ට්‍රම්ප්ගේ තීරණයට UN මහලේකම් සහ WHO පිළිතුරු | සිළුමිණ

ට්‍රම්ප්ගේ තීරණයට UN මහලේකම් සහ WHO පිළිතුරු

ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශය කර ඇත.
 
ඔහු සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ කොරෝනා වෛරසයට එරෙහිව සියළු දෙනා එකමුතුව සිටිය යුතු බවයි. එසේම COVID-19 ට එරෙහි යුද්ධය ජය ගැනීම සඳහා ලෝකයේ දරන උත්සාහයට එය අතිශයින්ම වැදගත් වන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය දිය යුතු බව කමන් විශ්වාස කරන බව අන්තෝනියෝ ගුටේරස් පවසා තිබේ. 
 
තවද ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපා දැමීම කපා හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
 
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ‍්‍රස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකටම සමීපව ක්‍රියාකරන බවත් කිසිදු රටකට විශේෂත්වයක් නොදක්වන බවත් ය. එසේම එම සංවිධානය ජාතිවාදී හැගීමකින් කටයුතු නොකරන බව ද ඔහු අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
චීනයට වඩා සමීපව ක්‍රියා කර ඇති බවට අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය ද ඇඩනම් ගෙබ්‍රෙයිසස් ප්‍රතික්ෂේප කර තිබේ. 
 
එසේම COVID ක්‍රියාවලිය දේශපාලනය නොකර ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

Comments