සැල­ලි­හිණි..., | Page 2 | සිළුමිණ

සැල­ලි­හිණි...,

ඉසි දහ­දි­යට සිසි උව­නත ලෙස පෙනුණී
දිසි ඉඟ සිහින් විය කුස නොපි­රෙන බැවිනී

ඇසි පිය සැලුණි කඳු­ළක මහ බර තිබිනී
රිසි ලෙස බලන ලෙස බට සැල­ලි­හි­ණි­යනී

නිසි පුළු­ලු­කුළ වැදු දරු කැල මත හැදුණී
වැසි රණ තිසර කිරි කැටි­යට කිරි එරුණි
දිසි රණ ලිය දුරට ඇඟ මස පුද දෙමිනි
කිසි­වක් නොදැන හිමි මන­සෙක කවි කෙරිණී

විබි­සණ නුඹට පෙර, පෙර දින මුණ ගැසුණී
විසි­කළ මුදල එක වේලක කුස පිරුණි
හැසි­රුණ අයුරු දුටුවා නම් සැළ­ලි­හිණි
උල­කුඩ දේවි දරු ඉල්ලා­විද නොදනී

හිමි උඹෙ ගුණ ගයා රැවටූ බව දැනුණී
කුම­රිට පුතකු ඇගෙ හිමි දෙන බව ඇසුණි
කිරි­ලි­ය­ටත් දරුවො දෙනු පෙර මිතු සඳුනි
විසි­කර හසුන උඹ පල­යන් සැල­ලි­හි­ණී­

ග­යාන් පීරිස්


වෙන්වීම

මා ළඟින් තනි­කම තියා
තනි­ක­මට සිටි නුඹ ගියා‍‍
මමත් නුඹ මත­කයෙ තියා
දන්න­වද වැල­පෙන නියා
සීත සුදු සඳ­රැස් ගලා යන
රැයේ සිත වෙන­තක නොයා
පහන් නොනිවා මඟ බලා­ගෙන
ඉදින් එන්නම් නුඹ සොයා
පෙමින් බැඳී අපෙ සොඳුරු මත­කය
දවයි රෑ නෙතු නිදි වරා
බලා ඉන්නම් රැයේ තරු පිරි
නුඹේ රුව සඳ යැයි කියා

ජී. ජය­සිංහ


අපේ ගම

ප්‍රසිද්ධ ගම පනා­පි­ටිය ලංකා තිල­කා­රාමෙ යි
සැම­දෙනා ම වැදුම් පුදන පූජ­නීය පුදබි‍ම වෙ යි
මේ අස­ලම රජ කාලේ පැවතී එන අම්බ­ලම යි
ඉදි­රියෙ ඇති කෙත් යායක් ගලා බසින දිය දහර යි

පොල්වතු කෙත්වතු ගෙවතු ද ඉතිරී පැතිරී ගෙන ය යි
බත බුල­තින් අඩු­වක් නැත පනා­පි­ටිය සරු­සාර යි
පිං දහ­මින් කුස­ල­ය­ටම සිත් යොද­වන සැදැ­හැ­තියො යි
මේ ගම සිටිනා වැසි­යන් හැම දෙයින් ම පිංකාර යි

ළඟම තිබෙන ප්‍රසිද්ධ ගම යක්ක­න්නැ­හැරේ ගම වි ය
ඒ ගම තුළ වැඩ වසනා සත්ප­ත්තිනි දේවාල ය
තේජ­වන්ත අනු­හස් ඇති සත්ප­ත්තිනි දෙවි මෑණි ය
රෝග දෝෂ දුක් දුර­ලයි සත්පත්ති දෙවි නාම ය

සාහිත කලාවේ කවි රස වැඩි වේ වා
මෙහි ඇති කරුණු හැම සිත­කම ඇති වේ වා
තෙරු­වන් බෙලෙන් සැම­ටම සෙත සැලසේ වා
යනු­වෙන් මෙසේ පත­මින් අව­සන් වේ වා

එස්. පේමා­වතී


කුරිරු
දිය කඳට මැදි වී

කළු වලා­වක් ඈත පාවී
මහ වැස්ස­කට සැර­සේවි
අසනි පුපුරා යාවි‍
­ගං‍ ­දිය ද සැඩ වේවි
දිය සුළි ද කැර­කේවි
අතු පැලට දිය ගලා ඒවි
පුංචි උන් තැති ගනීවි...
සැඩ සුළං කැරකි කැරකී යාවි
ගස් අතු ද ඇඹ­රේවි
ඔරු කඳ බිඳී ගියො­තින්
එගොඩ ගිය මහිමි සඳ
ගංව­තුර මැද තනි­වේවි...
කුස­ගිනි දැනේවි
තනි­කම බිය දැනේවි
දරු දුක ද ඇති­වේවි
රැහැයි හඬ පැති­රේවි
රාත්‍රිය දිගු වේවි...
සැඩ පහර ඇවි­දින්
ගෙපැල යට වුණෝ­තින්
පැතුම් පොදි සිය­ල්ලම
කුරුරි දිය කඳට මැදිවී
පහ­ළට ගසා ගෙන යාවි...

