ඉන්දි­යා­වට අභි­මා­න­යක් වූ කුලී රථ රියැ­දු­රාගේ කම්කරු දිය­ණිය | සිළුමිණ

ඉන්දි­යා­වට අභි­මා­න­යක් වූ කුලී රථ රියැ­දු­රාගේ කම්කරු දිය­ණිය

තිබුණේ එකම හීනයයි...

ඒ ඉන්දියාවේ රූ රැජන වෙන්න

 

මුම්බායිවලට තනිපංගලමේ ආවේ යන්නෙ කොහෙද කරන්නෙ මොනවද නොදැන

 

රෑ රැජන කිරුළ දිනාගෙන සරසවියෙ පිළිගැනීමේ උත්සවයට ගියේ තාත්තගේ ත්‍රීවිල් එකේ

 

 

මිහිදුම් තිර අතරින් පෙරී එන හිරුකැන් තණපත් අග රැඳි පිනි බිඳු මකා දැමීමට සැරසේ. රැය පුරා පිනි බිඳුවල සිහිලෙන් නැහැවෙමින්ද දහවලේ අකාරුණික හිරු රැසින් තැවෙමින්ද නිසොල්මනේ වැඩෙන තණපත් මත සුළං රැලි තැවෙරමින් ඇත. දුක මෙන්ම සැපත් සොබාදහමේ නියමයන්ය. නෙත් මානයේ දිස්වෙමින් ඇත්තේ ඒ ගැඹුරු යථාර්ථයයි.

 

නෙත් මානයේ පැතිරෙන එකම තෘණ භූමියකි. එම තෘණ පලස එක සීරුවට විහිදී පැතිරී යයි. මේ අප පය ගසා සිටින්නේ වසර 24000කටත් පෙර ජනාවාස වූ භූමියකය. ලෝක මානව ශිෂ්ටාචාරයේ හැඩය වෙනස් කළ ප්‍රාග් ඓතිහාසික ගොවියා සම්බන්ධව හෙළිදරව් කරගත් භූමියකය. අදින් වසර 18500කට එපිට අතීතයේදී මේ බිම කෘෂිකාර්මික වගා බිමක් වූ ආකාරය, පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලකයන් හෙළි කළ ආකාරය සිහිවේ. පුරා මීටර් හතක් ගැඹුරට තැන්පත් වූ පස් තට්ටු යට ඒ මහා ඉතිහාස කතාවේ සජීවී දත්ත තැන්පත් වී ඇත.

හෝර්ටන් තැන්න වූ අපේ ඉතිහාසයේ මහඑළිය තැන්න සුපුරුදු දීප්තිය සහිතය. උදෑසන 10 වීමට මත්තෙන් අපි මහඑළිය තැන්නේ පිහිටි පරීක්ෂක කාර්යාලයෙන් අවසර ගෙන පිටත් විමු. අපගේ ගමනාන්තය කිරිගල්පොත්ත කඳු මුඳුනය. එය පිහිටියේ අවම වශයෙන් කිලෝමීටර හතක පමණ දුරකිනි. තණ බිම්වල සීමා ලකුණු කරමින් කඳුකර වනාන්තර නැඟී සිටී. තෘණ පඳුරු ද බෝවිටියා පඳුරුද පැතිරී ගිය භූමිය අපේ ගමනට අරියාදු කරන්නා සේය. තෘණ සම්භාහනය විටෙක ආස්වාදයකි. තවත් විටෙක හිසරදයකි. අඩිපාර ඔස්සේ ගමන් කරන විට ආක්‍රමණික ශාක විශේෂයක් වන යුරෝපීය කටු පඳුරු ගමන වළක්වනු වැන්න.

වනෝද්‍යානයෙන් සටහන් කළ මං සලකුණු අපගේ ගමනට පහසුවක් එක් කරයි. අතරමඟදී හමුවූ මාර්ගය හරහා ගලා බසින දොළ පහර ගමනේ එක් සංධිස්ථානයකි. මේ පරිසරයේ ගමන් විඩාවක් නොදැනේ. එහෙත් ගලා යන දොළ පහරේ ඒ සීතල ජලයෙන් මුහුණ දොවාගෙන එහි පහස නොවිඳ යෑමට මට සිත් නොදේ.

