බීමත්ව රිය පැදවීම නිසා දිනකට බොහෝ දෙනෙක් අකාලයේ මිය යති. එසේම මාස එකහමාරක කාලයක් තුළ බීමත් රියදුරන් දහකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර සමහරු දඩ ගෙවා නිදහස් වන අතර තව කොටසක් බන්ධනාගාරගත වෙති.
පොලීසිය මාර්ග බාධක යොදා දිවා රාත්‍රි මෙහෙයුම් කර බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළත් අඩුවක් පෙනෙන්නට නැත. නීති නැත්නම් නව නීති පනවා සිදු කළ යුතු වන්නේ බීමත් රියදුරන්ගෙන් අය කරන දඩ මුදලට අමතරව රියදුරු බලපත්‍රය සදහටම තහනම් කිරීමයි. මාර්ග නීති කඩකරන විදුලි සංඥා නොතකා අධික වේගය වාහනයට ඉස්සර කරන්නට යන රියදුරන් ගැනත් තදින් ක්‍රියාත්මක කළ යුතුය. එවිට රිය අනතුරු මඟින් මිය යන හා ආබාධිත අයගේ විශාල අඩුවක් දැකිය හැකිය.
ඇන්.කේ.පි. ප්‍රේමදාස ප්‍රනාන්දු
පයාගල