
සිනමාවට පැමිණි අලුත්ම පෙම්වතා අනූජ් රණසිංහ
උදයකාන්ත වර්ණසුරිය අධ්‍යක්ෂවරයා පසුගියදා අපූර්ව චිත්‍රපටයක් 'වස්සානයේ සඳ' නමින් තිළිණ කළා. මේ සිනමා නිර්මාණයෙන් ශ්‍රී ලාංකේය සිනමාවට අලුත් තරු කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතර සිටින ඔහු සමඟයි අද රසඳුන තුන්වැනි පිටුවේ කතා බහ වෙන්වන්නේ. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේන් කලාවට පැමිණෙන අනූජ් රණසිංහ නම්වූ ඔහු සිනමාවේ අලුත්ම ප්‍රේමවන්තයා කිව්වොත් නිවැරැදියි.
අලුත් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර හොඳයිද?
තවම සතියයි වස්සානේ සඳ තිරගත වෙලා. කියන්න සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.
අනූජ් ගේ කීවැනි සිනමා අත්දැකීමද මේ?
දෙවැනි සිනමා නිර්මාණය. විශේෂයෙන් උදයකාන්ත වර්ණසුරිය මහත්මයාගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබීම ම ලොකු භාග්‍යක්. පුංචි කාලයේ සිටම ආසාවෙන් බලපු චිත්‍රපට අතර හිටිය හොඳ නිර්මාණකරුවෙක් තමා උදයකාන්ත වර්ණසුරිය කියන්නේ. ගොඩක් අසාවක් තිබුණා ඔහුගේ ආදර කතා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න.
සිනමා වේ මීළඟ පෙම්වතා අනුජ් වේවි නේද?
ඒක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මාගේ පළමුවැනි චිත්‍රපටය 'මේ වගේ ආදරයක්'. ඒ චිත්‍රපටයෙත් මම පෙම්වතාගේ චරිතය තමා රඟපෑවේ. ඉතින් 'වස්සානේ සඳ' ත් පෙම්වතාගේ චරිතයම රඟපාන්න ලැබුණා.
සිනමාව තුළ දී වැඩි තරගයක් තියෙන්නේ හේමාල් එක්ක ද නැත්නම් රොෂාන් එක්කද?
අලුත් ඇයගේ පැමිණීම සහ නව පරපුර පැමිණීම, නව අධ්‍යක්ෂකවරු පැමිණීම අපි හැමෝටම ඉදිරියට යන්න පුළුවන් හොඳ ගමනක්. තරුණ පරපුරේ ඉන්න අපි තුන්දෙනාම මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ආවේ. අපි මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කාලෙදිත් ලංකාව නියෝජනය කරලා යම් කිසි දෙයක් රටට ගෙනාපු පිරිසක්. මම හිතන්නේ අපි තුන්දෙනාම ගොඩක් මහන්සි වෙන, දේවල් කරන්න පුළුවන් අය. සතුටුයි අපි තුන්දෙනාටම ලංකාවේ සිනමාව වෙනුවන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වුණු එක ගැන. ඒ නිසා අපි තුන් දෙනා අතර කිසිම තරගයක් නැහැ. අපිට ඕන සිනමාව ඉදිරියට ගෙනියන්න. එතැනදී එකිනෙකාට උදව් කරනවා මිසක් තරගයක් නැහැ අපි අතර.
'වස්සානයේ සඳ' චිත්‍රපටය තුන් කොන් ආදරයක් වටා ගොඩ නැඟුනක්. මෙතැනදී නිරූපණ ක්ෂේත්‍රයේ හුරු පුරුදු චරිත කිහිපයක් මුණ ගැසෙනවා. ඒ අත්දැකීම කොහොමද?
පියුමි, ඕෂදී සහ ඇන්ජලෝ තුන්දෙනා සහ මමත් ඇතුළුව අපි හතරදෙනා නිරූපණ ක්ෂේත්‍රයේ මිට කලින් ගොඩක් වැඩ කරපු අය. එකත් එක්ක අපි හතරදෙනා ගොඩක් හොඳ යාළුවෝ. ඉතින් මම හිතන්නේ ඒ යාළු මිත්‍රකම මේ චිත්‍රපටයේ රංගනයට හැම අතින්ම ලොකු පහසුවක් වුණා. විශේෂයෙන් කියන්න ඕන පියුමි ගැන. අපි සමහර වෙලාවට දකින නැත්නම් වෙනත් කෙනෙක් දකින පියුමි නෙමෙයි සැබෑ ලෙසම අපිත් එක්ක හිටියේ. පියුමි කියන්නේ කිසිම බරපතලක් දන්නේ නැති, හරිම නිදහසේ ඉන්න කෙනෙක්. ඇත්තම කිව්වොත් මම දැකපු කුහකකමක් නැති, කිසිම ඉරිසියාවක් නැති අපේ දේවල් වලට ගොඩක් උදවු කරන කෙනෙක්. සමහර වෙලාවට අපි සමාජ ජාලා වලින් ඇය ගැන දැකලා තියෙන විදිය නෙමෙයි ඇත්තටම ඇය. මම හිතන්නේ ඇය සිය නිර්මාණයට සර්ව සාධාරණයක් ඉටු කළා කියලා. චිත්‍රපටය බැලුවට පස්සේ තේරෙයි පියුමිද මේ ඉන්නේ කියලා.
අනූජ් දිගටම සිනමාවත් එක්කම දකින්න ලැබේවිද?
සිනමාවට තමා වැඩි ඇල්මක් දක්වන්නේ. සිනමාවට වැඩිපුර සම්බන්ධ වීම තමා මාගේ අරමුණ. උදයකාන්ත මහත්මයගේ ' වස්සානේ සඳ' චිත්‍රපටය රිලීස් වෙනතුරු මම මඟ බලාගෙන හිටියේ. ඉදිරියේදීත් වැඩි කාලයක් ලබා දෙන්නේ සිනමාවට.
මීළඟ සිනමා නිර්මාණයත් නුදුරේදීම බලන්න පුළුවන් වේවිද?
බොහෝ දුරට. ඊළඟට 'අග පෙති මල්' චිත්‍රපටය තමා එන්න තියෙන්නේ. බලමු. වෙනස් විදියකින් මාව දකින්න පුළුවන් වේවි.
ඇයි ප්‍රසිද්ධියේ තමන්ගේ පෙමවතිය ගැන කතා කරන්න අකැමැති ?
එහෙම එකක් නැහැ. ගොඩක් අය ඇය ගැන දන්නවා. සමහරු දන්නේ නෑ. ඒ දේ ප්‍රසිද්ධියේ කතා කරන්න කියලා දෙයක් නෑ.
නිලුපුලි සඳකැලුම්
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල