ගුණයෙන් ඉහළම ලිප්ටන් වෙතින් ලාංකිකයන්ට | Page 4 | සිළුමිණ

ගුණයෙන් ඉහළම ලිප්ටන් වෙතින් ලාංකිකයන්ට

‘ලිප්ටන්’ කිව්වහම එකපාරටම මතක් වෙන්නේ ලිප්ටන් සීට් එක. උඩරටට ආවේණික චමත්කාරජනක සිසිල විඳින අතරේ අංශක තුන්සිය හැටකින් දර්ශනය වන අලංකාර දසුන වචනයෙන් විස්තර කරන්න බෑ. පරිස්සමෙන් ඇඳපු චිත්‍රයක් තරම් ඇතැම් විට ඊටත් වඩා ලස්සන ඒ පරිසරයට හිත වශීවෙනවා. හිත නිවෙනවා. මේ කතාව ඒ ලිප්ටන් සීට් එක ගැන නෙවෙයි. ඒත් මේ කතාවේ මුල් තැනක ලිප්ටන් සීට් එකත් තියෙනවා. ඒ කතාව ඊළඟ ඡේදයෙන් කියන්නම්. මේ කතාවේ ප්‍රස්තුතය වන්නේ ප්‍රනීත ‘ලිප්ටන් සිලෝන්ටා තේ’. ලිප්ටන් අසුනේ සිට අවට සිසාරා පෙනෙන්නට තියෙන දර්ශනයට ආශක්ත වෙන තරමටම ලෝකයම ලිප්ටන් සිලෝන්ටා තේවලට ආශක්ත වෙලා ඉන්නේ කීවොත් ඒක බොරුවක් නෙවෙයි.

ලිප්ටන් සීට් එකයි ලිප්ටන් සිලෝන්ටා තේයි එකට සම්බන්ධ වෙන කතාව මොකද්ද? මුළු ලෝකයම ඉදිරියේ අපේ රටේ නම ඔසවා තැබූ සන්නාමයක් වන ලිප්ටන් සිලෝන්ටා තේ කර්මාන්තය පටන් ගත්තේ ලිප්ටන් සීට් එක තනවපු තෝමස් ජේ ලිප්ටන් විසින්මයි. තෝමස් ජේ ලිප්ටන් මහත්මයා ක්‍රිස්තු වර්ෂ 1890දී පමණ ලංකාවට ඇවිත් අක්කර 5,500 කින් යුතු දඹේතැන්න වතු යාය මිල දී ගත්තා. ඌව පළාතේ දිගම තේ කර්මාන්තශාලාව එනම් දිගින් අඩි 345ක් වූ කර්මාන්තශාලාව දඹේතැන්නේදී ඉදි කළේත් තෝමස් ලිප්ටන්. පූනාගල කඳු මුදුනේ පිහිටලා තියෙන තමන්ගේ තේ කර්මාන්ත ශාලාවට නිතර ආ ගිය තෝමස් ලිප්ටන්, කඳු මුදුනේ දී දුටු සොඳුරු දර්ශනයෙන් වශී වෙනවා. උදෑසන අටට පෙර ලිප්ටන් සීට් එකේ ඉඳලා හාත්පස සිසාරා බැලුවොත් ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර, බදුල්ල, රත්නපුර සහ මොණරාගල දක්වාම දැකගත හැකි බව පැවසෙනවා. ඒ වගේම කිරින්දේත් මඩකලපුවේත් මාතර දෙවිනුවරත් ප්‍රදීපාගාර ලිප්ටන් අසුනේ සිට දැක ගන්න පුළුවන්. කොයිතරම් දැක්කත් එපා වෙන්නේ නැති ඒ දසුන දැකගන්න පූනාගල කඳු මුදුනේ ඔහු අසුනක් පිළියෙළ කළා. ඒ තමයි ලිප්ටන් සීට් එක.

