ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මු­ණට වසර 20යි සංව­ත්ස­ර උලෙළ පෙබ­ර­වාරි 22 සවස රත්න­පු­රේදී | Page 2 | සිළුමිණ

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මු­ණට වසර 20යි සංව­ත්ස­ර උලෙළ පෙබ­ර­වාරි 22 සවස රත්න­පු­රේදී

පෙරමුණේ සභාපති නීතීඥ නිමල් ආර්. රණවක ඇතුළු ක්‍රියාකාරීන් සමඟ  වාසුදේව නානායක්කාර පෙළපාළියකදී
පෙරමුණේ සභාපති නීතීඥ නිමල් ආර්. රණවක ඇතුළු ක්‍රියාකාරීන් සමඟ වාසුදේව නානායක්කාර පෙළපාළියකදී

ලාංකේය වමේ ව්‍යාපාර ඉති­හා­සය ඇරැ­ඹෙන්නේ 1930 දශ­කයේ ආර­ම්භ­යත් සම­ඟය. මාක්ස්වාදී අද­හස් දැරූ විදේශ අධ්‍යා­ප­න­යක් ලබා සිටි මධ්‍යම පාන්තික තරුණ කොටස් සමා­ජ­වා­දය වැල­ඳ­ගෙන ලංකා­වට පැමිණි පසු තරුණ සංගම් තුළත්, සූර්ය මල් ව්‍යාපා­රය තුළත්, නාග­රික කම්කරු පන්ති ව්‍යාපා­රය තුළත් ක්‍රියා­ත්මක වෙමින් ස්වකීය දේශ­පා­ල­නය ආරම්භ කළ ස්ථාන­යන් දක්වා වමේ ව්‍යාපා­රයේ අක්මුල් දිව යයි.

ලාංකේය මාක්ස්වාදී පිියා ලෙස සැලැ­කෙන පිලිප් ගුණ­ව­ර්ධන 1931 දී ලංකා­වට පැමිණ මාක්ස්වා­දය ගැන උන­න්දුව දක්වන පිරිස් ඒක­රා­ශි­කොට ඔවුන් සමඟ එක්ව ලංකා සම­ස­මාජ පක්ෂය 1935 දෙසැ­ම්බර් 18 ආරම්භ කිරී­මට මුල් විය.

සම­ස­මාජ පක්ෂය අධි­රාජ්‍ය විරෝධි, රදල සහ ධනේ­ශ්වර විරෝධි මෙන්ම සමා­ජ­වාදී සමාජ ක්‍රම­යක් ගොඩ­නැ­ඟීම අර­මුණු කර­ගත් පක්ෂ­යක්ය. සම­ස­මා­ජය බිහිව සිවු වස­රක් යන තෙක් වමේ ව්‍යාපා­ර­යත් සම­ස­මා­ජ­යත් යනු දෙකක් නොව එකක් විය. සම­ස­මා­ජය දෙකඩ වූයේ 1931 දීය. පසු­කා­ලීන

වර්ජන උද්ඝෝෂණයකදී 1980 අගෝස්තු 8 අත්අඩංගුවට ගත් වාසුදේව 
බන්ධනාගාරයට ගෙන යමින්

දශක අට­කට ආසන්න කාලය තුළ සම­ස­මා­ජ­යෙන් කැඩුණ සහ වෙන්ව ගිය පිරිස් විවිධ දේශ­පා­ලන පක්ෂ සහ කණ්ඩා­යම් පිහි­ටු­වා­ගත්හ. වැඩ කරන ජන­තාව වර්ත­මා­න­යේද භුක්ති විඳින බොහෝ අයි­තීන් සහ වර­ප්‍ර­සාද ලංකා සම­ස­මාජ පක්ෂය ප්‍රමුඛ වමේ ව්‍යාපා­රය ලබා­දුන් ජය­ග්‍ර­හ­ණ­යන්ය.

ලංකා සම­ස­මාජ පක්ෂයේ රැඩි­ක­ල්වා­දීන් පිිරි­සක් 1970 පිහි­ටුවූ සමඟි පෙර­මුණ සභා­ග­යට එරෙ­හිව සම­ස­මා­ජය තුළ සට­නක් ඇරැ­ඹීම හේතු­වෙන් 1972 දී පැවැති සම්මේ­ල­න­යේදී එම රැඩි­ක­ල්වා­දීන් සම­ස­මා­ජ­යෙන් නෙර­පනු ලැබීය. පසු­කා­ලී­නව බිහිවූ නව සම­ස­මාජ පක්ෂයේ (නස­සප) ආර­ම්භයේ මුල් ඉති­හා­සය ඒ හා බැඳී පවතී. එම රැඩි­කල් පිරි­සට පේරා­දෙ­ණිය සර­ස­වියේ ආචාර්ය වික්‍ර­ම­බාහු කරු­ණා­රත්න, කථි­කා­චාර්ය සුම­න­සිරි ලිය­නගේ ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ. වසර 1974 දී ඔවුහු සිය නාමය වාම සම­ස­මාජ ප්‍රව­ණ­තාව ලෙස හඳු­න්වනු ලැබීය.

එම වාම ප්‍රව­ණතා කණ්ඩා­යම වඩාත් ශක්ති­මත් වූයේ 1972 සම­ස­මාජ සමු­ළු­වෙන් එළි­යට පැමිණි තවත් කණ්ඩා­ය­මක් එක් වීමත් සම­ඟය. එම කණ්ඩා­ය­මට කිරි­ඇල්ල පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ දෙල්ග­හ­ව­ත්තගේ, වාසු­දේව නානා­ය­ක්කාර, හෝමා­ගම එඩ්වින් කොත­ලා­වල, රත්න­පුරේ වෛද්‍ය අර්ස කුල­ර­ත්නම්, යාප­නයේ ඒ. කේ. අන්න­මලේ වැනි මුල් පෙළේ වාම ක්‍රිියා­කා­රි­කයෝ අයත් වූහ. පසුව සභාග ආණ්ඩුව 1976 බිඳ වැටී­මෙන් පසු ඔස්වින් ප්‍රනාන්දු, රොනි පෙරේරා, ජේ. ටී. සිල්වා, සර­ණ­පාල සිල්වා වැනි වාම වෘත්තිය සමිති නාය­ක­යන්ද එක්වී­මෙන් වමේ ප්‍රව­ණ­තා­වය වඩ වඩාත් ඔප­වත් විය.

වැල්ල­වත්ත සර­ස්වතී ශාලා­වට 1977 රැස්වූ එම කණ්ඩා­යම එක් වී සම­ස­මාජ නව නාය­ක­ත්වය ලෙස එය නම් කරන ලදී. පසු­කා­ලී­නව එනම් 1979 දී නව සම­ස­මාජ පක්ෂය ලෙස එය නම් කළ අතර වාම සම­ස­මා­ජය පුව­ත්පත වමේ සටන බව­ටද පත් විය. අන­තු­රුව වමේ සටන පුව­ත්පත 1984 සිට හරය පුව­ත්පත විය.

නව සම­ස­මාජ පක්ෂයේ (නස­සප) දේශ­පා­ලන ඉල­ක්කය වූයේ ජන අර­ග­ලය මඟින් රාජ්‍ය බලය අල්ලා­ගැ­නී­මය. එහි ක්‍රියා­කා­රිහු 1978 ගෙන ආ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට එරෙ­හි­වද 1980 ජූලි මහ වැඩ වර්ජ­න­යට ක්‍රියා­කා­රීව මැදි­හත් විය. එජාප ආණ්ඩුව 1983 ජූලි 24 සිට ජූලි 30 දක්වා රට­පුරා ළැව්ගි­න්නක් සේ පැතිරී ගිය කළු ජූලි කෝලා­හ­ල­යට මුුවාවී ජනතා විමුක්ති පෙර­මුණ, කොමි­යු­නිස්ට් පක්ෂය මෙන්ම නස­සප ද තහ­නම් කළේය. ඒ 1983 ජූලි 31 වැනි­දාය. පසුව නස­සප, කොප පක්ෂ දෙකේ තහ­නම ඉවත් කරන ලදී.

නව සම­ස­මාජ පක්ෂ­යෙන් ආර­ම්භයේ සිට මේ දක්වා දේශ­පා­ලන හේතු මත කණ්ඩා­යම් ගණ­නා­වක්ම ඉවත් විය. සුම­න­සිරි ලිය­නගේ සහ ගුණ­සේන මහා­නාම ප්‍රධාන කණ්ඩා­යම 1982 දීද සිරි­තුංග ජය­සූ­රිය, සර් සත්‍ය­පාල, ජය­ති­ලක කම්මැ­ල්ල­වීර ප්‍රධාන කණ්ඩා­යම 1989 දීද නීතිඥ වාසු­දේව නානා­ය­ක්කාර, එඩ්වින් කොත­ලා­වල, කේ. ඩබ්ලිව්. විලේ­ගොඩ ඇතුළු ප්‍රධාන කණ්ඩා­ය­මක් 1994 ද ජී. වී. ඩී. තිල­ක­සිරි ඇතුළු පිරි­සක් 1998 දීද ලීනස් ජය­ති­ලක, නීල් විජේ­ති­ලක සහ ධර්ම­සිරි ලංකා­පේලි ඇතුළු පිරි­සක් 2011ද වූහ.

නස­ස­ප­යෙන් 1994 දී ඉවත්වූ නීතිඥ වාසු­දේව නානා­ය­ක්කාර අන­තු­රුව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මුණ පිහි­ටු­වීය. එය වාම ප්‍රග­ති­ශීලී ජන­යාට ශක්ති­යක් සහ ආස්වා­ද­යක් සප­ය­මින් අධි­රා­ජ්‍ය­වා­ද­යට, නව යට­ත්වි­ජි­ත­වා­ද­යට සහ ප්‍රති­ගා­මී­ත්ව­යට එරෙ­හිව පෙර­මුණු බළ­ඇ­ණි­යක් බවට පත් විය. එප­ම­ණක් නොව ශ්‍රිල­නිප ඇතුළු (පසුව පොදු­ජන පෙර­මුණ) ප්‍රග­ති­ශීලි පිලේ සක්‍රීය සටන් අවි­යක් බව­ටද පත් විය. පෙබ­ර­වාරි මස 22 වන සෙන­සු­රාදා පස්වරු 2ට රත්න­පුර සීවලී ක්‍රීඩාං­ග­ණ­යේදී මුලු දෙන්නෙ එහි 20 වන සංව­ත්ස­ර­යයි. ඇත්ත ඇති සැටි­යෙන් කිව­හොත් සෞභා­ග්‍ය­මත් දැක්ම තුළ පෙර­ළි­කාර ජන­බ­ල­යක් නිර්මා­ණය කිරීම ඔවුන්ගේ අපේ­ක්ෂාව වනු ඇත.

විජය කුමාරතුංග දේහය ඉදිරිපිට වාසුදේව නානායක්කාර
1988 පෙබරවාරි 21දා

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මුණ නායක නීතිඥ වාසු­දේව නානා­ය­ක්කාර සිය සක්‍රීය දාය­ක­ත්වය වමේ ව්‍යාපා­ර­යට එක් කළේ වයස අවු­රුදු 18 සිටය. වර්ත­මා­නයේ 82 වැනි වියේ පසු වුවද ඔහු සක්‍රීය දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙකි. සූරි­ය­මල් ව්‍යාපා­රයේ සිට වාම සහ ප්‍රග­ති­ශීලි ව්‍යාපා­රය සමඟ අත්වැල් බැඳ­ගත් වාසු­දේව නානා­ය­ක්කාර අද­ටත් බොහෝ ජන හද­වත් තුළ ජීවත් වන ආද­ර­ණීය චරි­ත­යකි. වාමාං­ශික දේශ­පා­ල­නයේ යල් පැන ගිය නොව­න්නක් බවද එය වර්ත­මා­න­යට ගැළ­පෙන බවද ඓති­හා­සි­කව ඔප්පු කර ඇති බැවින් මෙම රැඩි­ක­ල්වාදී වාම බල­වේ­ගය ලාංකේය ප්‍රග­ති­ශීලි ව්‍යාපා­රය තුළ අත්‍ය­ව­ශ්‍යම සාධ­ක­යක් බව නොර­හ­සකි. නව ලිබ­ර­ල්වා­දය විසින් ලෝ පුරා කරන විනා­ශය උග්‍ර වෙමින් පැවැ­තී­මෙන් නිරා­ව­ර­ණය වන්නෙ වමේ දේශ­පා­ල­නය තුළ පුරෝ­ක­ථ­න­යකි.

රත්න්පුර සීවලී ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන 22 වන සෙන­සු­රාදා මුලු දෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ 20 වන සමු­ළුව සෞභා­ග්‍යයේ දැක්ම තුළ රටේ නව දැක්ම­කට පෙර­ව­ද­නක් සප­යන නිය­මු­වකු බවට පත්වනු ඇත.

Comments