රත්න­සිරි පති­රණ


මිනිසා

පල්ලියේ බුදු බණක් දෙසනා
කෝවිලේ පිරිත් හඬ ඇසෙනා‍‍
පන්සලේ ගීතිකා ගැයෙනා
සාමයේ සුබ දිනක් ළං වේවා!...
ජාති ආගම් කුල ගොතින් බැඳ
උනුන් නැසු­මට අවි අමෝ­රන
මිනි­ස්කම් සිඳ වැට කඩුලු බැඳ
සොබා­දම් මවු වැදූ මිනිසා...
මේ තරම් පිරි­හුණේ කෙලෙසා
පටු හැඟුම් මත නැගෙන ගිනි­දැල්
ළතෙක් සිසි­ලෙන් නිවමු හැම­කල්
එක ම ලේ ඇති මිනිස් යද­මින්
සැවොම එක්වෙමු එයයි නිව­හල්
‍සොබාදම් මවු වැදූ මිනිසා...

උපුල් දොඹේ­පොළ


පටා­චාරා ඇවිත්

තක්ස­ලා­වෙන් මිදී
සන්නා­ලි‍යක් වී
පඩි පත අත දිග හැර
විය­දම් කරන්නී
ස්මාට් ෆෝන් දරන්නී
රීලෝඩ් දමන්නී
දෙතොල් රත් කරන්නී
නෙක අඳුන් ගාන්නී
සිදා­දියෙ හෝට­ල්වල
රස කෑම සොයන්නී
සරුව පිත්තල ලෝ‍ක
මුදල් දී ගෙට ගෙනත්
සැලෝ­ල­යිට් හීන­වල
නිබඳ සැරි සරන්නී
ජීවි­තය සොයන්නී
හීන කුම­රෙක් දැක
දඬු­මො­න­ර­යෙන් ගිය
කුස මහත් වූ සඳ
කුමරු අත හැර ගිය
ඇය සුසුම් හෙළන්නී
ඔටු­න්නක් නැති පුතෙක්
අතින් ගෙන හිස් අතින්
පටා­චාරා ඇවිත්
අම්මා දොර අරින තුරු
පිළි­කන්නෙ රැ‍ඳෙන්නී

රුව­න්මලී දීපිකා


මිත්ත­ණි­යගේ උපන් දිනය

සිතෙහි ජනිත සිතු­විල්ල
විශ්ව­යට සටහන් කළේ
මිත්ත­ණි­යගේ හැත්තෑ­ප­ස්වෙනි
උපන් දිනය සම­රනු සඳහා

චාම් අලුත් ඇඳුම් අන්දවා
කේක් ගෙඩි­ය­කුත් කපා‍
විසල් සේයා­රු­වක් රාමු­කොට
සුබ උපන් දින­යක් ආච්චිට
අත් පොළ­සන් හඬ නංවා
විය­පත් සිරු­රට නව පණක් දී ඇත

අවු­රු­ද්දට වරක් නොව
බොරු විච්චූ­රන් නැතුව
සැමදා මා ළඟින් ඉන්න
දරු­වනේ මිත්ත­ණිය කියන්නී‍
ගුණ­වත් හා නැණ­වත්
ප්‍රේම­ණීය මිනි­පි­රිය මට සදා වාස­නා­වන්!

පී. වරු­ස­වි­තාන


දරු­වන් ඇති අම්මලා

ගත­ පුරා විහිද යන
නහර වැල් සියුම් කේශ­නා­ලිකා
ලේ කිරෙන් තෙත් විය
ප්‍රාණ­වත් විය
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා
තැන්පත් වූ ලේ කිරි ඔබට පෙව්වේ
මුව පුරා කුස පුරා සිත පුරා
සෙනෙ­හ­සිනි
හද පිරි දයා­වෙනි
ගෙන් ගෙට බුදුන් අම්මලා යයි
බුදු පියා දෙසුවේ මවු ගුණය
බුදු ඇසින් දුටු නිසා­වෙනි
දරු සෙනෙහෙ සිරුරේ හම සිදුරු කර
ඇට මිදුලු තුළට කිදා බැස ඇත
ඒ බව දන්නේ දරු­වන් ඇති‍
මවු­පි­ය­න්මය
ඔබ­ලාද මවු­පි­යන් වූ දිනෙක
දැනෙනු ඇත.

විමලා වඩුගේ


ටියු­ටරි දිය­ණිය

ඇඟට ඇඳි කෙටි ඇඳුම
ගතට වද දෙන ලෙසින්
උලා රතු සාය­මක් - දෙතොල දිලි­සෙන විලස
පැලඳ අඩි පාව­හන් - ගත දරා ගනු බැරිව
අතට ගෙන තෙල­බ­ණුව - බලා බහුරූ දසුන්

යන මඟක් දැන නොදැන
නුවර ඔබ මොබ සරන...
දිය­ණියේ ඔබ මඳක්
සිතනු මැන... මේ ගැනත්...
නුඹ දෙමා­පිය දෙදෙන
කුසට අහ­රක් නැතිව‍
දිවා රැය නිඳි නොලැබ
නුඹට විය­දම් කළේ...

මතු අනා­ගත දිනේ
දියු­ණු­වක් ලැබ ගන්න
‘නැණස’ යොද­මින් ඔබව
මඳක් විම­සි­ලි­මත්ව
අනා­ගත ජීවිතේ
සිතනු මැන දිය­ණියේ...

එච්.එච්. ආනන්ද සම­ර­සිරි

Comments