කවි මඬල | Page 2 | සිළුමිණ

කවි මඬල

කෙහෙ­වලු හර­ඹය.....

ගෙදර විම­ල­වතී
සවුදි ඉඳන් ගෙදර ඇවිත්
හරි­ස­ද්දෙට සින්දු දාල
මුළු වත්තට ඇහෙයි බජව් ගග­ගග
කිලුටු ඇඳුම් ඇඳපු එකී
ණයට කඩෙන් කාපු එකී
මුද­ලා­ලිගේ පවුල එක්ක
කෙහෙ­වලු ඇද­ගත්ත එකී

සවුදි ඉඳන් ආපු අලුත
තොරො­ම්බෝල විච්චූ­රණ
එල්ලා­ගෙන පද්ද පද්ද
මේකි පාරේ ගිය ලස්සන
ටික දොහො­කට පෙර දව­සක
පිං ළිඳ ළඟ රෙදි හෝදන
එහෙං මෙහෙං පඳුරු කතා
මේකි කියයි මට ඇහෙන්ට

මේකෙ ඉන්න පර­ට්ටි­යක්
මගේ මිනි­හට දාල ඇමක්
ගේ අස්සේ නටල මගුල්
හිටපං මං ගහ­නවා පොල්

අනේ ඉතින් අපි නොදන්න
උඹෙ මිනි­හගේ බෝසත්කම
වේළි වේළි උන්නු ඌට
බැලුව හැදුව එකයි වරද

විමලො උඹේ සුදු පිරු­වට
වේලා­සන කිලුටු ගැහුණ
දිග ඇරි­යොත් කිය­නවා මම
පත්තිනි අම්මගෙ විස්තර ...

උදිත නිලංග ගමගේ
 


සරණ පතා හිමි පාමුල

කල්ප හිම් නිවන පැන් තොටක් බඳු වුණේ
දැල් වූ බැති­යෙන් වඳිමු පා කමල් සමි­ඳුණේ
කැල්ම සඳ­හම් දිලෙන උතුම් බුදු සාසනේ
කල්‍යාණ පහන් වැට දල්වන්න අද දිනේ...
මල් අතුළ මං පෙතක් නොවේ ගොර බිම් සසර
සිල් වඩා පින් පුරනු නොදැක සිව් අපා දොර
බැල්ම දෙවි­යන් ලැබී සුග­ති­යට මං විවර
කල් නොයා ඇසේවා බුදු ගුණම දිවි මතුර

ගංගා කඩ­වැ­ද්දුම


ඇත්තම කතා­වක්

බලන් ඉන්නෙක මුළා­වක්
සවන් දෙනු එක වතා­වක්
රැයේ පොළො­වට වැටුණු තරු­වක්‍
කීවා මේ ලෙස කතා­වක්

බලයි සඳ ටික වෙලා­වක්
නොපෙ­න්වයි කිසි නියා­වක්
නගියි අහ­සට අසයි ඇවි­දින්
අපිත් හද­මුද කතා­වක්

අහස පිවි­තුරු තලා­වක්
සිසිල නෑ කිසි පමා­වක්
සඳයි තරු­වයි ළංවුණා තව
ඒක වෙන­මම කතා­වක්

අඳුරු රෑ දින වළා­වක්
වසයි ඒ සඳ අමා­වක්
දරා­ගනු බෑ හඬන හිත­කට
ඒක තව දිග කතා­වක්

නොදී එක’මෙක සිනා­වක්
තවත් තරු­වක නිමා­වක්
සරා සඳ තව සුසුම් හෙළ­නව
ඒක ඇත්තම කතා­වක්

ටිෂානි චන්ද්‍ර­සේ­කර


බිරි­ය­කගේ සිතු­විලි

සඳ­ප­හන උතුරා ගලා ගිය දවස
රෙබ­රෝ­සියා මල් අත­ ව­නයි නිර­තු­රුව
දෙඅත් පටලා යන ඈත පෙම්ව­තුන් තුළ
ඈ ද සිටියා විය යුතු ය

දෙදෙන සත­රැස
එක් ඇසක් වුණු දින
පසක් වේය ඈට දිවියේ ගැඹුරු බව
පිසිය යුතුය බත මොළවා ලිප ගිනි
යා යුතුය කණි­ස­මට වැඩ­මු­රය වෙත‍
සැන­සිය යුතුය සිඟිති දිය­ණිය නිර­තුරු

සට­නක්ය දිවිය ජය­ ගත යුතු
මදිය විසි හතර පැය
ඈට සුසු­මක්ව යදි­න්නට
සැබ‍ෑ නොවෙනා සිහි­න­යක් වූ
තරු­ණ­ විය

අශානි භාග්‍යා කරු­ණා­නා­යක


සේපා­ලිකා

සේපා­ලිකා නුඹ තාම
පිපෙන්නේ ඇයි රෑට
මටත් ආසයි ඔය නළ­ලත
ඉඹි­න්නට සොඳුරු උදෑ­ස­නක...

මේදනී මැණි­ක්කු­ඹුර


හරිත පෙම

බැඳුණි පරි­ස­රය හා
ගහ­කො­ළට තුරු­වැ­ලට
මුස­පත්ව පෙම් රසට
කළේ ප්‍රති­උ­ප­කාර
ආකාසෙ ජල බින්දු
පතු­ර­මින් වැහි­වලා
සොඳුරු වට පිටා­වට
හරිත පැහැ තුරු­පත්ද
ළපලු මල් කැකුළු පෙති
හිනැ­හේවි ආද­රෙන්
දුන්නො­තින් ළතෙ­ත්ගති
දේවි නල­මුදු සුවඳ
පිරි­න­මයි ප්‍රාණය ද!

