
හුදෙකලා කෙරුණු මන්නාරම, තාරාපුරම් ප්‍රදේශය නිදහස් කර ඇතැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අතර මහනුවර, අකුරණ, බේරුවල, චීන කොරටුව සහ පන්නිල යන ගම්මාන තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතියි.
කෙසේ වෙතත් ජා -ඇල , සුදුවැල්ල ප්‍රදේශය ද ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණය යටතේ පවතී.