දුම්රිය සේවය අවශ්‍ය අය අදම ලියාපදිංචි වන්න | Page 15 | සිළුමිණ

දුම්රිය සේවය අවශ්‍ය අය අදම ලියාපදිංචි වන්න

ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි.

ඒ සඳහා අද පස්වරු 6ට පෙර දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බවත් මගී ඉල්ලීම අනුව දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ එක්දහස් තුන්සීයකට අධික පිරිසක් ඊයේ එම සේවය භාවිත කර තිබේ.

Comments