ඇප දිය හැකි 1460කට නිදහස | Page 11 | සිළුමිණ

ඇප දිය හැකි 1460කට නිදහස

අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් සඳහන් කළේ , ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම, එහි අරමුණයි.

ඒ අනූව ලබන 3 වැනිදාට පෙර අනුමැතිය හිමිවූ ඇප ලබා දිය හැකි සියලු රැඳවියන් නිදහස් කරන බව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Comments