දිය පාර අසල මඳක් මිඩංගු කර මං සලකුණු ඔස්සේ අපි ඉදිරියටම ගමන් කළෙමු. පතන භූමිය මත රැඳි දිය සීරා ගමන් මාර්ගයේ තැනක වගුරක් තනා ඇත. ඒ වගුරු බිමෙහි රැඳි අඩි ලකුණු ගෝනුන්ගේ විය හැකිය.

විටෙක පතන භූමිය මතින්ද තවත් විටෙක පතන බිමේ මඩ වගුරු පිහිටි මාර්ගයන්ගෙන් ඈත්වී වනයට ඇතුළු වෙමින්ද ගමනාන්තයට ළඟා වීම අපගේ පරමාර්ථය විය. මේ භූමියේ තැන තැන දිවි වසුරු විසිරී ඇත. එකකුවත් මඟ හැරෙන්නට නොතබා එක් පොදියක් සේ අපි ඉදිරියට ඇදෙමින් සිටියෙමු.

පැය දෙකක් ඉක්මවීමට මත්තෙන් වන පියසට ඇතුළු වන්නට හැකි වී තිබේ. එය නම් සිරිමත් ජයග්‍රහණයකි. කණ්ඩායමේ සුජාන් හා ගීත්මාල් ගමනේ වේගය එකාකාරීව රඳවා ගැනීමට උත්සාහ කරමින් ඇත. හරිත වර්ණ වියන යටින් ගමන් කිරීම සිතට සුවදායකය. වැඩුණු පාසි හා ලයිකන තුරුගොමු වසා පැතිර ඇත. මුළු පරිසරයම පැහැපත් හරිත ගුලාවකි.

ප්‍රීතිමත් ගමනකින් පසු අප දැන් පළමු කඳු මුඳුනේය. හාත් පස දැකුම මනරම් සිතුවමක් සේය. පසෙකින් දිස්වන කඳු අතර කිරිගල්පොත්ක කන්දට ආවේණික වූ සුවිශේෂී හැඩය දැක ගැනීමට හැක්කේ මෙහිදීය. කඳු මුඳුනට විහිදී යන එක් පසෙක පාෂාණය මතුවී අව් රශ්මිය වැටෙන විට දිලිසේ. ගැමියන් මේ කන්දට කිරිගල්පොත්ත ලෙස වහරන්නේ එබැවිනි.

ඉන් ඔබ්බෙහි වූ කඳු මුඳුනට ගල් පොත්ත අයිනෙන් ගමන් කිරීමෙන් ළඟා වීමට සිදුවේ. කඳු මුඳුනට ළඟා වීමට නම් තවත් විනාඩි කිහිපයක ගමනකි.

කඳු මුඳුන වසාගෙන ඇත්තේ කුරු ශාඛ පන්තියකිනි. මහඑළියේ කඳුකර වනයට ආවේණික මහරත්මල් ශාකයද ඒ තුරු පන්ති අතර හඳුනා ගත හැකිය.

වලාකුළු කඳු මුඳුන් මත දැවටෙමිනි. බොහෝ වෙලාවක් මේ මනරම් පරිසරය තුළ ගෙවා දමන්නට ඉඩක් නැත. මහ එළිය බලා යා යුතුය. කිරිගල්පොත්ත කන්ද මත හිඳ හාත්පස බලනවිට මේ මහා ගිරිහිස් අතර අප කොමණ කුඩා අංශු බඳු ජීවීන් දැයි සිතේ. ලංකාවේ දෙවැනි උස කඳු මුඳුන තරණය කිරීමේ ආඩම්බරය මුසු හැඟීම සහිතව අපි ආපසු ගමනට සැරසුණෙමු.