වන­ස්පති කඳු­ක­රය
සුර­කින්න සැර­සිලා
මුල් නැමති අත්ව­ලින්
ප්‍රාංශුව රැක­බලා
හරිත වන දහන යට
මිහි­ත­ලය සුව­වෙලා
නොක­පන්න වෛර­යෙන්
කඳු­ළින්ම අණ කළා!

සුළඟ පොද වැසි සමඟ
මිහි­ම­ඬල රකින්නේ
අරණ දුන් ආද­රය‍
ළතෙත් ගති­යට සොඳුරු
මනු­ස­තට හිත­න්නට
යමක් ඉති­රිව තබා

සරත් කුමාර වික්‍ර­මගේ


නම­දිමු සිරිපා

පිනි­කැට විසිරේ - කඳු­වැටි අත‍ෙර්
සීතල දිය­වැල් ගලා­හැලේ
සිරිපා පියුමේ රොන්සුනු විසිරේ
සමනොළ සිර­සින් රැස් විහිදේ...

ඇරඹේ සිරිපා වාරේ
සද­හම් ගඟ යයි දෝරේ
බුදු­හිමි තෙව­රක් වැඩි මේ පින්බිම
සද­හම් සිසි­ලෙන් නැහැ­වෙ­නවා...
කරු­ණා­වයි කරු­ණා­වයි කිය­මින්
සිරිපා පිදු­මට සැ‍රසෙ­නවා...

සිල් සුව­ඳයි මේ විහි­දෙන්නේ
සාදු හඬයි මේ රැව්දෙන්නේ
සැම දන හද­වත් සිසි­ලෙන් සනහා
සව් සත වෙත මෙත සෑදූ...

සම­නොළ සිරසේ මුනි පා පද්මය
නම­දිමු බැති­යෙන් සාදු!...
කරු­ණා­වයි දෙවි කරු­ණා­වයි
සුමන සමන් දෙවි කරු­ණා­වයි...

වික්‍රම සෙන­වි­රත්න


අහිමි හිමි සඳ කොහිද අද ඔබ

පොල්ගොල්ල ශාස්ත්‍ර­ර­වින්ද ආයු­ර්වේද වෛද්‍ය විද්‍යා­ල­යයේ නිර්මාතෘ අප­වත් වී වදාළ රාජ­කීය පණ්ඩිත රඹු­ක්වැල්ලේ පඤ්ඤා­සාර නාහි­මි­යන්ගේ 11 වැනි ගුණා­නු­ස්ම­ර­ණය නිමි­ත්තෙනි.

අහිමි හිමි සඳ කොහිද අද ඔබ
සරණ සොය සොයා ගියේ ඔබ­මොබ
නතර වී කෙම් බිමක පින් ලැබ
ඇසි බණ පද සතුට උතු­රන

දෙසූ හිමි සඳ කොහිද අද ඔබ
තල්පතේ ලිය ලියා පිළි­යම්
මල් වගේ දරුවෝ වෙදුන්
කළේ ‍නොමිලව අමිල හද­කින

දයාලූ හිමි සඳ කොහිද ඔබ
දැයෙහි දරු­වන් සැපෙන් සනසා
ලැබූ ඥානය පිදුනි සහසා
පිනින් ලද සුව අමිස විහ­රණ

අතැර හිමි සඳ කොහිද අද ඔබ
ඔබ දැකුම් අත් දැකුම් කර­මින
දහ­ස­කුත් අය සමඟ අග­යන
එදෙස බල­මින් නිවුන සිත­කින

සිටියේ, හිමි සඳ කොහිද අද ඔබ
බොල් ‍පොළව සරු කෙතක විසි­තුරු
මල් වැවුණු තුරු වදුලු පිය­කරු
තිබේ අද ඔබෙ නමට ඔසු­තුරු

නොදැක හිමි සඳ කොහිද අද ඔබ
හැදූ වැඩූ වෙදැ­දුරු දරු කැල
හද­ව­තින් ඔබ ළඟයි හැම කල
ඔබේ ගුණ සිහි කරමු අපි හැම

කථි­කා­චාර්ය වෛද්‍ය පී.එස්. කුරුප්පු


ඔබ රාත්‍රි­යද ?

ජනෙල් කම්බි අත­රින් කාම­ර­යට පාවෙන
රැහැයි සඣා­යනා යටින්
හෙමින් කොඳු­රන්න
මගෙ රහස් එකින් එක එළි­යට අදින
ඔබ රාත්‍රි­ය­ද
වැහි බිංදු ඉහු­නත්
ජනේ­ලය වහ­න්නට බෑ
නිද්‍රාව බිඳ­ගන්නෙ නැතිව
ඔන්න ඔහෙ මෙහෙ­මම ඉමු
වාහන එළි­යක් බිත්තිය දිගේ ඇවි­දන් ඇවිත්
ඇඳට ගොඩ වුණා
හංගන්න ඕන නෑ රිදී කෙස් ගස් දෙක තුන
තට්ටම් වල ඇදුනු ඉරි වුනත් සිප ගන්න පුළු­වන්
පාවෙලා යන්න ඕන­මද ආපහු
නොපෙ­නෙන තරම් ඈතින් තියන
ඔබේ නවා­තැ­නට
ඒත්
තවත් සිහි­නයේ ඉන්නට තරම්
මගේ හිත හයිය නෑ
ඔබ අඳුර තියල ගියා ඇඳ උඩ
දැන් නිදා­ගන්නෙ කොහො­ම­දරෑ

තරින්ද්‍ර ගල­හේන
 


 

 
 


 

Comments