
ශ්‍රී ලාංකේය කතා පුවතක් ඇසුරෙන් ඉන්දියානූ නිර්මාණ දායකත්වයෙන් බිහිවූ ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා කෘතිය Distant Teardrop පසුගිය දා තරංගනී සිනමා ශාලාවේදි මාධ්‍යවේදීන්ට දැක ගත හැකි විය.සතිෂ් කෞෂික් සහ ගනේෂ් ජෙයින් ගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එන්. පද්මකුමාර් නෙහොත් ලංකාවේ පැඩී යන නාමයෙන් ප්‍රචලිත තරුණ සිනමා අධ්‍යක්ෂවරයායි.
අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය සහ සංගීතා වීරරත්න මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙති.මෙහි රූ ගත කිරීම් 75% ක් ලංකාවේ ද එංගලන්තයේ සහ රුසියාවේ රූගත කර ඇති බැව් මෙහි ප්‍රධාන නළු රවීන්ද්‍ර රන්දෙණිය රසඳුනට පැවැසීය. රූ ගත කිරීම් සඳහා දායකත්වය ලබා දුන්නේ Film Team ආයතනයෙනි.