
බස්නාහිර, සබරගමුව, මධ්‍යම , වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදිකා රණවීර මහත්මිය පැවසුවේ, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවයි.