
කොරෝනා රෝගය බෝවීම වළක්වන්න වියළි ඉඟුරු, අව්වේ වේළාගත් දෙහි පොතු සහ කොත්තමල්ලිවලින් වටිනා ඖෂධයක්
මේ අගනා ඖෂධය මඟින් වයිරසය ඇඟට ඒම මුලින්ම වළක්වනවා. ඒ එක්කම කොරෝනා වැලඳුන අයගේ ප්‍රතිශක්තිකරණය යම් පාලන මට්ටමකට ගෙන ආසාදනය වීම නැති කිරීමට හැකියි.
වියළි ඉඟුරු ග්‍රෑම් 150ක් ගන්න. අව්වේ වේළා කුඩු කරගත් දෙහි පොතු 2ක් ගන්න. කොත්තමල්ලි ග්‍රෑම් 300ක් ගන්න. ඉඟුරු සහ කොත්තමල්ලි කබලේ දමා යාන්තමට බැදගන්න. පත්තර කොළයක් මතට දමා තුනීයට කුඩු කරගන්න. (තේ කොළ තරමට) දැන් මෙයින් තේ හැඳි දෙකක් කෝප්පයකට දමන්න. වේලාගත් දෙහි පොතු ද හොඳින් කුඩු කරගෙන එයිනුත් ටිකක් එම කෝප්පයට දමන්න. හොඳින් උතුරන වතුර දමා එය වසා විනාඩි දහයක් තබන්න. සීනි රහතිව මෙය උදේට සහ සවසට පානය කරන්න. දිනපතා පානයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන අතර කුඩා දරුවන්ට මේස හැන්දක ප්‍රමාණයක් දීම ප්‍රමාණවත්.
දුම්පානය කරන අයෙක ගෙදර සිටී නම් දිනපතා ම වට්ටක්කා ගෙදර පිළියෙල කරලා කෑමට දෙන්න
උණු වතුරයි ඇල් වතුරයි කලවම් කරලා බොන්න එපා
රෝගයෙන් සුවපත් වූ අයට මේ කසාය ගුණයි
බැඳි කොත්තමල්ලි කලං 6ක් ඉඟුරු - ගම්මිරිස් - තිප්පිලි - පෙරුම් කායම් කුඩු කලං - 1 1/2 ගානේ අරගෙන හොඳින් පැහෙන උණු වතුරෙන් කෂාය ලෙස හදලා උදේ - සවස බොන්න.
කොරොනා මේ තරම් ඉක්මනට අප රට වෙළා ගනී කියලා අප කවුරුවත්ම සිතුවේ නෑ. අද වෙද්දී කොයි කවුරුත් ලොකු තැතිගැන්මකට ලක් වෙලා. දවසින් දවස ආසාදිතයැයි සැක කරන රෝගීණ් විශාල පිරිසක් සොයා ගැනෙනවා. මිනිසුන්ටම හිතා ගන්න බෑ කළ යුතු නිවැරැදිම දේ කුමක්ද කියලා. ඇත්තටම මේ රෝගය මැඬපැවැත්වීමට සුදුසු
ඖෂධයක් හරි විදිහට තාම සොයා ගෙන නැහැ.
වෛරස්වලට එහෙම බෙහෙත් නැහැ.
මේ මොහොතේ අප කළ යුතු මූලිකම දේ පරිසරය සමඟ වෙනදාටත් වඩා බැඳී සිටීමයි. ටින් කරපු පැකට් කරපු ආහාර වෙනුවට ගමේ-ගොඩේ සොබාවික ආහාර අරගන්න අප සිතට ගත යුතුයි. සත්ත්ව ආහාර අනුභවය අත්හැරලාම දැමීම හොඳයි. කෙනෙකු විමසන්න පුළුවන් උම්බලකඩ ටිකක් මාළුවකට-මැල්ලුමකට දැම්මට කමක් නැද්ද කියලා. ඇත්තටම උම්බලකඩ ආහාරයට ගැනීමත් මේ කාලේ හොඳම නෑ. දින.. සති.. ගාණක් යකඩයක් වාගේ වේළෙන්නේ එළිමහනේ සත්ත්ව කුනක්. මේ සත්ත්ව කුනට විෂබීජ යන්න තිබනෙ ඉඩ වැඩී. මේ නිසා රතු බත් සමඟ ගමේ ගොඩේ එළවළු - පලා වර්ග වැඩිපුර කෑමට අරගන්න... එළවළු පිස ගැනීමේදී බොහෝ වෙලා පිසගන්න එපා. වෙනදාටත් වඩා රතු ලූනු - සුදු ලූනු මාළුපින්නට දමන්න. තව ගම්මිරිස් වැඩිපුර දමන්න. ඔබට පුළුවන් බත්පිඟානට රතු ලූනු ගෙඩි කපලා දමාගෙන හොඳින් සපා ආහාරයට අරගන්න. සුදු ලූනු යාන්තමට මඳ ගින්නේ පුච්චලා කෑමත් ඉතාම වටිනවා. රතු ලූනුයි - සුදු ලූනුයි එකට දමා මාළුවක් පිසගෙන දවස් තුනෙන් - තුනටවත් ආහාරයට ගන්න. අප ශරීරයට විෂ ඒම එහෙම්පිටින්ම වළක්වන්න හැකියි, රතුලූනු - සුදු ලූනුවලට. එළවළු සලාද හදලා කළු ගම්මිරිස් කුඩු වැඩිපුර ඉහලා ආහාරයට ගැනීමත් ඉතාම හොඳයි. තක්කාලි මාළු පිනිවලට දාලාවත් වෙනම උයලාවත් කෑමට අරගන්න එපා. එය ඇඟට විෂක්. හැබැයි තක්කාලි - රතු ලූනු - ගම්මිරිස් ලුණු කුඩු ස්වල්පයක් එකට එකතු කරලා ආහාරයට අරගැනීම ඉතාම හොඳයි.
විශේෂයෙන් කිව යුතුයි දුම්පානය කරන අයගේ ඇඟ ඇතුළට මේ වයිරසය එන්න තිබෙන ඉඩ වැඩි බවයි. දුම්පානය කරන අයෙක් ළඟ ඉන්න එකත් හොඳ නැති අතර ඔබට පුළුවනි මේ දිනවල දිනපතාම වට්ටක්කා මාළුව ගෙදර පිළියෙල කරලා ආහාරයට අරගන්න.
සීනි භාවිතය පුළුවන් තරම් අවම මට්ටමක තබාගන්නා ලෙසත් පැණි රස කෑමවලින් මේ කාලේ මිදෙන ලෙසත් කිව යුතුමයි. දියවැඩියා රෝගීන් හට ඉක්මනින් වයිරසය හැදෙන්න ඇති ඉඩ වැඩි බැවින් පුළුවන් තරම් දියවැඩියා රෝගීන් ප්‍රවේශම්ම විය යුතුයි.
පුළුවන් තරම් උතුරවා නිවාගත් උණු වතුර වැඩි ප්‍රමාණයක් දිනකට පානය කළ යුතු අතර කිසිම විටෙක උණු වතුරයි වතුරයි ඇල්වතුරයි කැඳ - කිරි - සව් - බාර්ලි වෙනත් කාලවල අපේ ඇඟට ගුණදායි වූවත් මේ දිනවල නම් ගෙදර හදලා බොන්න එපා. මොකද මේ වයිරසය සීතල දේශගුණයට හරිම කැමතියි. ඉතිං අපේ ශරීරයට සීතල ආහාරයක් දමා ගැනීමේදි රෝගයට යම් ඉඩක් ලබාදීමක් වාගේ.
ඉඟුරු කෑලි ගොඩාක් හැපෙන්න දැමූ රස්නේ තේ තුනක්වත් දවසට බොන්න. දෙහි යුෂ බෑවක් දමා තද කහට එකක් රාත්‍රියට බොන්න. පලතුරු යුෂ සීත නිසාමයි බොන්න එපා කියන්නෙ. ඒ වෙනුවට බෙලි මල් - බෙලි කටු තම්බා බීම හොඳයි - රණවරා - කොත්තමල්ලි - වෙනිවැල් ගැට මාරුවෙන් මාරුවට හදලා බොන්න.
කළ යුතු වත් පිළිවෙත්...
නිෙවස ඉදිරියේ කොහොඹ අත්තක් එල්ලන්න - එය දිනපතා ඉවත් කරන්න. කොහොඹ නැතිනම් පැගිරි ගහක අත්තක වුවත් කමක් නැහැ.
ඔබ නිදන කොට්ටය යටින් වද කහ සහ කොහොඹ කොළ තබා ගන්න.
නාන කාමරයේ දෙහි යුෂ දැමූ වතුර බේසමක් තබන්න. ඔබ එළියට ගිහින් ආ සැමවිටම එයින් මුහුණ අත් - පා සෝදාගන්න.
වද කහ - දෙහි - කොහොඹ කොළ තුනම වතුර බේසමකට දමා නිෙවස ඉදිරිපසින් තබන්න.
ගේපුරා කහ දියර ඉසින්න
වයිරසය වැලඳුණ අය වාගේම වයිරසයෙන් සුවපත් වූ අයත් දිගට ම මේ ප්‍රතිකාර ලබාගැනීම වටිනවා. මේ සිංහල ආයුර්වේද ප්‍රතිකාර ගුණයක් මිස අගුණයක් වන්නේ ම නැහැ.
උපදෙස් - බෙම්මුල්ල - ගම්පහ බෙහෙත් ශාලාව සහ
කැඩුම් බිඳුම් චිකිත්සකාගාරයේ, ආයුර්වේද වෛද්‍ය
බුද්ධික එස්. ගුණසේකර - 077 9057511