කව් ලැකි­යට ආ සඤ්ඤක ඹ-යන්න | Page 2 | සිළුමිණ

කව් ලැකි­යට ආ සඤ්ඤක ඹ-යන්න

සඤ්ඤක ඹ-යන්න සහිත තද්භව පද සම­හ­රක් සිංහල කව් ලැකි­යට ආවේ 'ම්බ' යන ශබ්ද සංයෝ­ගය සහිත තත්සම පද ඇසු­රිනි.
ලෙව් ලැකිය කව් ලැකිය
අම්බ අඹ
අම්බර අඹර
අම්බ­රෝ­දර අඹ­රෝර
අම්බා අඹු
අම්බිල ඇඹුල්
අව­ල­ම­බක ඔලඹු
කදම්බ කදඹ
කුටුම්බ කෙළෙඹි
චුම්බති සිඹියි
චුම්බට සුඹුළු
ජම්බු දඹ
ජම්බු­ද්වීප දඹ­දිව
නිතම්බ නිතඹ
ප්‍රති­බිම්බ පිළි­බිඹු
ප්‍රිය­ම්බිකා පියඹ
බිම්බ බිඹු
ලම්බක ලඹ
ලම්බෝ­දර ලඹෝරා


සඤ්ඤක ඹ-යන්න සහිත තද්භව පද සම­හ­රක් සිංහල කව් ලැකි­යට ආවේ 'ම්භ' යන ශබ්ද සංයෝ­ගය සහිත තත්සම පද ඇසු­රිනි.
ලෙව් ලැකිය කව් ලැකිය
ආරම්භ අරඹ
කර­ම්භක කරඹ
කුම්භ කුඹු
කුම්භ­යෝනි කුඹ­යොන්
කුම්භ­ස්තල කුඹු­තල
කුම්භීල කිඹුල්
කුම්භ­කාර කුඹල්
කුසුම්භ කොහොඹ
කෞසම්භ කොසඹෑ
ගම්භීර ගැඹුරු
රම්භා රඹ
ස්තම්භ ටැඹ

Comments