මොනරුන්ගෙන් පීඩා විඳින කළුතර ගැමියන්ගේ දුක්බර කතාව | සිළුමිණ

මොනරුන්ගෙන් පීඩා විඳින කළුතර ගැමියන්ගේ දුක්බර කතාව

පෙරදී වියළි කලාපයේ ජීවත්වූ මොනරුන් දැන් දැන් කළුතර දිස්ත්‍රික්කයේ ගම් දනව් සිසාරා, කෑම සොයන අයුරු අද වන විට සුලබ දසුනකි. පිල්විදහා නටන ෙමානරකු දැකීම අැසට ප්‍රිය වුවද කළුතර දිස්ත්‍රික්කයේ ෙගාවිජනතාවට නම් ෙමානරුන් දැකීම දැන් අැසට කඳුළු නන්වන්නකි.

“කළුතර අපි ඉස්සර මොනරුන් දැක්කේ සත්තු වත්තේදී. නැතිනම් කතරගම, අනුරාධපුර, යාල ආදී ප්‍රදේශවලදීය. ඒත් දැන් කළුතරටත් මොනරු බෝවෙලා. මේක ගෝලීය උණුසුම් වීමේ එක් ප්‍රතිඵලයකැයි කළුතරින් බිහිවුණු අන්තර්ජාතික සම්මාන දිනුව මහාචාර්ය නිමල් ගුණතිලකයන් හෙළි කර සිටියේය.

ගුණතිලකයන් ගේ මතයට ඌනපූර්ණයක් එක්කළ බුලත්සිංහල හල්වතුර විද්‍යාලයේ විදුහල්පති අනුර කුලතුංග කියන්නේ

“බුලත්සිංහල සංචාරක හෝටලයක හිමිකරුවකු පක්ෂි ලෝලියෙක්. ඔහු විනෝදාස්වාදයට තම හෝටලය පවතින භූමියේ උකුස්සන් හා මොනරුන් ගෙනැවිත් ඇතිකර තියෙනවා. හෝටලයේ හිමිකරු හදිසියේම මිය ගියා. ඔහුගේ භාර්යාව ද සතුන්ට ආදරය කළා‍. ඇය මොනරුන් (පැටවුන් හතර දෙනෙකු) නිදහස් කර කැලයට මුදා හැරියා. ඒ නිසා තමයි මේ පැත්තට මොනරු බෝ වුණේ.

සත්ත්ව හා පරිසරවේදීහු මොනරුන් බෝ වීම පිළිබඳව තවත් මතයක් දරති.

“කටු පොල් කළුතර වටේම වැව්වා. කටුපොල් ගසේ ක‍ඳේ ‘විෂඝෝර සර්පයෝ ශීඝ්‍රයෙන් වැඩුණා. සර්පයන්ව ගොදුරු කරගන්නට කටුපොල් වතුහිමියෝ හොරෙන් හොරෙන් මොනරු ගෙනැවිත් දැමුවා.”ඒ ඔවුන්ගේ මතයයි

බුලත්සිංහල දේශීය උරුම ගවේෂණ පදනමේ ඉන්දික විතානගේ බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක, පරිසර ලේඛක චිරාත් භාරත, රුහුණු සරසවියේ පරිසරවේදී දිනේෂ් සීවලී යන පර්යේෂකයන් හෙළි කරන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වනාන්තර ක්‍රමයෙන් අඩුවීම නිසා මොනරුන් ආහාර සොයා ගම් වැදෙන බවය.

කළුතර දිස්ත්‍රික්කයේ ගොවිතැනින් ජීවත්වන පවුල් ලක්ෂ ගණනකි. වී වගාව කර ඇති හා පුරන් වුණු අක්කර ප්‍රමාණය 54000 කි. තේ අක්කර 49000 කි. කුඩා තේ වතු හිමියන් 44000 කි. සර්ව භක්ෂක සත්වයෙකු වන මොනරා සර්පයන් කෘමි සතුන් හැරුණ විට ශාඛ ද ආහාරයට ගනී.

හල්වතුර විදුහලේ විදුහල්පති අනුර කුලතුංග මහතා ‘සිළුමිණ’ට අනාවරණය කරන්නට වූයේ කිසිවකු මින් පෙර නෑසු පුවතකි.

“මාස ගණනක සිට මගේ තේ ඉඩමේ තේ දලු කිලෝ හත අටක් හැමදාම අඩු වුණා. අල්ලපු ඉඩමේ පදිංචිකරුවන් මගේ ඉඩමේ තේ දලු කඩන බවට සැකකරමින් දින කිහිපයක් ම ඔවුනට අවවාද කළා. ඒත් නිසි පලක් නැති තැන මේ හොරකම අල්ලා ගැනිමට සිතුවා. ෂටස් ෂටස්....ශබ්ද නඟමින් තේ දලු කඩන ශබ්දය් ඇහුණා. විපරම් කර බලන විට මම දුටුවේ මොනරු රංචුවක් තේ දලු කඩා කනවා. මම මේ සිද්ධිය බුලත්සිංහල ගොවිජන කාර්යාලයේ අපේ ගමේ ගොවි නියාමක වරියටත් කිව්වා. “ විදුහල්පති කුලතුංග පවසන්නට විය.

