
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මේ අතර සබරගමුව , බස්නාහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මීලිමීටර් 50 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරුමැද පළාත , පුත්තලම , හම්බන්තොට , මන්නාරම , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළංද ඇති විය හැකියි.