 

 කසුන් අරවින්ද

 

ඉන්දියාවේ ප්‍රධානම රූ රැජන තරගය වන ‘මිස් ඉන්ඩියා’ තරගයේ දෙවැනි තැන දිනාගත් තරුණියක ගැන මේ දවස්වල එරට මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වෙනවා. දුප්පත් ත්‍රී රෝද රථ රියදුරකුගේ දියණියක වන ඇය ජීවිතයේ බොහෝ කරදර කම්කටොලු මැදින් මේ තත්ත්වයට ළඟා වූ කෙනකු වීම නිසා ඇගේ කතාව බොහෝ දෙනකු ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති බවයි පෙනෙන්නේ.

 

මාන්යා සිං නමැති මෙම තරුණිය හැදී වැඩුණේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉතා පිටිසර ගමක් වූ හාතා ගම්මානයේ. ගමට කොටු වී ගෙවූ ජීවිතයෙන් කිසි විටෙක සෑහීමකට පත් නොවූ මාන්යාගේ ජීවිතයේ ඊට වඩා විශාල සිහින සිත තුළ දලුලමින් තිබුණා. 14 වැනි වියේදී ඇය තනිපංගලමේම ගමෙන් පිට වී මුම්බායි නුවර බලා පැමිණියේ ඒ සිහින ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන්. තමා ඉපිද සිටින්නේ ගමකට කොටු වී සිටිනවාට වඩා ලොකු දේවල් ජයගැනීමට යන්න ඇය නිරන්තරයෙන් විශ්වාස කළ බව මාන්යා පවසනවා.

දුම්රියක නැඟී මුම්බායි බලා පැමිණි මාන්යාට දුම්රිය ස්ථානයෙන් පිටවන විටත් තමා යන්නේ කොහේද, කරන්නේ මොනවාදැයි අදහසක් තිබි නැහැ. “දුම්රිය ස්ථානයෙන් එළියට එද්දී මම මුලින්ම දැක්කේ පීසා අවන්හලක්. මම එහි ගොස් රැකියාවක් ඉල්ලුවා. කෙසේ හෝ වේවා, මෙම අවන්හලේ අර්ධකාලීන රැකියාවක් ලබා ගැනීමටත් තාවකාලිකව එහි නවාතැන් ගැනීමටත් මට පුළුවන් වුණා“. පීසා අවන්හලේ පිරිසුදු කරන්නියක ලෙස ඇගේ මුල්ම රැකියාවට මාන්යා එක් වන්නේ එලෙසයි. “දවස් දෙකකට පස්සෙ මම තාත්තාට කතා කළා. ඒ වෙලාවේ ඔහු හොඳටම ඇඬුවා. ඒත් මම ඔහු තුළ විශ්වාසයක් ඇති කළා. මට ගැළපෙන තැන මුම්බායි බව මම තාත්තාට කිව්වා.“

එතැන් පටන් මවුපියන් ඇගේ ගමනට උදවු කළ අතර ඇය පියාට කතා කළ දිනට පසුවදාම ඔවුන්ද මුම්බායි වෙත පැමිණ තිබුණා. “තාත්තා රැකියාව හැටියට කළේ ත්‍රීරෝද රියක් පැදවීමයි. නමුත් ඔවුන් මාව මුම්බායි හි හොඳ පාසලකට ඇතුළත් කළා. පාසල් යන අතරේම මමත් රැකියාවේ නිරත වුණා. එයින් මාසයකට රු. 15,000 ක පඩියක් ලැබුණා“ මාන්යා සිය ගමන් මඟ එසේ මතක අවදි කරනවා.

ඇය පළමු වරට ‘මිස් ඉන්ඩියා’ තරගයක් රූපවාහිනියේ නරඹා තිබුණේ වයස අවුරුදු 15 දී. ‘මමත් කවදහරි මේ කිරුළ දිනාගන්නවා. තාත්තාගෙ හිතේ ආඩම්බරයක් ඇති කරනවා’ යයි එදින තමා අධිෂ්ඨානයක් ඇති කරගත් බවයි ඇය කියන්නේ. නමුත් ඇගේ නෑ හිතවතුන් බොහෝ සම්ප්‍රදායික ආකල්ප මැද හැදුණු උදවිය වු හෙයින් රූ රැජන තරග වැනි දේට කාන්තාවන් ඉදිරිපත් වීම අනුමත කරන පසුබිමක් තිබුණේ නැහැ. නමුත් මාන්යා පවසන්නේ තම පියා එහිදීද තමා වෙනුවෙන් පෙනී සිටි බවයි.

