ ගුවන් ප්‍රහාරයේදී හත්සියයක පමණ පිරිසක් මියගිය අතර ඉන් වැඩිදෙනා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ අය වූහ. ඉතිරි පිරිස වරාය සේවකයන්ය. ජපන් ගුවන් නැවියන් කිහිප දෙනෙක්ද මිය ගියහ. දේපළට සහ යුධෝපකරණ වලට සිදුවූ අලාභ හානිද විශාල විය.
ගුවන් ප්‍රහාරයෙන් වසර හැත්තෑ පහකට පසු එනම් වසර 2017 මැයි මාසයේ දිනෙක එවකට ලංකාවේ ජපන් තානාපතිව සිටි කෙනිචි සුගනුමා මහතා ත්‍රිකුණාමලයේ කළ සංචාරයකදී එහි තෙල් ටැංකි පරිශ්‍රයේ අංක 91 දරන තෙල් ටැංකිය වෙත ගොස් එහිදී මළවුන් වෙත පිදෙන මල් වඩමක් තැන්පත්කොට කොට හිස නමා ආචාර කළේය. ඒ 1942 දී ජපන් ගුවන් ප්‍රහාරයේදී එම තෙල් ටැංකියේ වැදී ගිනිගත් ජපන් ප්‍රහාරක යානයක සිටි ජපන් නැවියන් තිදෙනෙකු සිහිකිරීම පිණිසය. ඔවුන්ගෙන් කෙනෙක් තානාපති සුගනුමාගේ සීයා කෙනෙකි.
කපිතාන් ෆුචිඩා
ෂිගෙනොරි වටනබේ, ටොකියා ගොටෝ සහ සුටොමු ටොෂිරා යන ඒ තිදෙනා සිහිවීම පිණිස සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දැන්වීම් පුවරුවක් එම තෙල් ටැංකියේ සුන්බුන් අසල සවිකර ඇත. ඔවුන් ගමන් කළ යානයේ එන්ජිමේ ඉතිරිවූ කොටස් ද අදත් එහි දක්නට ඇත.
ප්‍රහාරක යානය කඩා වැදීමත් සමඟ ලීටර් මිලියන 1.2 ක ධාරිතාවකින් යුත් එම ටැංකියට (පරිශ්‍රයේ අනෙක් ටැංකි මෙන්) ඇවිළුණු ගින්න සහමුලින්ම නිවීයාමට දින කිහිපයක්ම ගතවී යයි මයිකල් ටොම්ලින්සන් පවසයි.
දශක හතකටත් වැඩි කලක් පුරා මේ ගැන පැතිරුණු කතාව වුයේ ලක් පොළොවට ඉහළින් සිදුවූ ගුවන් සටනකදී පළමු වරට සතුරා නැසීමට මරාගෙන මැරෙන අදිටනින් ජපන් ගුවන් නැවියන් තිදෙනා දිවි පිදු බවය.
ටොම්ලින්සන් පවා සිය පොතේ සඳහන් කරන්නේ වටනබේ, ගොටෝ සහ ටොෂිරා රැගත් ප්‍රහාරක යානය තෙල් ටැංකියට ඉහළින් වටයක් ගසා එකවිටම ඒ මතට වේගයෙන් කඩා වැදී තිදෙනාම පණපිටින් දවමින් ඒ ටැංකිය ඔවුන්ගේ අවමඟුල් චිතකය බවට පත් කරගත් සැටිය. (ඇත්ත වශයෙන්ම ජපානය එවැනි මරාගෙන මැරෙන ගුවන් සේනාංකයක් පිහිටවුයේ ත්‍රිකුණාමල ප්‍රහාරයෙන් දෙවසරකට පසුවය).
මේ සිද්ධියේ සැබෑ තතු හෙළිවුයේ විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදා විං කමාන්ඩර් රංජිත් රත්නපාල 2018 දී චීන වරායේ සහ මොරවැව ගුවන් හමුදා ඉතිහාසය පිළිබඳ කළ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් නිසාය. ඔහු පවසන අන්දමට ජපන් ගුවන් යානය සහ තෙල් ටැංකිය ගිනිගෙන දැවුණු සුන්බුන් අතර හමුවුයේ එක් මිනිස් හිස් කබලක් පමණි. එසේ නම් මියගියා යැයි විශ්වාස කළ අනෙක් දෙදෙනාට වුයේ කුමක්ද?
මේ ගැන මෙතෙක් කිසිවෙකු නොදැන සිටි කරුණු රත්නපාල මහතාට පැවසුවේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරි ලුතිනන් කමාන්ඩ සෝමසිරි දේවේන්ද්‍ර මහතාය. ඔහු සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප ගත් අතර ඔහුගේ සොහොයුරා ඔහු එකතු කරගත් කරුණු පදනම් කරගෙන ලිපියක් පළ කළේය. ගුවන් ප්‍රහාරයේදී මියගියේ යැයි විශ්වාස කරනු ලැබූ එක් ජපන් නැවියෙකුගේ ඥාතීන්ට එම ලිපිය කියවන්නට ලැබී ඔවුහු දේවේන්ද්‍ර හමුවන්නට මෙරටට පැමිණියහ.
එදා ත්‍රිකුණාමලයට පහර දීමේදී තෙල් ටැංකිය මතට කඩාවැදුණු ජපන් ගුවන් යානයේ නැවියන් මරාගෙන මැරෙන සේනාංකයක භටයන් නොවූ බව පැහැදිලි කළ ඥාතීහු දේවේන්ද්‍ර මහතා සමඟ චීන වරායේ එම සිද්ධිය වූ ස්ථානයට ගියහ.
ඔවුන් දෙවේන්ද්‍රට පැවසු අන්දමට යුද්ධයෙන් පසු හෙළි වූ ඇත්ත කතාව මෙයයි.
ගුවන් ආක්‍රමණයේදී වටනබේ, ගොටෝ සහ ටොෂිරා ගමන් කළ යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වුයෙන් යානය තෙල් ටැංකිය මතට කඩාවැටෙන්නට යන බව දැනගත් නියමුවා අනෙක් දෙදෙනාට පැරචූට ආධාරයෙන් ඉවතට පැන දිවි බේරාගන්නා ලෙස කියා ඇත. එසේ දිවි බේරාගත් නැවියන් දෙදෙනා පතිත වුයේ කැලයකටය.
විශාල වනගහනයක් එකල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තිබු හෙයින් ඔවුන් දෙදෙනා රහසේම ඝන කැලය මැදින් චීන වරායට කිලෝ මීටර් පනහක් පමණ ඈතින් තිබු පන්සලකට සේරුවාවිල රජමහ විහාරයට ළඟා වීමට සමත් වූහ.
ඔවුන්ට එම ප්‍රදේශය ගැන යම් අවබෝධයක් සහ අරමුණක් පැවති බව ඉන් පැහැදිලිවන බව දේවේන්ද්‍ර මහතා කියයි.
නැවියන් දෙදෙනා තමන් කවුදැයි යයි විහාරාධිපතීන් වහන්සේට පැවසු විට උන්වහන්සේ ඔවුන් පිළිගෙන හොඳින් සංග්‍රහ කළහ. (ඒ කාලයේ බ්‍රිතාන්‍ය විරෝධී බොහෝ සිංහල බෞද්ධයන් තුළ ජපනුන්ට යම් පක්ෂපාතිත්වයක් තිබිණ). නැවියන් දෙදෙනා බෞද්ධයන් බව දැනගත් විට ඔවුන් පැවිදි කිරීමට විහාරාධිපති හිමියෝ කැමැත්ත පළ කළහ.
බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්ෂා වීමටද එය අවස්ථාවක් බව වටහාගත් ජපනුන් දෙදෙනාද ඊට එකඟ වුහ.
නැවියන් දෙදෙනා තමන් කවුදැයි යයි විහාරාධිපතීන් වහන්සේට පැවසු විට උන්වහන්සේ ඔවුන්ව පිළිගෙන හොඳින් සංග්‍රහ කළහ. (ඒ කාලයේ බ්‍රිතාන්‍ය-විරෝධී බොහෝ සිංහල බෞද්ධයන් තුළ ජපනුන්ට යම් පක්ෂපාතිත්වයක් තිබිණ). නැවියන් දෙදෙනා බෞද්ධයන් බව දැනගත් විට ඔවුන් පැවිදි කිරීමට විහාරාධිපති හිමියෝ කැමැත්ත පළ කළහ. බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්ෂා වීමටද එය අවස්ථාවක් බව වටහාගත් ජපනුන් දෙදෙනාද ඊට එකඟ වුහ.
එබැවින් ඔවුන් දෙදෙනාගේ හිස් බූ ගා පැවිදි කරවන ලදී. සාමනෙණ්ර දෙනමක් ලෙස මාස කිහිපයක් එම පන්සලේ සිටීමෙන් පසු එවකට ජපන් පාලනය යටතේ පැවති බුරුමයට (අද මියන්මාරය) රහසේ පලායාමට ඔවුන්ට අවස්ථාව ලැබිණ. ඉන් පසු ලෝක යුද්ධය වසර 1945 සැප්තැම්බරයේදී අවසන් වන තුරුම බුරුමයේ සිටි ඒ භික්ෂුන් දෙදෙනාගෙන් කෙනෙක් යුද්ධය අවසානයේදී උපැවිදිව ආපසු ජපානයට ගොස් ඇත. තමන් පිළිබඳ සැබෑ කතාව සිය ඥාතීන්ට හෙළි කළේ ඔහුය. අනෙක් භික්ෂුව මහණදම් පුරමින් අපවත් වන තෙක්ම බුරුමයේ වාසය කළේය.
තෙල් ටැංකියේ සහ ඒ මත කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් අතර තිබී යුද්ධයෙන් පසු හමු වූ මියගිය නැවියාගේ හිස් කබල ඔහුගේ ඥාතීන්ට බාර දෙන ලදී.