ආගමික ස්ථානවල ඩෙංගු තවාන් | Page 4 | සිළුමිණ

ආගමික ස්ථානවල ඩෙංගු තවාන්

බස්නාහිර පළාතේ ආගමික ස්ථාන 84.5%ක්ම ඩෙංගු රෝගය බෝවීමේ අවදානමක් පවතින ස්ථාන බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විශේෂ ඩෙංගු මර්දන දෙදිනක් පසුගියදා ක්‍රියාත්මක කළ අතර එහිදී ස්ථාන 57657ක් පරීක්ෂා කර ඇත.

එම පරීක්ෂා කිරීම්වලින් මදුරු කීටයිනක් බහුලව සිටින ස්ථාන ලෙසින් ආගමික ස්ථාන 84.5%ක් ඉදිකිරීම් පරිශ්‍ර 6.2%ක් පාසල් 6% ලෙසින් හඳුනාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධව අවධානය යොමු කර ඇති අතර ඩෙංගු මදුරු කීටයින් බෝවන ලෙස පරිසරය අපවිත්‍ර කර ඇති පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.‍

 

Comments