ලිප්ටන් සිලෝන්ටා තේවලට වයස අවුරුදු 129ක්. ඒක සිලෝන් තේවල කීර්තිය පතුරවපු සන්නාමයක්. ලෝකයේම අංක එකේ සන්නාමයක් වෙලා තියෙන ‘ලිප්ටන් තේ’ ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ වගේම කළු තේවලින් ඉතා ජනප්‍රිය තේ නාමයක්.

තේ දළු ප්‍රවාහනය කාර්යක්ෂම කරමින් අලුතින් කේබල් කාර් පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නෙත් තෝමස් ලිප්ටන් විසින්මයි. ‘තේ’ ඉතා දුර්ලබ මා මිල අධික සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහට සැලකූ යුගයක ‘තේ’ ගෘහාශ්‍රිතව සුලබ පානයක් බවට පත්කරන්නට ලිප්ටන්ට ඕනෑ වුණා. එදා තේ කර්මාන්තය අතරින් ලිප්ටන් තේ සුවිශේෂි වෙන්න තවත් හේතුවක් ඒක.

ලිප්ටන් සිලෝන්ටා තේවලට අවුරුදු එකසිය විසි නවයක් තරම් වන අවස්ථාවේ ලිප්ටන් සිලෝන්ටා තේ සමාගම විසින් තේ රසකාමීන්ට සුවිශේෂි අවස්ථාවක් හිමිකරලා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. තෝමස් ලිප්ටන් හිතපු විදිහටම ආර්ථික අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවේ හැම ගෙදරකටම තේ රසය විඳින්න අවස්ථා ලබා දෙන්න ඔවුන් කල්පනා කරලා. ඒ වගේම අලුත්ම තේ රසයක් අලුත් ඇසුරමකින් ලබා දෙන්නත් කටයුතු සූදානම් කරලා.

යුනිලිවර් සමාගමේ තේ තත්ත්ව පරීක්ෂක, කලමනාකරු, තිලංක දිසානායක මහතා තේවල ගුණාත්මකභාවය, ඊට ආවේණික රසය රැක ගන්න පුළුවන් ක්‍රම ටිකක් සිහිපත් කළා.

සිලෝන්ටා තේ තමයි තේ වර්ග කිරීම් අතරින් BOPF Tea (Broken Orange Pekoe Fannings Tea) ශ්‍රේණිය මුලින්ම හඳුන්වලා දුන්නේ. සිලෝන්ටා තේවලින් වඩාත් ජනප්‍රිය BOPF Tea ශ්‍රේණීයේ තේයි. කුඩා ප්‍රමාණයේ කැබලි සහිත BOPF Tea ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රියයි. BOP (Broken Orange Pekoe) ශ්‍රේණිය තමයි මුලින්ම තේ කර්මාන්තයෙන් හඳුන්වලා දීලා තිබුණේ. නමුත් නිවැරදිව BOP (Broken Orange Pekoe) තේ එකක් පිළියළ කර ගැනීමට විනාඩි අටක් නවයක් යනවා. BOPF Tea තේ එකක් පිළියෙළ කර ගැනීමට යන්නේ විනාඩි හතරක් වැනි අඩු කාලයක් නිසා ජනතාව එය භාවිතා කරන්න හුරු වෙනවා. කහට රසය ගන්න නම් BOPF Tea පාවිච්චි නොකර කුඩු (dust grade) පාවිච්චි කරන්න වෙනවා. තේ රසය විඳීම එකිනෙකාට වෙනස් වෙන්නේ ඒ විදිහට.” තේ රස ගැන තිලංක දිසානායක මහතා කිව්වේ ඒ වගේ කතාවක්.

“ගුණාත්මකභාවයෙන් ඉහළ තේ අද ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා. ඒ තේවලට විශාල ඉල්ලුමකුත් පවතිනවා. පාරිභෝගිකයාගේ පසුම්බියට බරක් නොවී ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්ත තේ ලබාදෙන්න අපි කටයුතු කරනවා. අපේ රටේ කොයිතරම් තේ වැවුවත් රොඩ්ඩ විතරයි අපට ලැබෙන්නේ කියලා ඇහෙන්න කතාව අද ඇහෙන්නේ නැති තරම්.”

Comments