
“සාක්ෂරතාව යන්නෙහි නියම තේරුම දන්නවාද?” ගුරුතුමා ඇසුවේ ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇසූ ගුරුතුමාම, ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීම පුදුමයක් වුණේ නැහැ.
“අපි කවුරුත් අකුරු ඉගෙන ගන්නවා. අකුරු ලිවීමට කියවීමට බැරි තත්වය මඟහරවා ගැනීමට සිදුවෙනවා. ගුරුවරුන් සිටින්නේ අකුරු ඉගැන්වීමට. සිසුන් සිටින්නේ අකුරු ඉගෙන ගැන්මට.
‘අකුරු කරවීම’ කියන්නේත් ඊටමයි.
‘අකුරට යනවා’ කියන්නේ අකුරු ඉගෙනීමට පාසල් යාමටය.
මුනිදාස කුමාරතුංග පඬිතුමා ‘අකුරු සැහැල්ල’ කියලා පොතක් ලියුවා. එහි එන කවකින් පුදුමාකාර කාරණයක් පෙන්නුම් කරනවා.
“නුවණ ලබා දෙනු දෙවියෝ
අකුරු යළිත් නොවනු වියෝ
එ අකුරු මැනැවින් සෙවියෝ
මුලු ලොව සලකන කවියෝ”
දැන් කවුරුත් මේ කවිය හඬ නගා කියන්න බලන්න.”
දරුවෝ කවිය උස්හඬින් කීය.
ඔය පද හතරේ අර්ථ හතරක් තිබෙන බව මතක තියාගන්න වෙනවා. මොනවද ඒ අර්ථ හතර?
මෙතැන ‘නුවණ’ කියන්නේ දැනුම. දැනුම තමයි ඥානය. ආදි කාලේ මිනිස්සු විශ්වාස කෙරුවේ නුවණ ලබා දෙන්නේ ‘දෙවිවරු’ කියල. දෙවිවරු පිළිබඳ විශ්වාසයට තවතවත් නව අර්ථ දීමට බැරිකමක් නැහැ.
අකුරු ඉගෙන ගත්තොත් ඒ අකුරුවලින් පතපොත කියවීම පහසු වෙනවා. අකුරු ඉගෙන ගැනීමේ ඵලය ලෙස අපට පේන්නේ දන්නා ලෝකයෙන් නොදන්නා ලෝකයකට යාමයි. අපි හැම තිස්සේම දන්නේ ටිකයි. ඒත් හොයාගෙන හොයාගෙන යනකොට අපට පේනවා අපේ දැනුම පුළුල්වෙන බව. ඒ නිසා අකුරුවලින් ඈත්වී සිටීමට - වියෝවී සිටීමට පුළුවන් කමක් නැහැ. එතකොට වෙන්නේ නුවණ නැති උදවිය බවට පත්වෙනවා. ඊලඟට අපට පේනවා, අකුරු ඉගෙනීම වුණත් බැරෑරුම් විදිහට ඉගෙන ගැනීමට සිදුවෙනවා. ඒ නිසා මැනැවින් අකුරු හඳුනා ගැනීම නිසා ‘බසක මහිම’ වටහා ගැන්මට හැකියාව ලැබෙනවා. මේ හැකියාව නිසා නොදැනීම කෙනෙකුට ඉහළ මානසික තලයකින් හැම දෙයක්ම පේන්නට පටන් ගන්නවා. ඒක හරියට කඳු මුදුනට නැගගත් පුද්ගලයෙකුට කඳු පාමුල අය පේන්නට පටන්ගන්නවා වාගේ. එහෙම පේන දැනුමැතියන් හඳුන්වන්නේ යන අර්ථයත් අපට මේ හතර පදය මාධ්‍යය ලෝකයට දිගුකිරීමට හැම අතින්ම පුළුවන්කමක් තිබෙනවා. ඒ කොහොමද?
‘අකුරු ඥානය’ නමින් හැඳින්වෙන ලිවීම හා කියවීම ඉංග්‍රිසියෙන් හැඳින්වූයේ ‘literacy’ කියල. ලේඛනය (writing) භාෂණය (expression) ශබ්දය (sound) දෘශ්‍යය (visual) මිනිස් ඉදුරන් නිසා කෙමෙන් ගොඩනැඟුණු සන්දේශ හුවමාරුව කරන හා කරවන ක්‍රියාදාමයක් බවට පත්වුණා. ඒ සඳහා සියවස් ගණනාවක් මුළුල්ලේ මිනිසා තමන්ගේ ‘සාක්ෂරතා ඥානය’ (know ledge in literacy) මෙහෙයවූවා. කෙමෙන් අද අපට ඒ හැටි අලුත් නොවන යෙදුමක් සමීපවෙලා තිබෙනවා. ඒ යෙදුම තමයි මාධ්‍ය සාක්ෂරතාව. ඉංග්‍රිසියෙන් හඳුන්වා දෙන්නේ Media literacy කියලයි. මාධ්‍ය සාක්ෂරතාව අද පන්ති කාමරවල ඉගැන්වීමට රසායනාගාර ක්‍රම භාවිතයට ගැනෙනවා. හැම මාධ්‍යයකටම ඒ මාධ්‍යය සතු ‘අකුරු කරවීමක්’ ඇති බව හඳුනාගැනීමට සිදුවෙනවා.
බලන්න, මේ පුවත්පත. මේක පුවත්පතක් (Newspaper) එකක් මිසක් පොතක් (Book) නොවේ. පත්‍රිකාව කුත් නොවේ. හැබැයි මේ තුන් වර්ගයේම මුද්රිත අකුරු තිබෙනවා. ඒත් ඒ අකුරුවලින් පළවන ‘සන්දේශ’ වල වෙනසක් තිබෙන්නට පුළුවන්. මේ පුවත්පතට, ඇතුළත් ප්‍රධාන අංගය තමයි පුවත් (News). ඒ පුවත් දේශීය හා විදේශීය පුවත්. විවිධාකාර ආකාරයට ලියල තිබෙන පුවත්. ඒ විතරක්ද? තවත් අංග හා උපාංග තිබෙනවා. ඡායාරූප (photos) තිබෙනවා. කාටුන් චිත්‍ර (cartoons) තිබෙනවා. ඒ විතරක්ද නිර්මාණ වර්ග තිබෙනවා. පුංචි පුංචි කවි කතන්දර තිබෙනවා. මේකට පුවත්පත කියන අතර අපේ කනට යම් යම් දේවල් ඇසෙන මාධ්‍යයකුත් තිබෙනවා. ඒකට කිය්නනේ ගුවන් විදුලිය (Radio) කියල. ඒ විතරක්ද නෑ! තවත් මාධ්‍ය තිබෙනවා. ඇයි ඇස් දෙකට පේන රූප ඇති මාධ්‍යය, ඒකට කියන්නේ එක්කෝ චිත්‍රපට කියල (Films) නැත්නම් රූපවාහිනි (television) කියල. මේ හැම මාධ්‍යයකටම සීමාවූ සාක්ෂරතාවක් තිබෙන බවත් හිතන්නට වෙනවා.