සමාජ නවෝද‍යේ ජාතික සංස්කෘතික මංගල්‍යයක් | Page 4 | සිළුමිණ

සමාජ නවෝද‍යේ ජාතික සංස්කෘතික මංගල්‍යයක්

උතුරු - දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලුත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් පවසා සිටී.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවකි.

අලූත් අවුරුද්ද කේන්ද්‍ර කොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි මේ සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලුත් කරන අතරම, මනුෂ්‍ය සමාජය තුළ ද ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කොටගෙන නිර්මාණය වී ඇත.

අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් ය.

Comments