පුංචි දරුවෙකු පාන් ගෙඩියක් අරන් පාරේ ගමන් කළත් මොනරු පාන් ගෙඩිය කන්නට එනවා. අපේ ගෙයි වහලෙත් මොනරු. කුඹුරෙත් මොනරු. ඒ විතරක් ද ඉංගිරියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහලයේ මොනර රංචුවක් පිල් විදහා ගෙන සිටින හැටි බොහෝ විට දකින්නට පුළුවන්. ඉංගිරිය දොඹගස්කන්දේ කැලෑවේ සිටින මොනර රෑනක තොරතුරු, කොළොම්බු පෝෂ්ට්, වෙබ් අඩවියේ කර්තෘ අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු පැවසීය.

බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, මතුගම, දොඩංගොඩ, කළුතර, නෑබඩ, අගලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ සෑම ගම්මානයකදීම මොනර කරදරය නැති ගොවි බිමක් නොමැති තරම්ය.

“මීට අවුරුදු 50 පෙරදී මම මගේ ජීවිතයේ පළමු වතාවට මොනරෙක් දුටුවේ බුලත්සිංහල ඉහළ වෙල්ගම පන්සලේදී යැයි කියමින් මොනරුන් කළුතරට පැමිණීම පිළිබඳව බස්නාහිර පළාත් සංඝනායක අතුර ශ්‍රී ඤාණාලෝක මහා පරිවෙණාධ්‍යක්ෂක යටගම් පිටියේ ඤාණාලෝක නාහිමියන් ද අප හා අදහස් දක්වන්නට වුහ.

දිවියා, නරියා, මුගටියා, කබරගොයා ආදී සතුන් කළුතර දිස්ත්‍රික්කයේ අඩුවීම නිසා මොනරුන් කිසිදු බාධාවකින් තොරව වර්ධනය වන බව පරිස‍රවේදීහු පවසති.

මදුරුවන්, සර්පයන්, ගෝනුස්සන්, කටුස්සන් වැනි හානි කරන සතුන්ගෙන් වගාවන් මොනරුන් නිසා ආරක්ෂා වන බව ද පරිසර අලංකාරයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට සුදුසු අත වනන ප්‍රදේශයන් බවට කළුතර පත්වීම ද අමතක කළ නොහැකි බව ද මොනරුන් පිළිබඳව සුබවාදී ආකල්ප දරන පිරිසක් ද ඒ අතර සිටිති.

ශ්‍රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ 31 වගන්තිය තුළින් මොනරා ආරක්ෂිත සත්වයෙකි. 

මොනරුන් ඇල්ලීම, විකිණීම, මොනර මාංශ විකිණීම, මොනර බිත්තර විකිණීම, මොනරාගේ ශරීරයේ කොටස් අලෙවිය ආදිය සපුරා තහනම් වේ.

තවද අනාදිමත් කලායක සිට පවතින ආගමික හා සංස්කෘතික බැඳීම් ද කතරගම කඳ සුරිඳුන් ගේ රාජකීය වාහනය වීම ද මොනරාගේ අලංකාර රූපය ද ඉහත නීතිය සමඟම මොනරාගේ ආරක්ෂාවට ප්‍රබල දායකත්වයක් නිර්මාණය වී පවතින බව ද කළුතර සහකාර ගොවිජන කොමසාරිස් එම්. අරුණි අබේගුණවර්ධන මහත්මිය අනාවරණය කළාය.

කළුතර ගොවිජන කොමසාරිස් කොට්ඨාසයට අයත් ගොවිජන මධ්‍යස්ථාන 20 ක් වේ. ගොවි නියාමක නිලධාරීන් 510 කි. ගොවි නියාමක බල ප්‍රදේශ 565 කි. ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ රක්ෂණය කර ඇති ගොවින්හට සත්ව හානි යටතේ වී වගා වන්දි ගෙවීමට හැකිවේ. ලිඛිතව පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරන බව ද සහකාර ගොවිජන කොමසාරිස් අරුණි අබේගුණවර්ධන කාරුණිකව හෙළි කළාය.

මොනර හානි පිළිබඳව පැමිණිලි මැසිවිලි ලැබෙමින් පවතින බවද අලාභ තක්සේරු කළ නොහැකි බව ද ඇය කීවාය.

මොනරුන්ගේ කරදර මැද්දේ දිවි ගෙවන කළුතර ගොවිජනතාව වෙනුවෙන් ජාතික උරුමයන් රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායකයන් ඒ ඒ අදාළ නිලධාරින් සමඟ සාකච්ඡා කොට ශබ්ද තරංග භාවිතයෙන් මොනරුන් ඉවත් කිරීමේ යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත.

Comments