මාධ්‍ය ලැදියාව හා ලෝලත්වය | Page 2 | සිළුමිණ

මාධ්‍ය ලැදියාව හා ලෝලත්වය

 

 

“තාක්ෂණවේදයේ (technology) බලපෑම් හා භාවිතයන් හේතු කොටගෙන මානව වර්ගයාට ජනමාධ්‍ය (Mass Media) යන නමින් හඳුන්වනු ලබන විවිධාකාර මෙවලම් හා උපකරණවල පිහිටාධාර ලැබී තිබෙනවා.”

“මුද්‍රණ කටයුතුවල තැනීම නිසා පොත්පත්, පුවත්පත්, වාර ප්‍රකාශන ලියකියවිලි වර්ග බහුල වෙලා.

“ඒ විතරක්ද?”

“විද්‍යුත් පණිවිඩ (electronic messages) යැවීමට හැකියාව ලැබිලා‍.”

“ඒ විතරක්ද?”

“ඡායාරූප, සිත්තම් දැන් දැන් විද්‍යුත් සිත්තම් බවට පත්වෙලා.”

“කොටින්ම මාධ්‍යවලින් තොර සමාජයක් සොයා ගැනීම අපහසුයි. මාධ්‍ය භාවිතයෙන් තොරව කිසිම මානව විෂය ක්ෂේත්‍රයක් පවතින්නේ නැති බවකුත් ප්‍රකාශ වෙනවා.

“‍මේ නිසා මොකක්ද අන්තිමට වෙන්නේ?”

“පුවත්පත, වාර ප්‍රකාශනය, පොත්, පුස්තකාල භාවිතය වගේම ගුවන් විදුලි භාවිතය, රූපවාහිනි භාවිතය, ඡායාරූප භාවිතය, සමඟම විවිධාකාර දුරකථන භාවිතයන් මානව සමාජයේ මුල් බැස ගැනීම වැළැක්විය නොහැකි බලවේගයක් බවට පත්වෙලා.”

“ඒ නිසා මොකක්ද සිදුවන්නේ?”

“ඔය ප්‍රශ්නය මුලින් ම ඇහුවේ, මානව විද්‍යාවේ සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology) උගන්වන විද්වතුන්.

“ඒ උගතුන් දැන හැඳින ගත්‍තා සමාජයක පවතින සංස්කෘතික මුල් බැස ගැනීම් කෙමෙන් වෙනස් මඟකට හැරවෙන්නේ මානවයා ජනමාධ්‍ය භාවිතයට අනුකූලව බව. තමන්ට ඇහෙන ශබ්දයෙන් තමන් තුළ ඇතිවන පෙලඹවීම් (Motivation) හඳුනාගත්තේ ලැදියාවක් (Loyalty) වශයෙන්. මේ ලැදියාව කෙමෙන් වැඩෙන්නට පටන් ගත්තා. එසේ කෙමෙන් වැඩීම නිසා මොකක්ද සිද්ධවුණේ. මාධ්‍යයක් කෙරෙහි තමන්ගේ ලෝලත්වයක් (intoxication) ඇති වුණා. ඒ නිසා මොකක්ද වුණේ?

“පවත්වන ලද සමාජ සමීක්ෂණ අනුව පෙන්නුම් කරන්නේ ‘ලැදියාව’ හා ‘ලෝලත්වය’ විශ්මයජනක කායික හා මානසික වෙනස්කම් ඇති කරවන බවයි. ඒවා හැදූ වෙනස්කම් පමණක් ද?

“නැහැ කෙ‍නෙකුගේ ආකල්ප (attitudes) අදහස් (Ideas) හා චර්යාව (behavior) පවා කෙමෙන් වෙනස් කරනවා. කොටින් ම තවත් නතුවෙන හෙවත් ලැදියාව දක්වන මාධ්‍යය කෙරෙහි විටෙක උම්මත්තක විලාසයෙන් ඇදී යනවා. මෙහි ප්‍රධාන ප්‍රබලතාවන් තුනක් මුලික වශයෙන් දැකගත හැකියි. ඒ මොනවද?

“මුලින් ම මාධ්‍යයක පවතින මූලික ප්‍රබලතාව (Strength) ඊළඟට මාධ්‍යයක පවතින සාපේක්ෂක දුබලතාව (Weakness) හා සීමාවන් (Limitation) නිදසුන් මඟින් පැහැදිලි කර ගැනීම තමයි යමක් වටහා ගැනීමට මුල්වෙන්නේ.”

“හැම මාධ්‍යයක් කෙරෙහි ලැදියාවට එහි මූලික ප්‍රබලතාවන් බලපානවා. පුවත්පත් හා පොත් දෑසින් කියවිය යුතුයි. ඒ නිසා මූලික වශයෙන් අපි අකුරු ඉගෙන ගෙන තිබිය යුතුයි. අකුරු කියවීමට හා ලිවීමට ඇති හැකියාව සාක්ෂරතාව (literacy) නමින් හඳුන්වනවා. ගුවන් විදුලි මාධ්‍යය ඊට වඩා වෙනස්. තමන්ගේ දෙකන් බිහිරි නම් ශබ්ද මාධ්‍යයකින් ඇසෙන දේ දැන ගැන්ම අපහසුයි. ඒ නිසා ශබ්ද මාධ්‍යය දෙකන් මුල් ‍කොටගෙන පවතින බව වටහා ගැනීමට සිදුවෙනවා. එහෙත් කෙනෙකුගේ දෙකන් බිහිරිවෙලා, දෑස පෙනුම තිබෙන්නට පුළුවන්. ඒ නිසා දෘශ්‍ය මාධ්‍යයකින් (Visual media) යමක් පේන්නට පුළුවන්. එහෙත් තමන් හමුවේ යමක් පෙනුණත් ඒ පෙනෙන දේ ගැන කෙරෙන විස්තර කථනයක් නොඇසී යාමට පුළුවන්. මේ නිසා මොකක්ද වෙන්නේ?”

“කෙනෙක්ට ඇහෙනවා

තවත් කෙනෙකුට පේනවා

මේ දෙකම ඇති අය හිතනවා

ලැදිකම් වඩනවා

මාධ්‍ය වැලඳ ගන්නවා

එය සීමාව (limits) විටෙක පේනවා

විටෙක නොපෙනෙනවා

“මාධ්‍ය විචාරයක් (Media Criticism) වුවමනා කරන්නේ මේ සන්ධිස්ථානයේදීය.”

Comments