“මට රූ රැජන තරගයකට පෙනී සිටින්න වුවමනා බව මම තාත්ත ට කිව්වම ‘එහෙමනම් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාට එතනට යන්න ලැබේවි“ කියලා ඔහු මාව දිරිමත් කළා. රූ රැජන තරගවල මූලික වටවලදී ද මාන්යාට මුහුණ දෙන්නට වූයේ එතරම් ප්‍රසන්න අත්දැකීම්වලට නොවෙයි. ‘මම තරග 10 ක විතර මෙවැනි මූලික වටවලට ඉදිරිපත් වුණා. නමුත් ඔවුන් මට කීවේ “ඔබට ලස්සන මුහුණක් නැහැ“ කියලයි. “

අනික ඔබට ඉංග්‍රීසිත් හරියට බැහැනෙ“ කියලත් ඔවුන් කීවා. “මේ කාලයේ ගෙදර තිබුණු ආර්ථික තත්ත්වයත් එච්චර යහපත් එකක් නොවෙයි. මගේ ගාස්තු ගෙවන්න තාත්තා රන් ආභරණ පවා උකස් කළා. රූ රැජන තරගවලට ඇඳුම් එහෙම ගන්න මුදල් හොයන්න මම හැමදාම පීසා අවන්හලේ බිම හේදුවා“.

මේ ආකාරයෙන් ඉතා දුෂ්කර මාවතක් ඔස්සේ පැමිණි මාන්යා පසුගියදා ඇගේ සිහිනය ඉටු කරගන්නට සමත් වුණා. ඇය පවසන්නේ මෙම ජයග්‍රහණයත් සමඟ තම මවුපියන්ට උදවු කිරීමට අවස්ථාවක් තමා ඉදිරියේ විවර වීම ලොකු සතුටක් බවයි. “දැන් මගේ අම්මටයි තාත්තටයි උදවු කරන්න අවස්ථාවක් මට ලැබී තියෙනවා.

මුලින්ම මම ඔවුන්ට ගෙයක් අරන් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. මගේ තාත්තා හැමදාම මා ගැන විශ්වාසය තිබ්බා. ත්‍රීරෝද රථ රියදුරකුගෙ දුවක් අද මේ කිරුළ දරාගෙන සිටින්නේ ඒ නිසයි.“ ඇය හැඟීම්බරව පවසනවා.

මාන්යාට උපහාර දැක්වීමේ උත්සවයක් ඇය ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කර තිබුණා. ඇය එම උත්සවයට සහභාගි වීමට ගියේ ත්‍රීරෝද රථ පෙළපාළියකින්. එහි පෙරමුණේම ගියේ මාන්යාගේ පියා ඕම් ප්‍රකාශ් පැදවූ රියයි. මාන්යා ඇගේ මව සමඟ පිටුපස අසුනේ වාඩි වී සිටියා. එම අවස්ථාවේ තමාට දැනුණු හැඟීම් ගැන ඕම් ප්‍රකාශ් මෙසේ පවසා තිබුණා.

“එදා මම මගේ ත්‍රීරෝද රිය පදවාගෙන යද්දී පාලනය කරගත නොහැකි සතුටක් සිතේ ඇති වුණා. නොහඬා සිටින්න මට විශාල උත්සාහයක් දරන්න සිදු වුණා. ඒ කාලේ මා ඇයව විශ්වවිද්‍යාලයට ඇරලලා ගිය හැටි මතක් වුණා. අද ඇය මා එක්ක එහි යන්නේ කිරුළකුත් හිසේ පැලඳගෙනයි. මම මගේ ජීවිතයේ ඉහළම සතුට හිමි කරගෙන ඇති බවක් මට දැනෙනවා“.

 

 

Comments