
මේෂ - තරග ජයග්‍රහණ රැසක්
මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා සුබයි. සිතේ සතුට අභිවෘද්ධිය ඉතා හොඳින් දැනෙනු ඇත. තම ඥාති හිතවතුන් සමඟ ඉතා සතුටින් ගත කෙරෙන සතියක් වන අතර විවිධ තරග ජයග්‍රහණ හිමි වනු ඇත. තම නිර්මාණශීලී බව නිසා එම ජයග්‍රහණ හිමි වන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ද ඇතිවේ.
වෘෂභ - රැකියාවේ සඵලතා
වෘෂභ ලග්නයට අනුව රැකියාෙව් සුබ ජයග්‍රහණ රැසකි. ආයතනික ප්‍රධානින්ගේ ප්‍රසාදය ඇප උපකාර ලබන සතියකි. කෙසේ නමුදු ඔබ ගන්නා තීන්දු තීරණ සඵලකාරි ඒවාවෙයි. සිතේ අවිවේකය කටයුතු බහුලකම නිසා මතු කෙරෙන නොසන්සුන්තාව නිසා තම ගෘහ ජීවිතයේ යම් යම් කටයුතු අඩාළ වීම තුළ තම සහකාරිය හෝ සහකරුවා අතර කිසියම් සිත් රිදීම් සිදු වුවද ඒවා තාවකාලික වේ. ගමෙන් පිට රාජකාරි කීපයක් තමා පිට පැටවේ.
මිථුන - ආර්ථික ප්‍රතිලාභයක්
මිථුන ලග්නයට අනුව ඉතා උසස් ලැබීමකට හේතුවේ. ආර්ථිකය සඵල වේ. නොසිතූ මාර්ගයකින් ලැබෙන මුදලක් නිසා සිතට සතුට දැනෙනු ඇත. විවාහ ස්ථානයේ අභිවෘද්ධිය මතු කෙරේ. පෙර පිං මහිමය මතු වූවා යන හැඟුම මත තව තවත් පුණ්‍යකර්ම සිදුකර ගැනීමට කටයුතු කෙරෙනු ඇත. පාදයේ වළලුකර තුනටිය යටිබඩ ආශ්‍රිත උවදුරු පෙන්වයි. ප්‍රවේශම් වන්න.
කටක - කලකට පසු හමුවූ මිතුරකුගෙන් යහපත
කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට රැකියා අංශයේ සුවිශේෂ ජයග්‍රහණ රැසක් අත් විඳීමට පුළුවන. කලකට පසු හමුවූ මිතුරකු නිසා සිතට සතුට ද එය රැකියාවේ අභිවෘද්ධියට ද හේතුවේ. ප්‍රධානින්ගේ ප්‍රසාදය හිමිවේ. තමා කරගෙන ආ ව්‍යාපෘතියක ජයග්‍රහණය මෙහිදී ප්‍රමුඛ වෙයි. වාහන ලාභ වාසස්ථාන ලාභ පෙන්වනු ඇත. උනන්දුව උත්සාහය වඩවා ගැනීමට සිතන්න.
සිංහ - ප්‍රාර්ථනය කළ වස්තුවක හිමිකමක්
සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ ජීවිතයේ නොමැකෙන සටහනක් තැබෙනු ඇත. තමා කලක් තිස්සේ ප්‍රාර්ථනා කරගෙන ආ වස්තුවක් ඔබට ලැබේ. ඒ ආර්ථික හා භෞතික වශයෙන් උසස් එකකි. එය මැණික් ගැරීම, වගා කිරීම ආදිය තුළින් වීමට පුළුවන. ඒ ජයග්‍රහණ සඳහා ඔබට දෙවැන්නකුගේ සහයෝගය ඉතා හොඳින් ලැබේ. ඒ ඔබගේ සහකරුවා හෝ සහකාරිය විය හැක. දණහිස පපුව ආශ්‍රිත උවදුරු ඇත. ඒවායින් ප්‍රවේශම් වන්න.
කන්‍යා - කටයුතුවලට බාධා
කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබ මඳක් ප්‍රවේශම් විය යුතුය. අරමුණු ඉටුකර ගැනීමට යාමේදි බාධා එළඹේ. හදිසි අනතුරු මතු කෙරේ. දෙවැන්නකුගේ අතපෙවීමක් නිසා තම ව්‍යාපාරවල පාඩු එළඹෙන සතියකි. ඕනවාට වඩා නොදන්නා අය විශ්වාස කිරීම සුබ නැත. තම ආයතන මට්ටමේ තමාට සහාය දෙන සමහර පුද්ගලයන් විශ්වාසය බිඳෙන ලෙස කටයුතු කිරීමට පුළුවන.
තුලා - අඹු දරුවන් අතර සමගිය
තුලා ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා සුබයි. රවි - බුධ - සිකුරු 7 වැන්නේ ගුරු 05 වැන්නේ විවාහ ස්ථානගත සතුට සමාදානය, අඹු දරුවන් අතර සමගිය, දරු සම්පත් පතන අයගේ අදහස් සඵලවීම ආදියට හේතුවෙයි. තම ව්‍යාපාරවල තුලනාත්මක දියුණුවක් මතු කෙරේ. වියදමට සරිලන ලෙස ආදායම් පෙන්වයි.
වෘශ්චික - වාහන හා නිවාස ලාභ
වෘශ්චික ලග්නයට අනුව මෙම සතිය සුබ අසුබ සමසේ භුක්ති විඳීමට සිදුවේ. ගුරු 4ට වාහන ලාභ නිවාස ලාභය ඒ අතර වෙයි. තම වාසස්ථානයෙන් තාවකාලිකව දුරස්වීමට සිදුවේ. ඒ තම රාජකාරියට අනුව දුර බැහැර දුෂ්කර පෙදෙසකට යළි යාමට සිදුවන නිසාය.
ධනු -රැකියා ව්‍යාපාර ජය
ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා වාසනාවන්ත සතියකි. දූ දරුවන් නිසා සිතට සහනය උදාවේ. දරුවන් සමාජයේ ඉහළටම යන බව දැනී සිත ශක්තිමත්ව පවත්වා ගැනීමට හැකිවේ. තරග විභාග වේවා රැකියා ව්‍යාපාර වේවා ජයග්‍රහණය කරා යන බවට ලකුණු පළවේ. තම ඥාති හිතෛෂීන් වෙතින් හොඳ සහයෝගයක් ලැබෙනු ඇත.
මකර - සිතට විශාල සහනයක්
මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට ලැබීම් අතින් ඉතා සුබයි. තමා කලකට පෙර දැමූ අඩිතාලමකට අනුව එහි නිවසක් ඉදිකිරීමට මාර්ග සැලසේ. නතරකර දමා තිබූ එබඳු කටයුතු රැසක ආරම්භයක් සිදුවේ. ඒ සඳහා බොහෝ අයගේ උපකාර ලැබෙනු ඇත. රැකියාවට සම්බන්ධ උරුමයක් ලැබේ.
කුම්භ - පවුලට අලුත් සාමාජිකයන් එක්වේ
කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබ වන්නේ භෞතික සම්පතක උරුමය හිමිකර දෙමිනි. තම ඥාති සබඳතා පුළුල්වේ. පවුලට නව සාමාජික සාමාජිකාවන් එකතුවේ. නිවසේ උත්සවශ්‍රීයක් උසුලනු ඇත. තමාගේ කලක් පැවති නඩු හබ අවසන්වන ලකුණු පෙනේ.
මීන - හදිසි ධන සම්පත්
මීන ලග්නයට අනුව අද ඔබට හදිසි ධනයකට හිමික් කීමට පුළුවන. තමා අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කිරීමට ඉන් අවකාශය උදාවේ. තමාට පිටරටක හෝ පිටරටක සිටින අයකුගේ සහාය මත තම රැකියාවට නව අංගෝපාංග එක්කර ගැනීමට මඟ පෑදේ. පපුවේ සෙම හතිය උත්සන්නවේ. තුනටියට අගුණවේ. සීතල ආහාරපාන අගුණවන අතර උඩකින් වැටීම වැනි ආපදාවලට මුහුණ දීමට සිදුවේ.