
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මේ බව සඳහන් කළේය.
මේ අතර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව ("අම්ෆන්") ඊයේ(18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවවයි.
මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර මැයි 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇති වේ.
පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවනමුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (50-55) පමණ වේ.පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශරළුවියහැකි අතර පුත්තලම සිට ගාල්ල,හම්බන්තොට සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටඉතා රළුවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.